Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

ගහකොළ සුව විඳිමින්.. කටට රහට කෑම කන්න ටොප් ඉකෝ රෙස්ටුරන්ට් 6ක්

ඒසී. එකට වෙලා සුවපහසුව ඉඳගෙන බඩකට පිරෙන්න…

Posted by

ඒසී. එකට වෙලා සුවපහසුව ඉඳගෙන බඩකට පිරෙන්න කෑම කනවට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක්..

ගහක කොළක හෙවණේ හුලං පොදක් ඇඟේ දැවටි දැවටි නිදහසේ කෑම කන එක..

ඇත්තටම ඒක වෙනමම කලාවක්..!

1. Nivasa

කොළඹ 5, ඩික්මන්ස් පාරෙ ටිකක් ඇතුලට වෙන්න තියෙන පරණ වලව්වක්. ගොඩවුනාට පස්සෙ කොළඹද නුවරද කියල හිතාගන්න බැරි තරම් ලස්සනයි යාළු. ගොඩක් දේවල් ඇන්ටික් බඩු සහ ඇන්ටික් ඩිසයින් වලින් තමයි හැඩ වෙලා තියෙන්නෙ. ඒ අතරට.. ගහකොලින් පිරිල ඉතිරිලා හැඩවුනු එළිමහනත්, එළිමහන් භෝජනාගාරයත්.. මෙයාලගෙම කියල පංකාදුවට හැදෙන වෙස්ටර්න් ටයිප් එකේ කෑම ටික රස බලන්න කියාපුම!

2. Space Lounge

මේක ඇවිල්ල හයිලෙවල් පාරෙ කොට්ටාව ටවුන් එකට පොඩ්ඩක් කලින් තියෙන බිල්ඩිමක උඩ තට්ටුවක්. ඇත්තටම හිතා ගන්න බෑ එතනට ගියාම ටවුමක් අයිනෙ මේ වගේ ප්ලේස් එකක් තියෙදවත් කියල. තනි රූෆ් ටොප් එක පැලට්, ලී මේස බංකු, ඇන්ටික් බඩු ඔය ලන්තෑරුම්, පරණ වෙස්මූණු වගේ.. එතකොට විසි කරන බෝතල්වල වවපු පැළ, ලස්සන ලස්සන කන්සෙප්ට් ආර්ට් වලින් හැඩවුනු බිත්ති ටික.. ඔක්කොමත් හරි බලන්න එපැයි ඇඳිරි වැටුනාම, කහ බලබ්වල එළියත් එක්ක එන ගැම්ම.. ෂැහ්, මෙතන හැදෙන නොම්මර එකේ ශ්‍රී ලංකන් චයිනීස් කෑම ටිකත් එක්ක බීර වීදුරුවක් එහෙම තොලගාන්න නම්..!

3. The Grove

නුගේගොඩ හයිලෙවල් එකේ.. එළියට ඒ හැටි ගතියක් පේන්නෙ නැති වුනාට ඇතලට ගියාම?

තනිකරම ලොකු ගස්, පොඩි පොඩි මල්ගස් පිරුණු මිදුල, පොකුණු, තණකොල ඇතිරුනු එළිමහන් භෝජනාගාරය, ලී මේස බංකු..

ආයෙ කෝපියක් බිබී, පීසා කෑල්ලක් කකා එහෙම පොතක් කියවන්න, නැත්නම් නිදහසේ පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගන්න කොළඹට කිට්ටුවෙන් තියෙන පංකාදුම ප්ලේස් එකක් තමයි.

4. Big Daddy's BBQ

කොළඹින් චුට්ටක් එළියට වෙන්න, හෝකන්දර පැත්තෙ..

සමඟි මාවත ඇතුලෙ පාර අයිනෙම ලොකු වත්තක කොස්, පොල් වලින් පිරුණු වටපිටාවෙ යාලු.. ලී මේස බංකු දාලා, බාබකියු එකත් එළියෙම සෙට් කරලා, කන්ටේනර් පෙට්ටියක හදපු කිචන් එකේ..

මල් හතට හැදෙන බාබකියු බර්ගර්, සොසේජ් බන් නැත්නම් ක්‍රැබ් කරි එක්ක රෝස්ට් පාන් වගේ..! 

වැඩේ කියන්නෙ අර එච්චර ගතිවෙලත් ප්ලේස් එක, එතන බියර් එකක් ගහන්න බෑනෙ එළියෙ තියාගෙන..

5. Wewa Addara

නවරෝහල-වැලිපාර සෙට් වෙන පාරෙ වැව අයිනට වෙන්න තියෙන, පොල් අතු හෙවිලි කරපු, ලී, කොහුලණු වලින් නිමකරපු පොඩි පහේ කෑම කඩේ. දවල්ට සුපිරි රයිස් ඇන්ඩ් කරි බුෆේ එකක් තියෙනව, හවසට?

කොත්තු, රයිස්, ආප්ප, පරාටා ටිකක් හැදෙනවා.. උණු උණවට තලු මර මර දෙසා බෑ හැකි වැව් හුලඟටය තුරුලු වෙලාම.

6. Cafe 47

ටිකක් හයිෆයි කැෆේ එකක්. තියෙන්නෙ තලවතුගොඩ-පිටකෝට්ටෙ පාර තලවතුගොඩ හංදිය පේන මානයෙ. මේකෙ නම්.. එළිමහන් ප්ලේස් එකක් නෑ. හැබැයි ඉන්ටිරියර් එක ෆුල් එළිමහන් වගේ තමයි. මොකද තනිකරම කැළෑ ලී පොලිෂ් කරල අරගෙන හදල තියෙන්නෙ. වහළටත් ඉලුක් හෙවිලි කරල. ලී මේස පුටු දාලා, කහ බල්බ් වලින් එළිය කරල..

ඔක්කොමත් හරි මෙයාලගෙ කෑම බීම ටික, වෙස්ටර්න් වගේම ‘පෝර්ක් විත් රෝස්ට් පාන්’ වගේ අපේ කෑමත් තියෙනව හොඳේ..!

See 1 Comment