හැමදාම.. චිකන්, පෝර්ක්, බීෆ් ගැන කතාකරන එකේ. මම හිතුවා මේ පාර රස වෑහෙන මට්න් කරියක් එක්ක.. රොටි, බත්, පාන්, පිට්ටු ටිකක් හිතේ හැටියට කන්න නියම තැන් ටිකක් ඔයාලට කියන්න කියලා..!
ඉතින්.. එහෙනම් පහළින් බලල, හිතගිය තැනකට යන්න ලෑස්ති කරගන්නකෝ..
බම්බ, වැල්ලවත්ත මායිමේ තියෙන ටේස්ට් ඔෆ් ඒෂියා..
කෙලින්ම ජැෆ්නා ස්ටයිල් මට්න් කරියක් එක්ක පිට්ටු කන්න කියාපුම තැනක්. ඒකත් නිකම් නෙවෙයි, හොඳ උණු උණුවට, හායි හූයි ගගා, රස කරකර.. ඊටත් ඒ රු. 750 කරිය පැහැදිලිවම දෙන්නෙක්ට, ඇති පදමට කන්නත් පුලුවන්නෙ. පොඩි පොඩියට කපල තිබ්බට මට්න් කෑලිත් 12-15ක් විතර තියෙනව. අනි සැර එහෙමත්.. ඇස් වලින් කඳුලු පනින්න. කුළුබඩු රසත් නූලටම වගේ.. ඔක්කොමත් හරි මෙයාලගෙ උණු උණු පිට්ටුවක් ඒකට ගැලපුනාම..!
ගමේ රහට.. මට්න් කරියක් එක්ක බත් ටිකක් කන්න මෙන්න නියම තැන. ඒ හැරුනාම මෙයාල ලඟ වෙනමම මට්න් කරි එහෙමත් ගන්න තියෙනව. ආයෙ ඉතින් මිරිස්, තුනපහ, රම්පෙ, කරපිංච අඩු නැතුව දාලා කලුවට, ලාවට හොද්ද තියෙන්න හදන මට්න් එකනෙ. ඒකට පරිප්පු ටිකක්, බෝංචි, සෝයා, තෙල් දැමුමක් එක්ක සම්බාහාලෙ බත සෙට්වුනා කියන්නේ..
රු. 250ට නම් යාළු ජාතිම..
මෙයාලත්..
ගමේ රහට හැදුවට මොකද මට්න් කරිය ටිකක් හින්දනව. හැබැයි, ඒ නිසාම හොද්ද අඩුයි, රස වැඩියි. මොකද මිරිස්, තුනපහ, ලුණු ඇඹුල් සේරම මසට කාවදිනවනෙ. ඉතින්.. එහෙම මට්න් කරියක් එක්ක කහබතක්, පරිප්පුවක්, බෝංචි, කොළමැල්ලුමක්, බැදපු මිරිස් කරලක් වගේ ගැලපිලා එනකොට කොහොමද?
ඒකත් රු. 350ට වගේ..
රු. 700 ඉඳන් උඩට..
ඉන්ඩියන් රසට හැදෙන මට්න් කරි 2, 3ක්ම මෙයාල ලඟ තියෙනව. පංකාදුවට.. මසාලා අඩුම කුඩුම හොඳහැටි දාලා මිරිස්, තුනපහ, රම්පෙ කරපිංච වගේ අපේ කුළුබඩුත් දාලා ගී, බටර් එක්ක රස පදමට උයලා.. අනික මේසෙට එන්නෙත් උණු උණුවෙන්නෙ.. ඒකක් එක්ක ඉතින් චපාති, නාන් රොටි වගේ දෙයක්.. නැත්නම් බිරියානි බතක් වගේ.. ගැලපුනාම, කොහොමද ඈ..?
මෙයාලගෙත් බිරියානිය තමයි. හැබැයි රු. 600ට එන්නෙ අමුතුම ටේස්ට් මාරම බිරියානියක්. ඒකෙ යාළු මට්න් එක තනිකරම ශ්‍රී ලංකන්. ටිකක් විතර ජැෆ්නා සටයිල් රසයි. හැබැයි අපේ මිරිස්, තුනපහ, රම්පෙ කරපිංච ටික හොඳ හැටියටම දාලා.. මසාලා පොඩ්ඩකුත් දාලා. ඉතින් සුවඳත් තියෙනවා.. අනික එහෙම හදපු මට්න් එක බිරියානි බතට කවලම් කරලානෙ බත තම්බන්නෙ. ආයෙ එයින් එක මුට්ටියක්, බතේ තියෙන මට්න් කෑලි 12-15ත් එක්ක..
දෙන්නෙක්ට නම් හොඳම ගාණ!
ගමේ රසයි, ජැෆ්නා රසයි දෙකම අමුතුම පදමකට එකතු වෙලා හැදෙන අමුතුම මට්න් කරියක්. හැබැයි මෙයාලගෙ රු. 700ට එන රයිස් ඇන්ඩ් කරියට තමයි ඒක නියමෙටම සෙට්වෙන්නෙ. මොකද ඒකෙනෙ එන්නෙ බෝංචි, ග්‍රීන්පීස් කජු මාලුව, බටුමෝජුව, පරිප්පු, උම්බලකඩ සම්බෝල වගේ පංකාදු ව්‍යංජන ටික. ඉතින් ඒවත් එක්ක මට්න් හොද්දයි, මිරිස් තුනපහ අඩු නැතුව පදම් වෙලා හැදුන අල්ලෙන් බාගයක් සයිස් තඩි මට්න් කෑල්ලයි..
පංකාදු පහයි, මල් හතයි යාළු!
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Cafes with good work environments.
Delete Comment