Artwork for Coke with food - top banner
Artwork for PMF essentials sbb 2

මුංඇට, කඩල, කව්පි! ගුණම දේ රසම විදියට ගෙදරදිම හදාගන්න ක්‍රම 6ක්

ලංකාව හතර වටේ ගිහින් හොයාගෙන, පොඩ්ඩක් මොඩිෆයි කරල…

Posted by

මේවා ඉතින් ඔය එහෙන් මෙහෙන් හොයාගන්න පුලුවන් ඒවා නෙවෙයි.. අපි ලඟටම එන්න ඕන. ඊටත් ලංකාව හතර වටේ ගිහින් හොයාගෙන, පොඩ්ඩක් මොඩිෆයි කරල ඔයාලට ගේන මේ රෙසිපි හරිම වටිනවත් එක්කනෙ.

වෙන දෙයක් නිසා නෙවෙයි අපේ යාළුවො ඉඳල හිටලවත් නොකන මේ ගුණ කෑම, කටට රහට බඩට යවාගන්න කියාපුම ක්‍රම නිසා.

එහෙනම් ඉතින්.. කරන්න තියෙන හොඳම දේ තමයි සතිඅන්තයෙ දවසක් හරි අල්ලලා..,

එක්කො ඔයාලා මේක හදල බලන්න. නැත්නම් බිරින්දෑට හරි, අම්මටහරි කියල හදාගෙන රස බලන්න.

ඒත්.. රස බලල අපිට කියන්න නම් අමතක කරන්න එපා හොඳේ..!

1. මුං බත්

මුං ඇට තම්බල, පොලුත් එක්ක කනකොට නිකම් දිය රහයි වගේද? කට්ට සම්බෝලයක් ලං කරගත්තත් එච්චර ගතියක් නැද්ද?

එහෙනම් මෙන්න වැඩේ. ගන්න මුංඇට ටික හෝදල කරල හොඳ හැටි වේලල. අරගෙන ගලේ අඹර ගන්න කෑලි ගොඩක් පොඩි නොවෙන්න. එහෙම නැත්නම් ග්‍රයින්ඩරෙත් අවුලක් නෑ. කොහොමහරි එහෙම කෑලි කරගත්ත මුංඇට ටික.. අම්මට කියන්නකො ‘හුණු සාල් බත්’ හදන විදියට හදල දෙන්න කියල. ඒ අතරට ඔයා හදන්න ටොප් කට්ට සම්බෝලයක්, උම්බලකඩ කෑල්ලක් එහෙමත් දාලා.

ඔය.. හුණු සාල් බත හදන්නෙ හාල් කුඩු වෙච්ච ඒවගෙන්. ඇත්තටම මෙතනදි වෙන්නෙ ඒ හාල් වෙනුවට කෑලි කරපු මුං ඇට ටික ගන්න එක. අරගෙන.. දිය කිරෙන් තම්බල අන්තිමට ගාගත්ත පොල් තොගයක් එකතු කරල, බානව කෙහෙල් කොලේට...

2. මුං ආනම

ඒ හැරුනාම මුං ඇට හදන්න පුලුවන් හොද්දක් විදියටත්. ඒකට ඕන එළවළුවක් පාවිච්චි කරන්නත් පුලුවන්. හැබැයි රස ටොප් එකටම එන්නෙ මුං ඇටයි, සෝයා, කතුරුමුරුංගා, වට්ටක්කා, එක්ක හාල්මැස්සො ටිකක් දාලා ගත්තාම. බාග වෙලාවට මේකත් එක්තරා විදියක හත්මාලුවක් වගේ තමයි. හැබැයි.. මේක ඉස්සෙල්ලම මිරිස්, තුනපහ, රම්පෙ කරපිංච ටික දාලා දියකිරනේ තම්බල අරගෙන පස්සෙ මිටිකිරෙනුත් හින්දනව ලාවට.

ඊට පස්සෙ තමයි යාළු..

ෂැහ් බතක්, පාන් ගෙඩියක් නෙවෙයි, සුප් එකක් විදියට වුනත් ටොප්ම ආ...

3. ෆ්‍රයිඩ් කව්පි

ෆ්‍රයිඩ් රයිස් නම් කඩෙන් අරගෙන කෑ හැකි. ඒත් ෆ්‍රයිඩ් කව්පි?

