පනීනි කියන්නෙ එක කලාවක්. සාමාන්‍ය පාන්, රස වෑහෙන මස්, චීස් බේරෙන මිශ්‍රණයක් මැදි කරල පදමට ටෝස්ට් කරල අරගෙන.. සෝස් එක්ක,
යම්..
හැබැයි.. රෝස්ට් පාන් සැන්ඩ්විච්?
ඒක වෙනමම කලාවක් යාළු. රස අතින් අනූන, කරස් කරස් ගාලා යමරෙට හැපෙන, කන කන කටට මස්, එළවළු තොග ගනන් රස වෙන…
හප්පේ.. මතක් වෙද්දිත් කටට කෙල උනන, හ්ම්..
ඒ නිසාමයි ඔන්න, ඒ වැඩේ ටොප් එකට කරගෙන යන උදවිය ගැන අපි ඔයාලට හිතුවෙත් කියන්න.
ඒනම්.. බලන්නකෝ, සමහර වෙලාවට ඔයාලත් මෙයාලා ගැන හොඳ හැටි දන්නවත් ඇතිනේ.
රසම සහ ගුණම එකක් කිව්වොත් නිවැරදියි. මොකද.. මෙයාලගෙ රෝස්ට් පාන් සැන්ඩ්විච් අතරෙ තියෙනව කුරක්කන් පාන් වෙජි, චිකන් සැන්ඩ්විච් දෙකක්. එහෙම කිව්වට ඒක හරි රසට හදපු සැලඩ් එකක් මැදි කරල තමයි හදල තියෙන්නෙ. එතකොට.. චිකන් එකේ එක එළවළු ජාතියක් අඩු කරල ඒ වෙනුවට පදමට තම්බපු චිකන් හොඳ හැටි දාලා. කිව්වට යාළු, කන කන කටට හොඳ හැටියට අහු වෙනවත් එක්කනෙ. හිතන්නකො එහෙම දාලා ලුණු ඇඹුල් ගම්මිරිස් පදමත් නූලටම තියලා.. මයොනිස් වලිනුත් රස කරල කිව්වාම?
කොහොමද?
පොල් සම්බෝල එක්ක චීස්.. රස පදමට මැදිවෙලා මේසෙට ආවොත් රෝස්ට් පාන් සැන්ඩ්විච්..
නොම්මර එකයි නේ.. රස ගැන නිකම් හිතින්ම මැවෙනව නේ.. අන්න ඒකයි කියන්නෙ යාළු. තරු පහේ, චීස්, මස්, වෙජි ඕන දෙයක් මැදිවුනු ටොප් රෝස්ට් පාන් පනිනි එකක් රස බලන්න, කියාපුම තැන මෙන්න.. කියල!
රස වෑහෙන ටූනා රෝස්ට් පාන් සැන්ඩ්විච් එකක් වගේ රස බලනව නම්..
ආයෙ කතා දෙකක් නෑ බය නැතුව ගොඩවෙන්න මෙතනට. මොකද මෙයාලගෙ සැන්ඩ්විච් එකේ කිසිම අඩුවක් නෑ වගේම, සයිස් එකත් තියෙනව දෙන්නෙක්ට ඇති වෙන්න. අනික ඒකට දාන්නෙත් මාරම ෆ්‍රෙෂ් ටූනා එකක්නෙ. ඒකත් එක්ක මෙයො, ලූණු, මිරිස්, ගම්මිරිස් අඩුම කුඩුම සියල්ලම එකතු වෙලා එද්දී.. ටොපේ ටොප් ආ.. ඊටත් පාන් එකත් ගාණටම ටෝස්ට් කරල උණු උණුවෙන් තියෙද්දි..?
වෙනස්ම රසක්..
කොහොමද අපේ රහට, හොඳ හැටි මිරිස් තුනපහ දාලා හදාපු හතු ටිකක් එක්ක, ලූණු මිරිස් මයොනිස් මදිපාඩුත් ගලපල, මදි නොකියන්න චීසුත් දාලා, තඩි රෝස්ට් පාන් බෑ දෙකක් මැද්දටම අතුරල ගත්තාම. ඒකත්, ඊට පස්සෙ පාන් බාගෙ පොඩ්ඩක් ටෝස්ට් කරල එහෙම, හොඳ රස්නෙට චීස් මෙලෙක් වෙන ගානට..
කටක් කනකොට යාළු රස නහර පිනා ගිහින් දිව පිස්සු වැටනේනෙ ඕං…
ඒ වගේම.. අපේ රහට හදාපු චිකන්..
කරි රසත් එක්ක, මස් ටික හීනියට හීනියට ඉරල, බටර්ද, මයොනිස්ද දන්නෙ නෑ පාන් පලු දෙක මැද්දට හොඳ ඝනේට ගාලා, අතුරල අරගෙන.. කියල වැඩක් නෑ යාළු උණු උණුවෙන් රස බලනකොට. අනික ඒකෙ සයිස් එකත් එක්ක, එක්ක කෑවාම ඇති එක්කෙනෙක්ට හොඳ හැටි!
රෝස් පාන් වැඩ කෝටියයි..
කිව්වොත් හරියටම හරි. මොකද.. මෙයාලා තමයි අපිත් දන්න තරමින් කොළඹ වටේම රෝස්ට් පාන් වැඩ හොඳටම දාන්නෙ. ඒ නිසාම මෙයාලා ලඟ තියෙනව ජාති 6, 7කින්ම රෝස්ට් පාන් සැන්ඩ්විච්. ඒ අතරින්.. අපි නම් වැඩියෙන්ම ආස වුනේ පොල්සම්බෝල විත් චීස් එකටයි, ස්මෝක් සැමන් විත් හර්බඩ් ක්‍රීම් එකටයි තමයි. මොකද.. පොල් සම්බෝල එක ගැන එහෙම කියන්න ඕනත් නැති තරම්නෙ. ටොප් එකට රතු මිරිස්, අමු මිරිස්, ලුණු ඇඹුල්, ගම්මිරිස් දාලා හදලා චීස් තට්ටුවක්ම තියපු පාන් පලු දෙක මැද්දට අතුරලා. ඊට පස්සේ චීස් මෙලෙක් වෙන ගානට ටෝස්ට් කරල අරගෙන කිව්වාම?
ඒක එහෙම තියෙද්දි, පංකාදු පහට රස තියෙන ස්මෝක් සැමන් පෙති 2, 3ක්.. වෙනස්ම රසක් එක්ක එන හර්බඩ් ක්‍රීම්, අතුරපු පාන් බාගෙට මැදි කරල පොඩ්ඩක් ටෝස්ට් කරල ගත්තාම කොහොමද?
කතන්දර නෑ යාලු ආයෙ. කනව නම්.. කෑ හැකි මේ..
රෝස්ට් පාන් සැන්ඩ්විච්..
ගමකට, ගමකට ඕං..
හොඳ තද කෝපි කෝප්පයකුත් එක්ක වගේ නම් තවත් මරු!
Post-lockdown high tea seshs in Colombo.
5 places to try this weekend.
Countries that let you in without a fuss with your Lankan passport
Brew 1867 By Dilmah, is a popular grab-and-go restaurant in Colombo.
A list of good restaurants in Galle.
Delete Comment