ඇත්තටම මේක ටිකක් වෙනස් වැඩක්. හිතල බලල කරපුවමත් නෙවෙයි. ඔය අහම්බෙන් අහම්බෙන් ට්‍රයි කරන්න ගිහිල්ලා හරියටම වගේ සෙට්වෙච්ච ඒවා..
කෝකටත් ඔයාලත් කරලා බලන්නකො ගෙදරදී..
සත්තයි, මාරම රසයි ආ..!
මේකට පිටි අනද්දි විශේෂයෙන්ම මතක තියාගන්න යීස්ට් පොඩ්ඩක් දාලා පිටි මෝලිය හොඳට පිපෙන්න අරින්න. ඊට පස්සෙ අරගෙන තුනී කරලා රොටි පුච්ච ගන්න පුලුවන්. හැබැයි එහෙම පුච්චද්දි රොටිය ටිකක් පිපෙනවා..
අන්න ඒ පිපෙන රොටිය බාලා කරලා නිවීගෙන එනකොට” තට්ටු 3කට පලන්න. පලලා එක තට්ටුවකට සලාදකොළ, තක්කාලි, ඔලිව්, ලූණු, අමුමිරිස් හීනියට ලියලා දාලා, ඒ උඩින් ලුණු ගම්මිරිසුත් දාලා තියන්න චීස් පෙත්තක්. තියලා.. අනික් තට්ටුවට යටටම චීස් පෙත්තක් තියලා ඒ උඩට දාන්න රෝස්ට් කරගත්තු ඔ්න මසක්. සොසේජස් වගේ වුනත් කමක් නෑ හැබැයි හීනියට ඉරලා. දාලා.. ටෝස්ටර් එකේ කර කරලා ගන්නයි තියෙන්නෙ.
මේකටත් ඒ රොටියම හදන්න. හැබැයි 3ට පලන්න එපා. මේකෙදි කරන්න තියෙන්නෙ රොටිය වටෙන් අඟල් බාගයක වගේ ඉඩක් තියලා එතනින් මැද ටික.. පතුල පේන්න හාරපු ලිඳක වගේ කපලා ගන්න එක. අරගෙන.. රොටිය තියන්න බටර් ටිකක් එහෙම ගාලා රත් කරපු පෑන් එකක. තියලා ඉස්සෙල්ලාම කඩලා දාන්න අර මැද වළට බිත්තරයක්. දාලා ලුණු ගම්මිරිස් ටිකකුත් දාලා.. ඒ අනික් පැත්තටම හීනියට ලියාගත්ත බේකන් ටිකකුත් දාන්න. දාලා බිත්තරේ සෙට්වීගෙන එද්දි, උඩින් චිස් පෙත්තක් දෙකක් තියලා රොටි පියන වගේ එක ඒ උඩින් තියලා තද කරලා.. විනාඩියෙන් දෙකෙන් බාන්න.. හැබැයි කන්න කලින් මතක් කරගන්න සෝස් එකකුත් ලඟට ගන්න..
මේක නම් අහම්බෙන්ම කරපු වැඩක්. උදේ හදල ඉතුරු වෙලා තිබ්බ රොටි ටිකක් පොඩි පොඩි කෑලි වලට කපලා අරගෙන.. දැම්මා ඇතිලියකට. දාලා දියකිරි ටිකක් තිබ්බා ඒකත් දාලා, ඒකටම රම්පෙ කරපිංචා, ලූණු සුදුලූණු, අමුමිරිස්, ගොරකා එහෙමත් දාලා තිබ්බා ලිපේ. තියලා.. දියකිරි හිඳිගෙන එද්දි දැම්මා හොඳහැටි ගම්මිරිස් ඒකට. දාලා මිටිකිරෙන් නටවලා ගත්තෙ යාළු.. නියමයි කියන්නකො. රතු බතකට එහෙම ටොප්, ආයෙ ලූණු සම්බලයක් එහෙමත් තිබ්බා නම්.
මේකත් ඒ වගේම තමයි. හැබැයි ගෙදරදි නම් නෙවෙයි. පොඩි ටුවර් එකක් ගියපු වෙලාවක. රොටි තොගයක් ඉතුරුවෙලා තිබ්බා.. හැබැයි අඩියක් ගහන්න බයිට් එකක් නෑ. ආයෙ ඉතින් දන්නවනෙ.. කැඩුවා රොටි ටික පොඩි පොඩි කෑලි වලට. කඩලා දැම්මා මාගරින් ටිකක් රත් කරලා තෙලට පොඩ්ඩක් බැදෙන්න. ඒ බැදෙන අතරට.. ඒකටම දැම්මා කරපිංචා, සුදුලූණු, ලූණු, කොච්චි, වේලපු මිරිස්... කැරට්, ලීක්ස්, මාලු මිරිස් ටිකක් තිබ්බා ඒ ටිකත් හීනියට ලියලා දාලා.. අන්තිමටම බිත්තර දෙකකුත් දාලා කැරලි වෙන්න කලවම් කරලා ගත්තෙ ඔය. ෂැහ්, ටොප් ආ යාළු. සෝස් ටිකකුත් එකතු වුනාම සුපිරි බයිට් එක.
මේක නම් හිතලම හදපු එකක්. මුලින්ම රොටිය හදනව තුනීවටම. හදලා ඒක දෙකට පලලා, දෙකට කපනවා. දැන් කෑලි හතරයි. ඒ කෑලි හතරෙන් 2ක් අරගෙන, පේලියට තියන්න ඔ්න හැබැයි පොඩ්ඩක් එක උඩ එක යන්න. තියලා.. අතුරන්න ඩාර්ක් කුකින්ග් චොක්ලට් හීනියට ලියපුවා තට්ටුවක්. ඊට පස්සපස්සෙ හීනියට කපපු මාර්ෂ්මෙලෝස්. ඊට පස්සෙ මිල්ක් චොකලට්. උඩින්ම කජු. අතුරලා අනිත් කෑලි දෙකත් උඩින් තියලා හෙමිහිට රෝල් කරන්න. රෝල් කරලා ඇලුමිනියම් කොලයක ඔතලා බේක් කරගන්න සෙල්සියස් 150-200 විතර විනාඩි 10ක්. අන්තිමටම බේක් එක නිවුනට පස්සෙ ෆ්‍රිජ් එකේ දාන්න. දාලා ටිකකින් කෑමට ගන්නයි තියෙන්නෙ..
The 2021 edition of buffets in Colombo.
Sepala Ekanayake is the one and only Sri Lankan to hijack an aircraft.
Day outing packages available in and around Colombo.
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Where, how, and why to find love in the paradise island.
Delete Comment