Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

ලෝන්ග් වීක්එන්ඩ් නිවාඩුවට.. සුන්දර සොබාදම් නවාතැන් ටිකක සුපිරි ඩිස්කවුන්ට් තොගයක්!

කෝකටත් හොඳයිනෙ දැන්ම තියා ප්ලෑන් කලාම.. ඔන්න බලන්න…

Posted by

කෝකටත් හොඳයිනෙ දැන්ම තියා ප්ලෑන් කලාම..

ඔන්න බලන්න යාළු, සමහර ඒවා 60% ඉඳන් ඩිස්කවුන්ට් හොඳද..

1. Avonil Resort (Yala - 0775737402)

තිස්ස, යෝධ වැව ඉස්මත්තේ..

ඉමක් කොනක් නොපෙනෙන වෙල් යායකට මුහුණලා ඉදිවුනු අපූරු නවාතැන් පෙළක්. තට්ටු දෙකේ විලා විදියට තමයි මේවා හදල තියෙන්නෙ. හැබැයි ඉන්ටීරියර්, එක්ස්ටීරියර් දෙකම බාගෙට බාගයක් ලී වලින් නිමවලා.. ඒ විතරක් නම් බැරියැ, සුපිරි සුවපහසුවට සියළු කාමර ඒසී. කරලා, ලස්සනට ඈත පේන විදියට උස වීදුරු ජනේල තියලා.. ඔක්කොමත් හරි වෙල් යායට සමාන්තරව පිහිටපු පූල් එක.. ෂැහ්! ටොප් ආ..

ගියපු උදවිය නම් කියන්නෙ මෙතන කෑම බීමත් දකුණෙ රහට, පංකාදුවට තියෙනවා කියලා. කොහොම වුනත් දෙන්නෙක්ට රැයකට.. රු. 9500ක් කියන්නෙ?

2. Light House Beach Hut (Komari - 0773179594)

සංගමන් කන්ද තුඩුව පේන මානයේ.. මුහුද අද්දර, වෙරළ තීරයෙ දිවෙන පොල් වත්තක, ලඳු ගොන්නක් මැද්දෙ අතරින් පතර ඉදිවුණු සුවපහසු විලා ටිකක්. මුලු මනින්ම ලී තමයි මේ වැඩේට පාවිච්චි කරලා තියෙන්නෙ. ඒ හැරුනාම හෙවණ කරන්න පොල් අතු, තල් අතු පාවිච්චි කරලා තියෙනවා. ලී කණු උඩ ඉදිවුණු මේ නවාතැනේ විව් එක විතරක් නෙවෙයි කෑම බීමත් නොම්මර එකයි!. හැරත් හැන්දෑවට බීච් එකේ ගිණිමැල, බාබකියු ඩිනර්..

ඊටක් ඔය ඔක්කොටම, අවමය රු. 1500යි කිව්වාම!

3. Hubaha Jungle Eco Resort (Yala)

කතරගම, යාල පැත්තට වෙන්න.. මැණික් ගං ඉවුරට මායිම්ව පිහිටපු ලන්දක.. මැටි සහ ලීයෙන් ඉදිවුණු මහ විසාල හුඹස් ගෙවල්. ඇත්තටම ඒක නම් හරි අපූරු අත්දැකීමක් ආ.. හරියට නිකම් ඉන්දියාවෙ පරණ ගමකට ගියා වගේ. බැලූ බැලූ අත මැටි වැඩ. ඒ විතරක් නෙවෙයි මැටියෙන්, ලීයෙන්, කළුගල්, තිරිවාන ගලින් නිමවුනු සුන්දර උද්‍යානය, පොකුණු, මං මාවත්, භාවනා කරන්න තැන්.. ඔය ඔක්කොමත් අතරෙ මැටි, ගඩොලින් නිමවුන සුවපහසු කොටේජ ටිකකුත් මෙතන තියෙනවා..

ම්.. ඒ් හැරුනාම ඉතින් තිස්ස පැත්තෙ කෑම බීම ගැන අමුතුවෙන් කතා ඔ්න නෑනෙ. කොහොමහරි මෙතන රැයකට.. දෙන්නෙක්ට රු. 1500යි.

4. Giritale Hotel (Giritale - 0272246311)

ගිරිතලේ වැව් ඉස්මෙත්තෙ වන වදුලකට මැදි වෙන්න ඉදිකෙරුනු පරණම හෝටලයක්. ඒ වගේම තමයි මේක තරු පන්තියෙ හෝටලයක්. ටුවරිසම් තිබ්බ කාලෙ නම් ලේසියකට මේකට කිට්ටු කරන්න බැරුවයි තිබ්බෙ. ඒත් මේ දවස්වල දෙන්නෙක්ට, රැයකට රු. 7500නුත් යනවා. අති සුඛෝපභෝගී සේවා, නවාතැන් සහ කෑම බීම.. ඒ හැරුනාම විව් එක කෙලින්ම ගිරිතලේ වැවට. කාලයකට නොමිලේම අලි බලන්නත් මෙතන කියාපුම.. ඔක්කොමත් හරි වැව් මට්ටමට උඩින් පිහිටපු පූල් එකයි, එතන විව් එකයි..

ආයෙ නොම්මර එකයි, හ්ම්..!

5. Le Léopard D 'Argent (Hantana - 0725191158)

හන්තාන පාමුල ලොකු කැළෑ රොදක් මැද්දෙ ඉදිවුනු සුන්දර සොබාදම් නවාතැනක්.. ගොඩක් දුරට ලී පාවිච්චි කරලා නිමවපු මේ නවාතැනේ, කලු ගලින් හදපු අපූරු බංගලාවකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පුංචි පූල් එකක්.. හතර වටේ ඇවිදින්න ගල් අතුරපු අඩි පාරවල්.. එළිමහන් භෝජනාගාර, විවේකී ස්ථාන.. ඔක්කොමත් හරි පැය ගාණට හන්තාන හයික් එක ගිහිල්ල එන්නත් පුලුවන්නෙ. එහෙම නැතත් ඉතින්, පාන්දරින්ම එළියට බැහැලා වත්ත වටේ රවුමක් ගියා කියන්නෙ කැළේ ඇවිද්දා වගේ තමයි.

ම්.. මෙතනත් දෙන්නෙක්ට, රැයකට.. මේ දවස්වල රු. 9000යි යන්නෙ.

6. Elephant Entrance (Habarana - 0777700403)

හබරණින් මින්නේරිය පාරෙ.. අපූරු වෙල් යායකට මායිම්ව, මින්නේරිය ඉහත්තාව පේන මානයෙ.. ෂැහ්, නොමිලේම අලි බලන්න මේකනෙ ප්ලේස් එක! ඔක්කොම ඇවිල්ලා කණු උඩ, ගඩොලින් ඉදිවුනු ලක්ෂරි කොටේජ. පූල් එකකුත් තියෙනවා බිම් මට්ටමටම. ඉතින්.. නිදහසේ කාලය ගතකරනව නම් එහෙමයි. සෆාරි ගිහිල්ලා, සත්තු බලලා විනෝද වෙලා එනව නම් එහෙමයි. හැබැයි ඒ කොහොම ආවාත් මෙයාලග කෑම ටික වගේම, හැන්දෑවට ගිණිමැල අඳුරෙ එළිමහනෙ ලෑස්තිවෙන බාබකියු එකත්..

දෙන්නෙක්ට, රැයකට රු. 2000යි කිව්වාම?

Leave a comment