ට්‍රිප් එකේ අන්තිම දවසට..
කට්ටියත් එක්ක, හිතේ හැටියට රස වෑහෙන පීසා කකා බියර් බොන්න කියාපු තැන් ටිකක්,
මෙන්න!
ඇල්ල ටවුන් එකේ තියෙන පරණම, හොඳම රෙස්ටුරන්ට් එකක්. පංකාදු පහට හැදෙන ශ්‍රී ලංකන් වගේම, ඉටලියන් කෑම තොගයකුත් මෙයාලා ලඟ තියෙනව. ඒ අතරින්.. පීසා, අංක එක! විශේෂයෙන්ම කියන්න ඔ්න ඩ්‍රීම් කැෆේ පීසා.. රියල්ම ඉටැලියන් අඩුම කුඩුම දාලා තමයි හැදෙන්නෙ. ඒ නිසාම රස අතිනුත් පංකාදු පහයි. ඊටත් අඟල් 12 පීසා රු. 1200-1800 වගේ යන්නෙ. දෙන්නෙක්ට හොඳහැටියට කන්නත් පුලුවන්. ඉතින්.. එයාලගෙ ‘පීසා මිලානෝ’ වගේ රස වෑහෙන පීසා එකක් එක්ක බීර ටිකකුත් ගත්ත නම්..
ගාල්ල දෙවට හන්දියෙ..
සර්ෆ් නොකලත් කමක් නෑ පීසා එකක් කාලා, බීර වීදුරුවක් තොලගාන්න කියාපුම ප්ලේස් එක. එහෙම පිටින්ම වැල්ල අයිනට වෙන්න. හැන්දෑවට හරිම ලස්සනයි. හැරත් මෙයාලගෙ පීසා.. ඒවත් නොම්මර එකයිනෙ. රු. 1300-2000 අතරෙ යන්නෙ. අඟල් 12යි. දෙන්නෙක්ට මදි නොකියන්න කන්නත් පුලුවන්. මස්, සෝස්, චීස් අඩුපාඩු මදි නොකියන්නම දාලා හැදෙන නිසා.. හොඳම වැඩේ තමයි ශ්‍රී ලංකන් ස්ටයිල් එකක් ගන්න එක. මොකද ඒවා බීර වලට හොඳහැටි සෙට් වෙනවනෙ, සැර නිසා..
වැඩේ කියන්නෙ මේකත් ඒ කිට්ටුවමයි. හැබැයි රස සහ තියෙන ජාති ටික, ටිකක් වෙනස්. ඒ හැරුනාම.. බීච් එකත් එලෙසින්ම තියෙනව. බියර් එකක් ගහන්නත් කියාපුම ප්ලේස් එක. ගණන් යන්නෙත් රු. 1300-1800 වගේ.
වැඩක් කියන්නම්, ඔයාලා මෙතනින් ගන්නව නම්.. ගන්න පෙපරෝනි, නැත්නම් තන්දුරි චිකන් වගේ පීසා එකක්. ආයෙ බියර් එකකට ටොප්!
නුවර සරණංකර පාරෙ තියෙන අපූරු පීසා ප්ලේස් එකක්. හරි ලස්සනට එළිමහනෙ පොඩි ඩෙකරේෂන් පාරක් එහෙමත් දාලා, තියෙනව පුටු මේස දාලා. ම්.. ගණන් යන්නෙ රු. 1200-1800 වගේ. හැබැයි අඟල් 12 පීසා, මදි නොකියන්න අඩුම කුඩුමත් එක්ක හදනවා.. ආයෙ දෙන්නෙක්ට තුන් දෙනෙක්ට බීර ටිකක් එක්ක හොඳහැටියටම ගැලපෙන්න.
ආහ්.. කියන්න බැරි වුනානෙ. මෙතනට බියර් පිටින් අරගෙන යන්න වෙනවනෙ.
මිරිස්ස බීච් එක කිව්වාම ඉතින් ආයෙ වෙන ඔ්න නෑනෙ. දන්නෝ දනිති. ෆුල් හැපනින්ග් පැත්ත. ඉතින්.. ඒ වගේ පැත්තක කොහොමද බීච් රෙස්ටුරන්ට් එකකට වෙලා සැඳෑ බාගයෙ බීර මග් එකක් එක්ක.. ෆ්‍රෙෂ් ඉස්සො, දැල්ලො, මාළු පිරිච්ච රස වෑහෙන සීෆුඩ් පීසා එකක් කද්දි. එහෙම නැත්නම් ඉතින් චීස්, තක්කාලි, මස් අඩුම කුඩුම පිරිච්ච ඉටැලියන් ඒවත් තියෙනව. කොහොම වුනත් සියළු අඟල් 12 පීසා, එකම අවුල ගාණ පොඩ්ඩක් රු. 1400-2000 වගේ තමයි යන්නෙ, හ්ම්..
කොළඹින් පිට කිව්වට මේක ඇවිල්ල තියෙන්නෙ වත්තල, මීගමුව පාරෙ. ලොකු විව් අනං මනං නම් නෑ. ඒ වගේම බියරුත් නෑ. හැබැයි පංකාදු ශ්‍රී ලංකන් ස්ටයිල් වගේම, ඉටැලියන් පීසා ටිකකුත් තියෙනවා.. අඟල් 12 රු. 1400 ඉඳන් උඩට. දෙන්නෙක්ට හොඳටම ඇති ගාණයි. මොකද අඩුම කුඩුම ටික දානවනෙ මෙයාලා අත දිගඇරලා. ඉතින්.. කන්න කන්නම ආසයි ඈ..
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
පහුගිය දවස් ටිකේම.. එක එක තැන්වලින්, ඇති හැටියට ලම්ප්රයිස්…
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Countries that let you in without a fuss with your Lankan passport
A list of 15 places for your next day outing.
Delete Comment