Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

සොබාදහමට තුරුලුවෙලා.. වීක්එන්ඩ් නිවාඩුව ගතකරන්න! අපූරු වනගත නවාතැන් 6ක්

කාලෙකට පස්සෙ ඔන්න.. අපි කල්පනා කලා, ඔයාලට…

Posted by

කාලෙකට පස්සෙ ඔන්න..

අපි කල්පනා කලා, ඔයාලට ආයෙත්.. වනගතව හුදකලාවුනු සුන්දර නවාතැන් ටිකක් කියන්න.

එතකොට.. මේ මාසෙත් අන්තිම සතියෙ එන එලෝන්ග් වීක්එන්ඩ් එකට, ඔයාලට දැන්ම ප්ලෑනක් ගහන්න පුලුවන්නේ..!

1. Doola River Edge (Udawalawa - 0767600778)

උඩවලව-තණමල්විල පාරෙ හරියටම වලවේ ගඟ එළිබහින සොරොව් කට මායිමේ..

ඝන කැළේට වෙන්න තියෙන්නෙ යාළු. අලි වගේම වල්ඌරො, මුවො.. සතා සීපාවා, කුරුළු කොබෙයියො පිරිලා. කොටේජ් එක තියෙන භූමි බාගය නම් ලස්සනට සුද්ද පවිත්‍ර කරලා තියෙනව. ඒත්.. මායිමෙන් පුංචි අතු ගංගාවකුත් බැහැගෙන යනවනේ. කොහොම වුනත් බැලූ බැල්මටම හෝටලේ පෙනුමට නම් හිත යනව. ගඩොල් සහ ලී පාවිච්චි කරල ලක්ෂරි විදියට නිමකරපු ඉන්ටිරියර් එකත්.. පංකාදුයි ඈ. ම්.. දන්න විදියට මෙතන ගණන් යන්නෙත් එක්කෙනෙක්ට රු. 5000ට අඩුවෙන් වගේ හොඳ කෑම වේලකුත් එක්කම!

2. Chena Huts Eco Resort (Sigiriya - 0771161734)

සීගිරිය, ඇළහැර පැත්තට වෙන්න අලි පිරිච්ච තඩි කැළයකට මුහුණලා ඉදිවුනු උඩපැල් ටික. නිදහසේ වනගත රැයක් ගතකරන්න කියාපුම යාළු. මොකද රෑට අලි බලන්න, බස්සො බලන්න වගේම දවල්ට කැළේ කොලේ හතර වටේම රවුමක් ගහන්නත් පුලුවන්නෙ. විශේෂයෙන්ම කියන්න ඔ්න, මේ පැල් ටික සම්පූර්ණයෙන්ම හදල තියෙන්නෙ ලී වලින්. හැබැයි ඉස්සරහ විව් එක හොඳහැටි පේන්න දාලා තියෙනව ලොකු වීදුරුවක්. ඉතින්.. බැලූ බැල්මටම ලක්ෂරි පෙනුමක් තමයි තියෙන්නෙ. හැරත් මෙයාලගෙ කෑම එහෙමත්.. ෆුල් ශ්‍රී ලංකන් තරු පන්තියෙන් තමා.. අනික ගණනුත් එක්කෙනෙක්ට රු. 4000න් වගේනෙ.

3. The Nature Kuruwita (0773646457)

කුරුවිට-එරත්න පාරෙ, සුදගලින් පොඩ්ඩක් ඇතුලට වෙන්න.. මැටියෙන් හදපු හරි ලස්සන, පුංචි කොටේජ් එකක්. පුංචි ඔය පාරකට මායිම් වෙන්න තමයි පිහිටල තියෙන්නෙ. ඒ වගේම, හතර වටින්ම කැළේ. ඉතින්.. කුරුළු කොබෙයියන්ගෙනුත් අඩුවක් නෑ. ඔය පාරත්.. සුපිරි පිරිසිදුවට ගලාබහින නිසා පවුලේ අය එක්ක වුනත් ගිහිල්ලා, නාලා කරල, කටට රහට ගමේ කෑම ටිකක් කාලා විනෝද වෙන්නත් පුලුවන්. ම්.. ගණන් යන්නෙත් රු. 3000න් වගේ.

4. Thejan Beach Cabanas (Induruwa - 0342272880)

ගාලු පාරෙ, බෙන්තොට බීච් එකේ පොල්ගස් යායක. ලී වලින් නිමවලා, පොල් අතු හෙවිලි කරපු ලක්ෂරි කොටේජ් ටිකක්. එක්කෙනෙක්ට රු. 4000ක් වගේ වෙන්නෙ. රස වෑහෙන සීෆුඩ් කෑම වේලක් කාලා, හැන්දෑවට වෙරළ කොනට වෙලා පුංචි ගිණිමැළ, බාබකියු පාර්ටියක් දාන්න.. එහෙම නැත්නම් ලන්තෑරම් එළියෙන්, සැර වීදුරුවක් තොලගාන්න..

විතරක් නෙවෙයි, සුපිරි සුවපහසු නින්නදක් දාන්නත්.. ආයෙ!

5. Gaja Sigiriya (0766456767)

අපිටම හරියන ප්ලේස් එකක්. රැයකට එක්කෙනෙක්ට රු. 1500ක් වගේ. කෙලින්ම ආයෙ කැළෑ ලී වලින් බිම්පැල් ටික අටවල, පොල් අතු හෙවිලි කරල, මැද්දට වෙන්න ලී, ලෑලි වලින්ම සෙට් වෙන්න ප්ලේස් එකකුත් ගලපල, පංකාදුයි ඈ.. හැබැයි එහෙමයි කියල ඉන්ටියර් එක එහෙම හදල නෑ.. ඒක ෆුල් ලක්ෂරි. කොටින්ම කියතොත් මැටි බිත්ති පවා ලස්සන, ලාංකීය සංස්කෘතිකාංග වලින් සරසල.. ඇතුලට ගියාම එන්න හිතෙන්නෙ නැති ගාණටම.

වැඩේ තියෙන්නෙ ඒක නෙවෙයිනෙ, පැල්කොට ටික ඉස්සරහට හැන්දෑවට හැන්දෑවට.. අලි එන එකනෙ!

6. Bedda Eco Cottages (Deniyaya - 0710658585)

දෙනියාය.. සිංහරාජ මායිමේ, නිල්වලා ගං ඉවුරට වෙන්න පිහිටපු ලක්ෂරි ඉකෝ කොටේජ් ටිකක්. කෙලින්ම විව් එක තියෙන්නෙ ඝන කැළෙයි, සුන්දර ගඟයි. ඒ අතරට සුපිරි සුවපහසු ඉන්ටිරියර් එකයි, පංකාදු ලාංකීය කෑම වේලයි එකතු වුනාම.. ආයෙ නිවාඩුව සර්ව සම්පූර්ණයි.

ආහ්, ඒ විතරක් නෙවෙයිනෙ. මෙතන හැන්දෑවට ලෑස්තිවෙන පුංචි ගිණිමැලය, ලන්තෑරුම් එළියෙ ඩිනර් එක.. බස්සන්ගෙ, රැහැයියන්ගෙ හඬත් එක්ක..

වැඩක් නෑ ඉතින් ගිහිල්ලම තමයි ලබන්න ඔ්න ඒ අත්දැකීම. ගණන් යන්නේ.. එක්කෙනෙක්ට රු. 6000ක් වගේ.

Leave a comment