Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

රු. 3000ට අඩුවෙන් ‘ඩවුන් සවුත්’ නිවාඩුව ගතකරන්න අපූරු නවාතැන් 6ක්

ගම්පහ, කොළඹ ඉවරයි.. දැන් කළුතරටත් පත්තුවේගෙන එන්නෙ. ඊට…

Posted by

ගම්පහ, කොළඹ ඉවරයි..

දැන් කළුතරටත් පත්තුවේගෙන එන්නෙ.

ඊට කලින් දකුණට පැනගත්තොත් තමයි. හැරත් ඩවුන් සවුත් සීසන් එක කටේ තියල අප්පා..

යාළු අපරාදෙ වෙන්න නම් දෙන්න එපා හොඳද!

1. Modern Clay House Villa

කොග්ගල වැව් ඉස්මත්තේ..

මැටි පෙනුම එන්න නිමවපු අපූරු නවාතැනක්. වටපිටාවත් ගස් කොලන් වලින් වගේම කඩොලානෙනුත් වටවෙලා. ඉතින් හැන්දෑවට වගේම උදේටත් හරිම ලස්සනයි. ඒ වගේම තමයි කටට රහට සීෆුඩ් ටිකක් එහෙම කන්න, වැවේ රවුමක් යන්න, හැන්දැවෙලා ලන්තෑරුම් එළියෙ පොඩි අඩියක් ගහන්න.. කියාපුම ප්ලේස් එක. ම්.. ගණනුත් දෙන්නෙක්ට රු. 5000න් වගේනෙ.

2. Chami's Place

හික්කඩුව රීෆ් එක පේන මායිමේ.. ලී වලින් නිමවපු ලස්සන, පුංචි කබානා ටිකක්. ප්‍රධාන පහසුකම් ඔක්කොම වගේ තියෙනවා. විශේෂයෙන්ම සර්ෆ් කරන්න, ස්නෝකෙලින් කරන්න යන අයට නම් නියමයි. පොඩි ඉඩේ වුනාට ගස් කොලන් පිරෙන්න.. වට පිටාව ලස්සන ලී රටා, ගල් එකතු කරලා හදපු රටා වලින් පිරෙන්න.. ඇත්තටම හිත නිවෙන්න නිවාඩුව ගතකරන්න කියාපු තැනක්. ගාණත් දෙන්නෙක්ට රු. 3500න් වගේ යන්නෙ.

3. Palm Paradise Cabanas & Villas Beach Resort

තංගල්ල, ගොයම්බොක්ක බීච් එකට මුහුණලා තියෙන ලොකු පොල්වත්තෙ.. අතරින් පතර, බීච් විව් එක තියෙන්න, ලක්ෂරි සැපපහසුකම් සියල්ල සපිරුණු අපූරු ලී කබානා ටිකක්. මෙතන ගතකරන නිවාඩුවත් ගොඩක්ම නිදහස් එකක් වේවි. මොකද වටපිටාව මුලුමනින්ම සද්ද බද්ද නැති එකක්නෙ. එහෙම නැත්නම් ඔයාට සර්ෆ් කරන්න, ඩයිව් කරන්න වුනත් යන්න බැරි කමක් නෑ හොඳද.

කොහොම වුනත් මෙයාලගෙ ගාණ.. දෙන්නෙක්ට රු. 6500 වගේ!

4. Gems Garden Guest House

තංගල්ල, මාරකොල්ලිය බීච් එකට මුහුණලා තියෙන මේ ලී කබානා එකත් පුංචි නිවාඩුවක් ගතකරන්න කියාපුම. විශේෂයෙන්ම මෙතන හරිම නිදහස් තැනක්. පුංචි ගස් ටිකකින් වටවෙච්ච බීච් ප්ලේස් එකක්. සුවපහසුකම් අතිනුත් හැමදේම වගේ තියෙනවා. ඔක්කොමත් හරි හැන්දෑවට මේ වටපිටාවයි, ක්ෂිතිජයයි.. කියල වැඩක් නෑ යාළු ගිණිමැලයක් ගහගෙන සිංදුවක් කියන්න නම්..

ගාණ දෙන්නෙක්ට රු. 2000න් වගේ.

5. Sea View Tree Lodge

හිරිකැටිය බීච් එකේ තියෙන නොම්මර එකේ..

මැටි කබානා ටිකයි, ලී ට්‍රී හවුස් එකයි. සර්ෆින්ග් නිවාඩුවක් ගත කරන්න ආයෙ මේ වගේ ප්ලේස් එකක් නම් මේ ගාණට දකුණු පැත්තෙම නැති පාටයි. සුවපහසුකම් වගේම යාළු ටොප් ඉන්ටීරියර් එකකුත් තියෙන්න නිමවලා තියෙන්නෙ. ඊටත් හැන්දෑවට බාබකියු, ගිණිමැල පාර්ටි අනිවා..

හැපනින්ග් නැතත්, මං කියන්නෙ නිදහසේ ඉන්න වුනත්.. බීච් එකක් ලඟ ට්‍රී හවුස් එකක්!

දෙන්නෙක්ට රු. 4000න් වගේ.

6. Shiva's Beach Cabanas

මේකත් මාරකොල්ලිය බීච් එකේ..

පොල්ගස් අතර ඉඩේ ඉදිවුනු සුපිරි සුවපහසු ලී කබානා ටිකක්. නොම්මර එකේ ඉන්ටීරියර් එකයි, විව් එකයි එක්ක.. මෙතන ගතිය තියෙන්නෙ උදේටයි, හැන්දෑවටයි තමයි. ම්.. විශේෂ අවස්ථාවක් වගේ නම් මෙයාලට කියලා රෑ කෑම ලන්තෑරුම් එළියෙ එහෙම වුනත් ඇරේන්ජ් කරගන්න පුලුවන්. නැත්නම්.. ගිණිමැල, බාබකියු සෙෂන් එකක් වුනත් අවුලක් නෑ.

මෙයාලගෙ නම් ගාණ යන්නෙ දෙන්නෙක්ට රු. 6000න් වගේ.

Leave a comment