Artwork for U Pay Oct 2018

පඩි දවසේ බඩ පැළෙන්න! රු. 500ට මස්, චීස් පිරිච්ච සුපිරි කොත්තුවක් කන්න කියාපු කඩ 7ක්

මස් කොත්තු, රෝස්ට් මස් කොත්තු අතරෙ තලු මරමර…

Posted by

බොන කට්ටියට හෙට කියන්නම් කියල මම හිතුවා කන කට්ටියට අද කියන්න. මොකද පඩි දවස කියන්නෙ බොන නොබොන කොයි කවුරුත් බේද නැතුව හොඳ හැටියට කන දවසනෙ. අනික බොන ඈයො ගොඩක් ම සෙට් වෙන්නෙ වීක්එන්ඩ් එක අල්ලල නිසා බාර් ටික කියන්න කලින් කෑම කඩ ටික කියන එක කෝකටත් හොඳයි.

ඒත් එහෙමයි කියල අපි නිකම් කඩ කියන්නෙත් නෑ. හොඳට හොයල බලල කට්ටිය වැඩියෙන් ම ආස කරන රයිස්, කොත්තු කඩ තමයි කියන්න යන්නෙ. එතකොට අපේ ඔෆිස් යාළුවොන්ටත් සෙට් වෙලා එයාලගෙ පඩි පාටිය දාන්න පුළුවන්. අනික මේ කඩවලින් අතේ තියෙන ගාණට, රස කොත්තුවක් හිතේ හැටියට කන්න පුළුවන් නිසා පොකට් එකටත් අවුලක් වෙන්නෙ නෑ.

ආ... ඒක නෙවෙයි, විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ කියන කඩ තරමක වගකීමකින් කියන්න පුළුවන් කඩ. පහුවෙනිදට කරදරයක් වෙන එකක් නෑ කියල. නැත්නම් ඉතින් වොෂ් රෑම් එකේ ඉන්න ගමන් අපිව මතක් කරයිනෙ නේ…!

1. Kottu & Co.

මස් කොත්තු, රෝස්ට් මස් කොත්තු අතරෙ තලු මරමර රස බලන්න, ගන්න චීස් චිකන් හරි චීස් බීෆ් හරි කොත්තුවක්. ආයෙ පිස්සු හැදෙයි ඈ… පදම් කරපු මස්නෙ. අනික ඔයාලට ඕන විදියට, සැර වැඩියෙන් නම් එහෙමයි චීස් වැඩියෙන් නම් එහෙමයි වුණත් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රස පදම ගළපගන්න අයිස් මයිලෝ එහෙමත් ගන්න පුළුවන්. කොහොම වුණත් කොත්තු ඇන්ඩ් කොම්පැණියෙ වැඩේ නම් මාරයි. මොකද දෙන්නෙක්ට ඇති වෙන ගාණට කොත්තුව තිබිලත් ගණන් යන්නෙ රු. 300 - 500 අතරෙනෙ. බොරු නම් අපි කියනවට ගිහින් බලන්නකො.

2. The Road House

මවුන්ට්, හෝටල් පාරෙ!

හායි හූයි ග ගා කනව නම් නයි මිරිස් කොත්තු තියෙනව. චීස් රහට කනව නම් රෝස්ට් චිකන්, ඩෙවිල් චිකන්, චිලී බීෆ් වගේ ඒවත් තියෙනව. ඔයාට ඕන ගාණට චීස් එහෙම දාගෙන කන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් ඔය නෝමල් වෙජි කොත්තු, බිත්තර කොත්තු එහෙමත් තියෙනව. හැබැයි ඉතින් ඔය කොයි එක ගත්තත් බය වෙන්න දෙයක් නෑ රස අතින් පංකාදු පහයි. සයිස් එකත් දෙන්නෙක්ට කන්න පුළුවන් ගාණයි නිසා පොකට් එකටත්ලාබයි. අනික ගණනුත් රු. 350 - 500 අතරෙනෙ.

3. Cafe by Boo

බජට් කොත්තු පාර්ටියක් දානව නම් කියාපු තැන. පිස්සු හැදෙනව. ලොකුවට ජාති ගොඩක් නැති වුණාට මෙතන තියෙන ටික තියෙනව ලෙසටම. විශේෂයෙන්ම චීස් චිකන් කොත්තුව, රෝස්ට් චිකන් කොත්තුව එහෙම සුපිරි. අනික මාර ෆ්‍රෙෂ්. ගණනුත් රු. 300 - 400 අතරෙ. ඊටත් මෙයාලගෙ කෑමවල තියෙන පොඩි බටහිර පන්නයෙ රස නිසා ඔය සැර එහෙම වැඩිය නොකන අයට වුණත් කියාපුම.

