Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

රසම කකුළු හොද්දක් එක්ක රෝස්ට් පාන්.. කන්න හොඳම කඩ 6ක්

කකුළුවො කිව්වාම ඉතින් නේ.. කවුරු කවුරුත් ආසයිනේ.. අන්න ඒ…

Posted by

කකුළුවො කිව්වාම ඉතින් නේ..

කවුරු කවුරුත් ආසයිනේ..

අන්න ඒ නිසාමයි යාලු, මේ පාර අපි කොළඹ වටේ තියෙන රසම කකුළු හොද්දක් එක්ක..

රෝස්ට් පාන්ම කන්න කියාපු තැන් ටිකක් කියන්න කල්පනා කලේ.

ඒකත් නිකම් නෙවේ.. ගාණත් අතේ හැටියට බැලන්ස් කරගන්න පුලුවන් වෙන්නම හොඳේ.

1. Cafe Albero

ඉස්සර තිබ්බෙ මාලඹේ. දැන් තියෙන්නෙ සැටෆර්ඩ් ඇවිනියු එකේ. ඇත්තටම ගාණ ටිකක් වැඩි වුනාට මොකද මෙයාලගෙ නිගම්බො ක්‍රැබ් විත් රෝස්ට් පාන් එකක් රස බැලුව කියන්නේ.. ආයෙ ආයෙ යන්න හිතෙයි. ඇත්තටම ඒක ජැෆ්නා කරි රසට ටිකක් බරයි. හැබැයි සැර අඩුයි. ඒ නිසා කාට කාට වුනත් හොඳ හැටි රස බලන්න පුලුවන්. අනික.. පෝෂන් එකත් දෙන්නෙක්ට විතර ඇති වෙන්න තියෙනවනෙ. විශේෂයෙන්ම කියන්න ඕන හොඳ හැටි රම්පෙ කරපිංච, තුනපහ ටික දාලා හදපු මේ කකුළු කරියත් එක්ක එන පොල් සම්බෝලෙ, හප්පේ ටොප් ඈ.. ගාණට ලුණු ඇඹුල් අඩුපාඩු ටික ගලපල තියෙනවා.. වැඩිය ඕන නෑ. කටක් කද්දී.. දෙවනි කටට අත යන්නෙ ඉබේටම වගේ..

2. Big Daddy’s BBQ

හෝකන්දර සමගි මාවතේ.. ටිකක් ඇතුලට යනකොට පාර අයිනේම තියෙන්නෙ. හරි අපූරු එළිමහන් ප්ලේස් එකක්. එකම අවුල තියෙන්නෙ හැන්දැ වෙද්දි මෙතන අම්බානක මදුරුවො ඉන්න එක තමයි. ඒත් ඉතින් කෑම අතින් ගත්තාම නම් පංකාදු පහයි. විශේෂයෙන්ම මෙයාලගෙ ක්‍රැබ් විත් රෝස්ට් පාන් එක. හොඳ හැටි කිරි, තුනපහ, රම්පෙ කරපිංච ටික දාලා ලාවට හින්දල අරගෙන තියෙන්නෙ. ආයෙ තීරු කපල පෑන් ෆ්‍රයි කරපු රෝස්ට් පාන් ටිකත් එක්ක, ඒක තකට තක ඉතින්. අනික බලන්න එපැයි ඒ පොල් සම්බෝලෙත්, ලුණු ඇඹුලෙන් තියා කිසි දේකින් අඩුවක් නෑ, පොඩි පොඩි උම්බලකඩ කෑලි ටිකක් හැරුනාම.

3. Banana Leaf

මේක ඔරිජිනල් එක. තියෙන්නෙ කොල්ලුපිටියෙයි, දෙහිවලයි. වැඩේ තියෙන්නෙ මෙයාලගෙ ටොප්.. ක්‍රැබ් කරියක් තිබ්බට රෝස්ට් පාන් නෑනෙ. ඉතින් කරිය ගෙදර ගෙනිහින් තමයි කන්න වෙන්නෙ. ඒත් පාඩුත් නෑ යාළු. මොකද රියල්ම ජැෆ්නා, ඉන්ඩියන් වගේ ස්ටයිල් කරියනෙ. හොද්දටත් හොඳහැටි කිරි ටික දාලා, මිරිස් එහෙමත් නූලට තියෙන්න.. අනික කකුළුවත් තරමක් ලොකුවට එහෙම හොඳේ.

4. Yaal Restaurant

හොඳ සැරට! කොටින්ම කියතොත් කොළඹ අපිටම හරියන විදියට. මිරිස් එහෙමත් ටිකක් වැඩිපුර දාලා, කිරෙන් ලාවට හින්දල. තුනපහ, රම්පෙ කරපිංච ටිකත් මදි නොකියන්න..

වැඩේ කියන්නෙ කකුළුව තමයි පොඩ්ඩක් පොඩි. 

5. New Banana Leaf

මේක තියෙන්නෙ අපේ කාට කාටත් හරියන්න. ඒ කිව්වෙ සැර කන නොකන හැමෝටම වගේ. මොකද නිව් බනානා ලීෆ් එකේ කකුළු කරියෙ ගොඩක්ම කිරිත් නෑ. සැර ගතිය පැත්තටත් ටිකක් බරයි. ඒ හැරුනාම.. තෙලුත් ලාවට අඩුයි. කොහොම වුනත්, තැන් දෙකේම කකුළුවගෙ සයිස් එක නම් එකමයි.

ආහ්.. ඒක නෙවෙයි, මෙතනත් රෝස්ට් පාන් නෑනෙ. ඉතින් මේ කරියත් ගෙදර ගෙනිහින් තමයි.

6. Taste of Asia

හප්පෝ.. රෝස්ට් පාන් නැති වුනාට මොකද. මෙයාල ලඟ තියෙනවනෙ ඒකට හරියන්න දාහක් දේවල්. ආප්ප, ඉඳි ආප්ප, රොටි, පිට්ටු.. ආයෙ යමරෙට තලු මැරුවහැකි. මොකද මෙයාලගෙ කකුළු කරියත් තරු 5ටනෙ. විශේෂයෙන්ම සැර අතින් එහෙම අනූනයි. ඒ නිසා ඒකත් එක්ක කිරි හොදි ටිකකුත් කලවම් කරල ගත්ත නම් තමයි හොඳ. ම්.. තෙල් ගතියත් ලාවට වගේ තියෙනව. හැබැයි ඒ හැටි කිරි නෑ. ඒ වගේමයි රම්පෙ කරපිංච ටිකත්.. මදි නොකියන්න දාලා තිබ්බට.. තුනපහ ටිකක් අඩුයි යාලු.

ඒත් ඉතින් රස පංකාදු පහට තියෙනවනෙ.

ඒ නිසා දෙපාරක් හිතන්න ඕන නෑ. ඔන්න ඔහෙ මේ පාර කකුළු කරියක්ම අරන් රස බලන්න, හොඳ උණු උණු පාන් ගෙඩියක් එක්ක..!

Leave a comment
Last 7 Days

Trending Today