ඉස්සර නම් තිබ්බා ඉතින් රු. 100, 150 රයිස් පවා. ඒත් දැන් කොහෙද? ආර්ථිකේ සුපිරිනෙ. ඉතින් ඒ ඔක්කොම රු. 200න් වගේ යන්නෙ. ඒත් හැබැයි ඒ කොලිටියටම.. තඩි රයිස් එකක්, හිතේ හැටියට, බඩ පැළෙන්න රස බලන්න කියාපු කඩ ටිකක්..
ඔන්න තියෙනව පහළින්, බලන්නකෝ!
බොරැල්ල මරදාන පාරෙ තියෙන පුංචි බාර් එකක්. ඔය.. ඩේලි ෂොට් එකක් දාන අයට එහෙම කියාපුම තැන. ඒ නිසාමයි මෙයාලගෙ බයට්, ඩයට්වල ගණනුත් අඩු. කිව්වට විශ්වාස කරන්න යාළු.. මෙතන තියෙනව බිත්තර රයිස් එක රු. 200 ඉඳන් පෝර්ක් රයිස් එක රු. 400 වෙනකම්. ඒකත් නිකම් නෙවෙයි, දෙන්නෙක්ට බයිට් එකට ඇතිවෙන්න වගේම හොඳට සැරට, කැරට්, ලීක්ස්, චිලිපේස්ට් අඩුම කුඩුමත් මදි නොකියන්න දාලා.. බතත් සම්බාහාලෙන්, උණු උණුවෙ.. ෂැහ්, ගැඹුරු තෙලේ බැදපු මස් කෑලි තොගයක් එක්ක..!
කොස්වත්තෙ තියෙන්නෙ. හරියටම ඩිපෝව ඉස්සරහ.. හප්පේ, මෙතනට එන සෙනඟක් රයිස්ම කන්න. ඇයි ඉතින් ජාති කීයක් කියලද. රු. 200න් පටන් ගත්තාම බිත්තර රයිස් එක, පෝර්ක් රයිස් වෙනකම්ම තියෙනවා රු. 450යි. ඊටත් හොඳ සම්බාහාලෙ බතෙන්, පිඟාන පිරෙන්න.. බිත්තර, මස් මාළු සියල්ලමත් මදි නොකියන්න දාලා. සැරට ඔ්න නම් එහෙමයි, නැතුව ඔ්න නම් එහෙමයි.. වැඩිය ඔ්න නෑ, රයිස් බාස්ට කතා කරලා කිව්වා නම් රයිස් එක එන්න ඔ්න විදිය, ආයෙ ඒ විදියට ඇති පිඟාන මේසෙ උඩ ඔ්ං..
මේකත් ඇවිල්ලා සම්බා හාලෙ රයිස් එක තමා. හැබැයි තෙල්, රසකාරක එහෙම ටිකක් අඩුවෙන් දාලා වැදගත් විදියට හදපු එකක්. එහෙමයි කියල රසේ කිසි අඩුවක් නෑ. විශේෂයෙන්ම කැරට්, ලීක්ස්, බිත්තර සියල්ල හොඳහැටි දාලා.. චිකන් එකක් නම්, තඩි රෝස්ට් චිකන් පලුවකුත් හීනියට ඉරලා මික්ස් කරලා..
වැඩේ තියෙන්නෙ ඉතින් රු. 1500 ඉඳන් තිබ්බට කන්න පුලුවන් නම් එක්කෙන්කට වගේ තමයි.
පිටකෝට්ට-තලවතුගොඩ පාරෙ කිඹුලාවල හන්දියෙම.. මැටි පෙනුම තියෙන්න, පොල්අතු හෙවිලි කරලා හදපු කඩේ. ගොඩක්ම ප්‍රසිද්ධ රයිස් ඇන්ඩ් කරි වලට තමයි. හැබැයි එක පාරක් කාලා බැලුවා මෙයාලගෙ මික්ස් රයිස් එක, රු. 300යි. ෂැහ්.. ටොප් ආ.. හැබැයි, වැඩේ කියන්නෙ දවල්ට රු. 200ට එන බිත්තර රයිස් එක නෑ. ඒක ගන්න හවසට යන්න ඔ්න. 5න් පස්සෙ වගේ ගියානම්.. උණු උණු කීරි සම්බාහාලෙ බිත්තර රයිස් එක, නැත්නම් චිකන්, සීෆුඩ්, මික්ස් ඔ්න එකක්.. ඒකත් දෙන්නෙක්ට වුනත් කන්න පුලුවන් ගාණට හොඳඳ.
රු. 100 රයිස් කලාවේ පියා!
කිව්වොත් හරියටම හරි. හැබැයි මෙයාලා පටන් ගත්තෙ රු. 100නුත් නෙවෙයි, රු. 50න්. 2007-2008 කාලෙ මගෙ මතකෙ හැටියට. හරියටම ගංගාරාම හුණුපිටිය පාරෙ ටිකක් ඇතුලට වෙන්න. ඒ දවස්වල මෙයාලගෙ රු. 50 රයිස් එක කාලා ඉවර වෙලා මදි පාඩු ගන්න පුලුවන් අතේ තියෙන කීයක් හරි දීලා. රු. 10ටත් බත් හැඳි බාගයක් හරි දානවා. තෙල් නම් ටිකක් වැඩිපුර තිබ්බා තමයි. එතකොට.. චිකනුත් ඒ හැටිම නෑ.. හැබැයි එළවළු, බිත්තර, චිලිපේස්ට් අඩුම කුඩුම, නූලටම..
දැන් ඉතින් එහෙම නෑ. රයිස් එක රු. 150යි.. හැබැයි කොලිටි.
නාරාහේන්පිට පාරෙ..
ආයෙ දෙන්නෙක්ට ඇති ඒ රයිස් එක. රයිස් එක විතරක් නෙවෙයි, චිකන් කෑල්ලත් දෙන්නෙක්ට ඇති. හප්පේ.. අල්ලක් විතර තඩි ඩෙවිල් චිකන් පලුව. ඒකයි, චොප්සියි, චිලිපේස්ටුයි ඔක්කොම රු. 300යි. අනික රයිස් එකත් කීරි සම්බා හාලෙන්. එළවළු අඩුම කුඩුමත් හොඳහැටි දාලා..
ම්.. රස කාරක එහෙමත් නැතුව නෙවේ. හැබැයි ලොකු අවුලක් නෑ. මෙයාලගෙ බිත්තර රයිස් එක යන්නෙ රු. 200න්. ඒකත් ආයෙ..
එලෙසමයි ඈ..!
Pranzo has an amazing view and serves pretty good Italian and 'Sritalian' fare.
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
5 places to try this weekend.
We tasted every locally brewed and available beer. In the name of science!
Delete Comment