4. Thejan Hotel

මෙන්න තියෙනව බම්බ පැත්තෙ කටට රහට, වගකීමෙන් කොත්තුවක් කන්න කියාපුම තැන. හරියටම ගෝල් රෝඩ් එකේ විශාකා පාරට හැරෙන වංගුවෙ. මෙයාලා ළඟ තියෙන කොත්තු තොගේ දැක්කාම නම් පිස්සු හැදෙන ගාණයි. ඇයි අප්පේ… චිකන්, රෝස්ට් චිකන්, ඩෙවිල් චිකන්, එතකොට බීෆ්, රෝස්ට් බීෆ්, ඩෙවිල් බීෆ් ඊට පස්සෙ ඩොල්පින් කොත්තු අනම් මනම් එහෙමත් තියෙනවනෙ. ඔක්කොමත් හරි අපේ කොත්තුව අපිට ඕන විදියට කියල හදාගන්න පුළුවන් එකම වටිනව සෑහෙන්න. වැඩේ කියන්නෙ නොම්මර එකට හදලත් ඒවයෙ ගණන් රු. 300 - 500 අතරෙ එකනෙ. අනේ මන්දා ඉතින් කොහොම දෙනවද කියල ඒ ගාණට.

5. Pela

දවල්ට සුපිරි බුෆේ එකක් තියෙන පැලේ හැන්දෑවට තමයි කොත්තු එළි බහින්නෙ. හැබැයි මෙතන බීෆ්, පෝර්ක් නෑ. චිකන් හැරුනාම සීෆුඩ්වලින් තමයි ඉතුරු ටික යන්නෙ. එහෙමයි කියල ඉතින් කොත්තුවල රසෙත් අඩුවක් නෑ. හොඳ සැරට වගේ ම කරි රසත් නූලට තියෙන්න හැදෙනව. ඒත් ඉතින් මෙතන චීස් කොත්තු අනම් මනම් නැති එකනෙ වැඩේ. හැබැයි හදිස්සියට තලුමරමර කන්න රු. 200 - 300ට පාඩුත් නෑ ඉතින්.

6. Lak Rasa Caterers

පානදුර ගෝල් රෝඩ් එකේ,වලාන කිට්ටුවමයි!

මෙතනත් නැති කොත්තු ජාතියක් නැති තරම්. කොටින්ම කියනව නම් පෝර්ක් කොත්තුත් තියෙනව. ඒ විතරක් නෙවෙයි රෝස්ට් චිකන්, චීස් කොත්තු එහෙමත්... එකම අවුල තියෙන්නෙ මෙයාලා කොත්තු වැඩේ පටන් ගන්නෙ හැන්දෑවෙ 6න් පස්සෙ. ඒ වගේම තමයි, ඒ වෙලාවට ලක් රස එකට කිට්ටු කරන්න බෑ, ඒ තරම් සෙනඟ. ඉතින් හිතා ගන්නකො මෙයාලගෙ කොත්තුවල රස කොහොමට ඇද්ද කියල. කොච්චර වුණත් ඉතින් මේ හයි ෆයි ප්ලේස් එකේ කොත්තුවල ගණන් යන්නෙ නම් රු. 300 - 500 අතරෙ තමයි.

7. Chasis

තලවතුගොඩට පොඩ්ඩක් පිටකෝට්ටෙ පැත්තට වෙන්න තියෙන හදල තියෙන හොඳ සුවපහසු ප්ලේස් එකක්. නවරෝහල වැව දිහා බලාගෙන හිතේ හැටියට කොත්තු කන්න පුළුවන්. ලොකුවට කියන්න දෙයක් නෑ, මෙයාල ළඟ තියෙනව සුපිරි බාබකියු ටිකක්. චිකන්, ෆිෂ්, සොසේජස්… ඒ විතරක් නෙවෙයි, රස වෑහෙන ඩෙවිල් ජාති එහෙමත්. ඉතින් ඔය ඕන එකක් දාලා චැසිස් එකෙන් කොත්තු ගන්න පුළුවන්. තව චීස් කොත්තු වගේ ඒවත් මෙයාල ළඟ තියෙනව. හැරත් ඔයාලගෙ කොත්තුවට ඕන කරන අඩු වැඩිය කියල හදාගන්න පුළුවන් චාන්ස් එකත් තියෙන නිසා පංකාදු පහයි. අර පොඩි අවුලකට කියල තියෙන්නෙ ගාණ පොඩ්ඩක් රු. 400 - 600 අතරෙ යන එක තමයි.

ඒ හැරුනාම ඉතින් තව අළුත් කොත්තු කඩ ලැයිස්තුක් ලබන මාසෙ පඩියටත් දාන්නම්. හැබැයි එතකම් ඔයාලා දන්න අපි නොදන්න කොත්තු කඩ අපිට කියන්න. එතකොට අපිට පුළුවන් ඒවට ගිහින් තත්වෙ කොහොමද කියල බලල අනිත් යාළුවන්වත් දැනුවත් කරන්න නේ...

එහෙනම් ඔන්න හරි ඈ…!

Leave a comment
Last 7 Days

Trending Today