Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF Free delivery Artwork for PMF essentials sbb 2

පොඩි බඩගින්නට! උණු උණු සමෝසා.. කන්න හොඳම කඩ 6ක්

සමෝසා එකේ කැරට්, ලීක්ස් එහෙමත් තියෙනව. එතකොට..…

Posted by

මොකද කියන්නෙ?

ඔෆිස් එකේදි, මග තොටේදි, ගෙදරදි වුනත් හැන්දෑවට එන පොඩි බඩගින්නට.. රසම රස, උණුම උණු සමෝසා ටිකක් කන්න තිබ්බ නම්.

හොඳයි නේ..

එහෙනම් ඒකට, මෙන්න මේ කඩ ටිකට තමයි ගැලපෙන්න ඕන. 

කිව්වට.. දැන් නම් ඉතින් ඔය කෑම ඩිලිවරි සර්විස් එකකින් හරි බලල ගෙන්න ගන්න බැරියැ නේ..

1. Tribe Cafe

නාවල තියෙන ෂෝට් ඊට්ස් වලට කියාපුම කඩයක්. ඇත්තම කිව්වොත් අපූරු කැෆේ එකක්. ඒ වගේම තමයි අපි දන්න කියන සමෝසා අතරින් හොඳම බීෆ්, චිකන් සමෝසා තියෙන්නෙත් මෙයාල ලඟම තමයි. හොඳ හැටි ගම්මිරිස්, ලූණු ටිකක් එක්ක තෙලට වැටුනු, හීනියට අඹරපු බීෆ් කෑලි තොගයක් මැදිවුනු, සුපිරිම පිරවුමක් මැද්දට එන්නෙත්. හැරත් උණු උණුවෙ එහෙම, සෝස් ටිකකුත් ගෑවුනාම.. හප්පේ, සුවඳයි ක්‍රිස්පි ගතියයිම ඇති තොල කට ලෙව කැවෙන්න!

2. The Mango Tree

රියල් ඉන්දියන් රසට සමෝසා රස බලන්න, මෙන්න කියාපුම තැන. හැබැයි ඉතින් ටිකක් ගණන්. ඒ වගේම තමයි මෙතන බීෆ් එහෙමත් නෑ. චිකන්, වෙජි වගේ සමෝසා තමයි තියෙන්නෙ. ඒත් ඉතින් ඒවයෙ රස නම් නොම්මර එකටම. කිව්වට විශ්වාස කරන්න යාළු, සමෝසා එකේ මිශ්‍රණයෙ තියෙනවා.. හීනියට ලියපු අල, ලූණු, රම්පෙ කරපිංචෙ ඉඳන්.. චිකනුත් මදි නොකියැවෙනම ගානට. ඒ විතරක් නෙවෙයි, ඒ මිශ්‍රණයට මොන මොනවදෝ කුළු බඩු ටිකකුත් එකතු කරල, පුදුම රසක් සුවඳක්.

3. Indian Chaat Corner

වැල්ලවත්තෙ තියෙන්නෙ. මෙතන සමෝසා වලට විතරක් නෙවෙයි, චාට් වගේ ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් වලටත් හරිම ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි කෑම හොඳ කොලිටියට තියෙනවත් එක්ක. හැබැයි.. මෙයාල ලඟ සමෝසා වලින් නම් තියෙන්නෙ චිකන් සමෝසා විතරයිද කොහෙද. බාග වෙලාවට වෙජි ඒවත් ඇති. කොහොමවුනත්.. මසාලා අඩුම කුඩුම, රම්පෙ කරපිංච, අල, ලූණු කැරට් වගේ එළවළු වලින් පවා, එතකොට හීනියට ලියපු චිකන් වලිනුත් අඩු නැතුව,

එන මේ සමෝසා,

අනිවා..

උණු උණුවෙන්ම තමා..!

4. Lanka Hotel

ආමර් වීදිය සයිඩ් එකේ තියෙන පොඩි කඩයක්. අපේ යාළුවෙක්ම තමයි කිව්වෙ මෙතනත් හොඳ චිකන් සමෝසා එකක් තියෙනව කියල. උණු උණුවට හැදෙන වගේම, චිකනුත් හොඳහැටි මිශ්‍රණයට එකතු වෙච්ච. ඒත්.. ගිල්ල කාලා බලනකම්ම ඉතින් ටක්කෙටම මුකුත් කියන්න බෑ ඕං..

5. Cafe K

නවම් මාවතේ තියෙන, ෂෝටීට්ස් වලටම ප්‍රසිද්ධ පුංචි කඩයක්. රසම රස චිකන් සමෝසා එකක් මෙයාලා ලඟත් තියෙනව. ඒත් ඒකෙ චිකනුයි, අල ලූණු ටිකයි බාගෙට බාගෙ වගේ බැලන්ස් වෙන්න. ඉතින්.. ගොඩක් චිකන් දාපු, රස පදමත් නූලටම හදාපු සමෝසා එකක් කන්න හිතාගෙන ඉන්නව නම්, මෙතන එච්චරටම සෙට්වෙන එකක් නැති වෙයි ඒ වැඩේට.

6. Sri Vihar

ටොප් වෙජි සමෝසා එකක් කන්න කියාපුම තැන මෙන්න. මොකද මේ ප්ලේස් එකත් වෙජි, සමෝසා එකත් මදි නොකියන්නම වෙජි. අල ලූණු ටික හැරුනාම මෙයාලගෙ සමෝසා එකේ කැරට්, ලීක්ස් එහෙමත් තියෙනව. එතකොට.. රම්පෙ කරපිංච ටිකත් වගේම, මොනවදෝ කුළුබඩුත් දාපු නිසා.. ආයෙ ඉතින් වෙජි, චිකන් වෙනසක් නැතුවම දෙසාබෑ හැකි.

එහෙම දෙසාබාලා ඉතින් පොඩි බඩගින්න නම් බැලන්ස් කරගන්නත් පුලුවනි.

හැබැයි අමතක නොකර ඔයාලා දන්න තැනුත් අපිට කියන්න මිතුරනි, හොඳේ!

Leave a comment