අන්න ඒ නිසා.. තම්බපු කව්පි ටික වතුර පෙරෙන්න තියල, කපාගන්න ලීක්ස්, කැරට්, ලූණු එක්ක අමු මිරිස්, රතු මිරිස් ටිකක් එහෙම. කපාගෙන.. බිත්තරයක් දෙකකුත් ලෑස්ති කරගෙන පටන් ගන්න තාච්චියකට තෙල් ටිකක් ලිපේ තියල. ආයෙ ඉතින් දන්නවනෙ කඩේ අයිය රයිස් දාන හැටි.

ඒ විදියටම නොවුනට අවුලක් නෑ. කොහොමහරි ඉස්සෙල්ලම බිත්තරත් එක්ක ඉඟුරු සුදුළූණූ, රම්පෙ කරපිංච ටික දාලා පොඩ්ඩ සුවඳ ගහගෙන එද්දි දාන්න මිරිස්, ලූණූ ටික. ඒ ටිකත් පදමට ගැලපීගෙන එනකොට.. කව්පි ටික දාලා පොඩ්ඩ ෆ්‍රයි වෙන්න තියලා..

අන්තිමට දැම්ම කැරට් ලීක්ස් ටික, බැලුව ලුණු පදම, බෑවා පිඟානට.

4. කව්පි කිරට

මේක ඇවිල්ල හොද්ද. වැඩිය ඕන නෑ, හරි පදමට හැදුනොත් මස් කරියක් වගේ තමයි. පෝරණු පාන් ගෙඩියකට එහෙම වගකියන්න කියාපුම.

ඇත්තටම ලොකු දෙයකුත් නෑ කරන්න. තම්බපු කව්පි ටිකට මිරිස්, බැදපු තුනපහ, මස්කරි පවුඩර්, රම්පෙ කරපිංච, ඉඟුරු සුදුළූණු ටික පදමට දාලා.. අමු මිරිස් කරලකුත් කපල දාලා.. ටිකක් අල්ලන්න තියල දිය කිරෙන් තම්බන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ දිය කිර හිදීගෙන එනකොට මිටිකිරි ටික දැම්ම, හොද්දෙ උකු ගතිය බැලුව, බෑවා..

කියනවට බලන්නකො හදල, කොහොමද රස, සුවද එහෙම කියල.

5. කඩල කොත්තු

මේ.. මේකෙයි අර කව්පි ෆ්‍රයිඩ් රයිස් එකෙයි ලොකු වෙනසක් නෑ ඇත්තටම. එකම දේ තමයි කඩල ටික පොඩ්ඩක් අතින් පොඩි කරල වගේ කොත්තුවට එකතු කරන එක. ඒකයි ඊට පස්සෙ බිත්තර දාන්න ඕන අඩුම 2ක්වත්.. අනිත් එක කව්පි වලට වඩා වෙලාවක් ෆ්‍රයි වෙන්න අරින්නත් ඕන. ම්.. බටර් ටිකක් වගෙත් දාලා ගන්න පුලුවන් නම් ටොප්. කොහොම වුනත් මේක,

කෑමට වගේම..

බයිට් එකට එහෙමත් ටොපේ ටොප්!

6. කඩල මිරිසට

කිරටත් හොඳයි. හැබැයි මිරිසට හොඳා..යි.

මොකද කඩලවල තියෙන හයිය ගතියත් එක්ක මිරිසට හැදුනාම, බත් කන්න කියාපුම. විශේෂයෙන්ම ඔය රතු බතකට වගේ. පොල් ටිකක් ගාලා අරගෙන.. උණු උණුවට! ෂැහ්, පංකාදුවට තියෙයි ආ..

මේකෙදිත් ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ කඩල ටික පොඩ්ඩක් ලාවට වගේ අතින් පොඩි කරගන්න එක. ඊට පස්සෙ ඒකට මිරිස්, අමුමිරිස්, ගම්මිරිස්, ඉඟුරු සුදුළූණු, රම්පෙ කරපිංච ටික දැම්මා, බැදපු තුනපහ එක්ක මස් කරි පවුඩර් ටිකක් තිබ්බොත් ඒකත් දැම්මා.. පොඩ්ඩ පදම් වෙන්න තියල දියකිරෙන් වැඩේ පටන් ගත්ත.

අන්තිමට ඉතින් කිරි ටික හිඳීගෙන එද්දි මිටිකිරි දාලා හොද්ද නටද්දි බාන්නයි තියෙන්නෙ.

ආහ්, ඒක නෙවෙයි..

මේ කඩල එකත් එක්ක බතක් කද්දි..

පුලුවන් වුනොත් ලුණු දෙහි කෑල්ලක් ලංකර ගන්න.

ඒ ඇති, බත් හට්ටිය කොහෙන් ගියාද නෑ කියන්න.

හ්ම්...

Leave a comment
Last 7 Days

Trending Today