Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

ඇරඹෙන වසන්තයේ වනගත නිවාඩුවකට.. අපූරු නවාතැන් 5ක්

ජනවාරි අන්තිම.. මාසයක විතර අනෝරා වැහි…

Posted by

ජනවාරි අන්තිම..

මාසයක විතර අනෝරා වැහි වලින් පස්සෙ මුලු වටපිටාවම කොළ පාටට දිස්න දෙද්දි,

අපේ පුංචි දූපතට වසන්තය එළ‌‌ඹෙන කාලයයිනෙ මේ..

ඉතින්.. පහුගිය අවුරුද්දෙත් මගඇරුනු ඒ වසන්තයෙ සුන්දරත්වය විඳින්න, මේ අවුරුද්දෙ.. දැන් දැන්මවත් සූදානමක් වුනොත් නරකද?

1. Mahagedara Wellness Retreat, Sigiriya (0779002206)

සීගිරි පහළවැව මහ කැළේ.. සිමෙන්ති, මැටි, ලී හරි හරියට එකතු වෙලා නිර්මාණය වුනු මේ අපූරු නවාතැන ගහකොළ, සතා සීපා සුන්දරත්වයෙන් විතරක් නෙවෙයි යාළු.. සුවපහසුව අතිනුත්, වටපිටාවෙ කරන්න තියෙන දේවල් අතිනුත් උපරිමයි. අනික මෙතන ලස්සන පොඩි පූල් එකක් එහෙමත් තියෙනවනෙ. හතර වටින්ම රෑස්ස ගස්, වැල්, බඩවැටි පිරිලා. ඒ නිසාම මහ දවල්ටත් අමුතුම සිසිලසක් නවාතැන් පෙලේම. කොහොමද ඒ ඔක්කොමත් අතරට මෙයාලගෙ ගමේ රහට හැදෙන කෑම බීම ටිකත් රස නහර පිනවන පදමට සෙට් වුනාම. ආයෙ දෙන්නෙක්ට දවසකට රු. 8000ක් කියන්නේ..

2. Talalla Retreat, Matara (0412259171)

මාතර-දික්වැල්ල අතර තලල්ල පුංචි බොක්කට මුහුණලා.. මැටි පෙනුමට නිමවුනු, පොල්අතු හෙවිලි වුනු තවත් සුන්දර නවාතැනක්. ඇත්තටම මේක කැළයක නම් නෙවෙයි පිහිටලා තියෙන්නෙ. හැබැයි කොළම කොළ පාට විහිදුණු පොල් රුප්පාවක. ඉතින්.. හැන්දෑවට වගේම උදේ පාන්දරටත්.. ක්ෂිතිජ මායිමේ, ඉර දාන සෙල්ලම් ටික, පාට පාටට මවන වළාකුල් රටා ටික.. හිතන්නකො ඒ එක්කම දවල්ට සීතල බීර වීදුරුවක් එක්ක පූල් එකේ බැහැලා ඉඳලා හැන්දෑවට වැල්ල කිට්ටුවෙන් ලන්තෑරුම් එළි රෑ කෑමකට වාඩි වෙද්දි?

ලොකු ගාණක් නෑ යාළු, දෙන්නෙක්ටම රු. 12000ක් වගේ.

3. Monara Arana Farm Resort, Anuradhapura (0711280667)

අනුරාධපුර, අරිප්පු පාරෙ.. අටමස්ථාන මහකැළේ පිටිපස්සෙ සුන්දර වෙල්යායකට මායිම් වෙන්න, කෙසෙල්, ගස්ලබු වගේ පළතුරු වගාවක් මැදිවෙන්න, පුංචි පොල්, තැඹිලි රුප්පාවක ඉදිවුනු සුපිරිම කොටේජ ටිකක්. ඇත්තටම මෙතන නවාතැන් ගන්න අතරට වටපිටාවෙ කරක් ගහල ගන්න අත්දැකීම් ටික තමයි ඔක්කොටම වඩා වටින්නෙ. ඊටත් ඒ මහන්සිය නිවෙන්න හැන්දෑවට ඇලක, වැවක බැහැලා නාලා.. අඳුර වැටීගෙන එද්දි ලෑස්තිවෙන ගිණිමැලය වටේට එකතුවෙලා.. පොඩි පොඩියට මොනවහරි කරනව නම් එහෙමයි, නැත්නම් ඉතින් ගමේ රහට හැදෙන පංකාදු රෑ කෑම ටික තමයි!

ඒ ඔක්කොටම.. දෙන්නෙක්ට රු. 2500යි හොඳද.

4. Karpaha Sands, Kalkudah (0703662018)

කල්කුඩා කොරල් වනයට පේන නොපෙනෙන දුරින්..

සුදුම සුදු වැල්ලෙ, කටු පඳුරු පිරුනු ගොන්නෙ, තැනින් තැන පිහිටපු ලස්සන.. සුපිරි සුවපහසු කොටේජ ටික. ලීයෙන් නිමවපු ඉන්ටීරියර් එකේ ලස්සන කියන්නේ.. ඒක අත්විඳින්න හැබැයි හැන්දෑ අඳුරත් එක්ක ලයිට් ටික වැටෙන්නම ඔ්න. ඒ විතරක් නම් බැරියැ සිමෙන්ති, කළුගලින් නිමවුනු එළිමහන, ලොකු පූල් එක? ඔක්කොමත් හරි තල් කැළේ මැදින් ඈතට පේන නිල්පාට මුහුදු තීරය..

ආයෙ කෑම බීම, සේවාව ගැන නම් කතා කරන්න දෙයක් නෑ කෙලින්ම තරු පන්තියෙන්ම. ඒත් ගාණ දෙන්නෙක්ටම රු. 17000ක් වගේ.

5. The Other Corner, Habarana (0117399500)

හබරණ, රිටිගල පාරට හැරෙනවත් එක්කම..

ටිකක් දුරින් හබරණ වැව් ඉහත්තාව, නවාතැන මැදින් ගලාගෙන යන පුංචි ඔයපාර. ඔය පාරට මැදිවුනු කැළෑරොදේ ඉදිවුනු, ලී කොටේජ.. මැටි, ලී එකතුවෙන් නිමවුනු අපූරු කබානා, රූස්ස ගහක මැද්දට වෙන්න හදාපු උඩපැල්.. ෂැහ් කියලා වැඩක් නෑ යාළු නොම්මර එකේ වනගත නිවාඩුවකට කියාපුම. ඒකත් නිකම් නෙවෙයි, සුපිරි සුවපහසුවට හොඳද. මොකද ඒ හැම නවාතැනකම ඉන්ටීරියර් එක ලක්ෂරි ලෙවල් එකටම හදල තියෙනවනෙ. අනික.. කෑම බීමත් ටොප් ගමේ රහට තියෙනවලු. ඔක්කොමත් හරි වියදමක් නැතුව රෑ ජාමෙට අලි බලන්නත් පුලුවන්. ඒ නිසාම ඉතින්.. රු. 12000ට දෙන්නෙක්ට කියන්නෙ.

Leave a comment