මොකද කියන්නෙ?
කාලෙකට පස්සෙ දාමුද උණු උණු පෝරණු පාන් ගෙඩියක් එක්ක පෝර්ක් පාරක්. හැබැයි කටට සැරට කරිය නෙවෙයි..
කිරට, ගම්මිරිස් සැරට ස්ටු එක!
එදාමෙදා තුර කාපු සුපිරිම පෝර්ක් ස්ටු එක කිව්වොත් හරියටම හරි. ආයෙ.. මේං කියල අඩුවක් නෑ යාළු, තෙල් කෑලි 3, 4ක් හැරුනාම කරිය පිරෙන්නම තඩි මස් කෑලි. ඒවත් අමුමිරිස්, ගම්මිරිස්, කිරි රසින් නූලට පදම් වෙලා. ඊට පස්සෙ මාළු මිරිස්, කැරට්, අල එහෙමත් මදි නොකියන්න දාලා..
පංකාදුයි ඉතින් ආ.. අනික හොද්දත් තරමක් හින්දල නිසා.. පාන් කන්නම කියාපු!
රු. 700යි.
මෙයාලගෙ ස්ටුවෙ හොද්ද ඒ හැටි ඝන නෑ. හැබැයි රස හොඳයි. මං හිතන්නෙ කිරි ටිකක් අඩුවෙන් දාලා හින්දනව වෙන්න ඔ්න. කොහොම වුනත් මේ කරියෙත් තෙල් කෑලි නම් අඩුයි. ම්.. 4, 5ක් වගේ. මස් කෑලි තියෙනව 10කට එහා පැත්තෙ. මිරිස්, ගම්මිරිස්, ලුණු පදමටම දාලා මේකටත්.. මාළු මිරිස්, අල ටිකකුත් මදිපාඩු පිරෙන්න එකතු කරල නිසා.. රස ගැනත් තව මොන කතාද, නේහ්?
රු. 700
කොළඹින් පොඩ්ඩක් පිට.. බැලුම්මහර, මුදුන්ගොඩ හරියෙ. ප්රධාන පාර අයිනෙ තියෙන මේ රෙස්ටුරන්ට් එකේ පෝර්ක් ස්ටු එක..! මට හිතාගන්න බැරි ඒ ගාණට, එච්චර රසට කොහොම දෙනවද කියල. රු. 500යි යාළු පෝෂන් එක. තෙල් කෑලිත් උපරිම 3, 4ක් තියෙයි. ඉතිරි සියල්ලම මස්. ඒවත් එසේ මෙසේ නෙවෙයි, හොඳහැටි මිරිස්, ගම්මිරිස් රසින් අනූන වෙන්න.. මාලු මිරිස්, කැරට්, අල එහෙමත් පදමටම එකතු වෙන්න..
ඔක්කොමත් හරි තරමක් ඝන හොද්දෙ සුවඳයි, රසයි.. උණු උණු පාන් ගෙඩියකට නම්..
තලාහේන හාවි එකේ විතරයි. රු. 900ක් වුනාට ඒ පෝර්ක් ස්ටු එක.. පැහැදිලිවම දෙන්නෙක්ට පාන් ගෙඩි 2ක් වාශ්ප කරන්න හොඳටම ඇති. අනික පෝර්ක් කෑලිත් 10, 12කට එහා පැත්තෙ පිඟානෙනෙ. තෙල් කෑලි කියලත් නැතිම තරම්. හොඳ සැරට තියෙන්න මිරිස්, ගම්මිරිස් එහෙමත් දාලා. අනික අඩුවක් නැතුව කැරට්, මාලු මිරිස්, අල මදිපාඩුත්..
බොරු නම් කාලා බලන්නකො වෙලාවක, ආ..
හොද්ද නැතුව මේසෙට එන, දන්න කියන හොඳම පෝර්ක් ස්ටු එක. තියෙන්නෙ කොට්ටාව පැනරෝමා එකේ. රු. 900ක් විතර වෙනව. හැබැයි පාඩු නෑ.. මස් කෑලි 10කට එහා පැත්තෙ, තෙල් කෑලි ඔ්න නම් 2, 3ක් තියෙයි. ඊටත් ගම්මිරිස්.. ෂැහ්! සැර කියන්නේ.. හායි හූයි ගෑවෙන ගානට. ලොකුවට එළවළු නම් දාලා නෑ මේකට. ඒත්.. කැරට්, මාළු මිරිස් ටික ඇති වෙන්න දාලා. විතරයි. ඉතින්.. පාන් කන්න, කියාපුම අප්පා..!
The 2021 edition of buffets in Colombo.
Sepala Ekanayake is the one and only Sri Lankan to hijack an aircraft.
Day outing packages available in and around Colombo.
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Where, how, and why to find love in the paradise island.
Delete Comment