Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF 200 Offer sidebar banner Artwork for PMF essentials sbb 2

හොඳම වැව් මාළු රසම විදියට! කොළඹ අවටින් ගන්න කියාපු තැන් 5ක්

ගොඩ දෙනෙක් ආස, ඒත් ආස වෙලාවට හොයාගන්න…

Posted by

ගොඩ දෙනෙක් ආස, ඒත් ආස වෙලාවට හොයාගන්න අමාරු, වැව් මාළු!

උයල විතරක් නෙවෙයි යාළු.. බැදලා, ඩෙවිල් දාලා..

ඕන විදියකට ගන්න, ඔන්න පහලින් තියෙනව අපි හොයාගත්තු තැන් 5ක්ම.

හැබැයි යන්න කලින් නම් අනිවා කෝල් එකක් දීලා යන්න, හොඳේ.

1. Bamboo Lounge

වැව් මාළු, කොහොමද ග්‍රිල් කරල නැත්නම් ඩෙවිල් කරල රස බලන්න සෙට්වුනොත්. ම්.. බඩ කට පිරෙන්න කන එක කෙසේ වෙතත්, බයිට් එකකට වගේ නම්..

අනිවා සෙට්වෙයි නේ.

අන්න ඒ නිසාමයි, මෙයාලා මෙතන ඒ විදියටම වැව් මාළු හදන්නෙ. මොකද මේක බොන ප්ලේස් එකක්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන, මේක බොන ප්ලේස් එකක් කිව්වට එසේ මෙසේ බොන ප්ලේස් එකකුත් නෙවෙයි. වැවක් අද්දර තියෙන, හරිම ලස්සන, ඊටත් ඔයාගෙ බෝතලේ ඔයාටම අරගෙන යන්න තියෙන සුපිරිම ප්ලේස් එකක් හොඳද.

2. Pela

‘දෙල්කඳ පැළ’ කිව්වාම ඔය නුගේගොඩ හතර මායිම්මේම, දවල් කෑමට රජ්ජුරුවො වගේ තමයි. මොකද මෙයාලගෙ කෑම මෙනුවෙ නැති දෙයක් නැති තරම්නෙ. අනික තියෙන හැම දෙයක්ම හැම තිස්සෙම තියෙනවත් එක්ක, ගොඩක් දුරට.

ඒත්.. අවාසනාවට වගේ මෙයාලගෙ වැව් මාළු කරිය නම් හරිම කලාතුරකින් තමයි කරලියට එන්නෙ. ඒකත් දැන් දැන් සෑහෙන්නම අඩු වෙලා. හායි හූයි ගෑවෙන ගානට මිරිස් එක්ක, තුනපහ අඩුම කුඩුම එකතු කරල, මාළුවගෙ තෙලත් ලාවට හොද්දට අල්ලන්න හින්දල ටොප් එකටම හැදෙන කරිය.

සත්තයි පාඩු නෑ යාළු ඉල්ලල ගත්තත්.

3. Yarl Hotel

වැල්ලවත්තෙ ස්ටේෂන් රෝඩ් එකේ ඇතුලට වෙන්න තියෙන සයිවර් ටයිප් එකේ බත් කඩයක්. මෙයාලගෙ තියෙනවා.. බැදපු වැව් මාළු, හැබැයි පොඩි පොඩි කූරින්ගෙන්. ඒ නිසාම ඒක හරියන්නෙත් ඇත්තටම, එයාලගෙ කෙහෙල් කොලේ මේසෙට එන මස් කරියයි, එළවළු 3, 4යි පදමට ගැලපුනු උණු උණු බතේ..

කටගැස්මටම තමයි.

4. Nelum Kole

බොරලැස්ගමුව ‘නෙළුම් කොළේ’ කිව්වාම කවුරු කවුරුත් හොඳ හැටි දන්නව. ඒ නිසාම වෙන්න ඕන මෙයාලත් දවල් කෑමට මස් මාළු, කරවල ටික වගේම විශේෂයෙන්ම, හැබැයි ටිකක් කාලාතුරකින් රසම රස වැව් මාලු කරියකුත් හදන්නෙ.

මිරිසට හොඳට, තුනපහටික අඩු නොවෙන්න, හොද්දත් හොඳට තියෙන්න.. ඒ විතරක් නෙවෙයි, උණු උණු රතු බතකට වගේ, ටොප් එකටම ගැලපෙන්න..

කියාපුම මාළු කරිය හොඳේ.

5. Gammanaya

කොට්ටාව හයිවේ එන්ට්‍රන්ස් ලඟම. තිබ්බට මොකද වැව් මාළු කනව නම් දවල් කෑමකටම යන්න ඕන. හැබැයි ඉතින් ගියා වගේ නෙවෙයි, වැව් මාළු කරිය තියෙනවා, බැදපු එක තියෙනවා.. 

වැඩේ කියන්නෙ ඊටත් වැඩිය, දිග පෝලිමක් තියෙනවනෙ. ඉතින්.. කොහොම හරි ඒකෙ ඉඳල වැව් මාළු ගන්නවම නම්.. මතක ඇතුව එයාලගෙ කිරි කොස් එකෙනුත් ටිකක් බෙදාගන්න රතු බතට.

මොකද ඒක තමයි නැගලම යන්නෙ. 

ආහ්.. ඒ අතරටම බැදපු මිරිස් කරලක් එහෙමත් ගලප ගත්තොත්..

හිතාගන්න බැරිවෙයි පුතේ කන කෑමක්, හ්ම්...

Leave a comment