කොළඹ, සුපිරිම බත් කඩ ටික!.

එහෙම කිව්වාම සෙල්ලම් නෑ…නෙ. මොකද හොඳ ඒවයිනුත් හොඳම ඒවා තෝරල කියන්න එපැයි.

දුර බැහැර ඉඳන් ඇවිල්ල බෝඩ් වෙලා රස්සාව කරන අපේ යාළුවන්ට, අඩුම තරමෙ ගෙදර කෑම එකට ළඟින් යන කෑම වේලක් හරි කන්න තියෙන්නෙ ඔය කඩ ටිකනෙ. ඊටත් කොළඹ හයිෆයි උදවියට එහෙම… ගමේ රහට කෑම වේලක් කන්න තියෙන්නෙත් ඔය කඩ ටිකමනෙ. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, කාට කාටත් උදව්වක් වෙන්න කියල කොළඹ සුපිරි ම බත් කඩ ටික ලැයිස්තුවකට ගන්න. ඒකත් එසේ මෙසේ නෙවෙයි, බත් ජාති කොහොමද තියෙන්නෙ, එළවළු කීයක් තියෙනවද, ඒකෙන් කීයක් බෙදාගන්න පුළුවන්ද, එතකොට මස් මාළු මොනවද තියෙන්නෙ කියල එහෙම හොයල බලල. එ් හැරුණාම කටගැස්මට මිරිස් පපඩම් තියෙනවද, කෑම උණුඋණුවෙන් මේසෙට එනවද, බඩකට පිරෙන්න කෑවට පස්සෙ හොඳ අතුරුපසක් ගන්න තියෙනවද කියලත් එහෙමත් අපි හොයල බැලුව.

එහෙම හොයල බලල හදපු ලැයිස්තුවෙ පළවෙනි කොටස ඕං… පහළින් තියෙනව. බලල මීටරේ තියාගත්ත නම් මගෙ හිතේ බඩගිනි වෙලාවට එහෙ මෙහෙ රස්තියාදු වෙන්න ඕන වෙන එකක් නෑ, නේ!

1. Kala Balan

(රු. 250-350)

ගාලුපාර, රත්මලාන කියන්නෙ කට්ටිය සෑහෙන්න ගැවසෙන තැනක්. ඒ නිසාමයි අපි එතනින් ම පටන්ගන්න හිතුවෙත්.

‘කාලා බලන්’ ඇත්තටම ඒරියල් එකේ තියෙන සුපිරි ම බත් කඩයක්. මෙයාලගෙ කෑම බෙදෙන්නෙ පන් වට්ටියෙ, නෙළුම් කොළේට. රතු බත්, සුදු බත් ජාති දෙකෙන්ම බත් ගන්න වගේ ම මිරිස් තුනපහ, ලුණු ඇඹුල්, කිරි අඩුමකුඩුමත් ගාණට දාපු රස වෑහෙන එළවළු ජාති 8-10කින්හතරක් තෝරගන්නත් මෙතන කියාපු තැන. ඒ විතරක් නෙවෙයි ගමේ රහට, රස පදමට හදපු මාළු කරියක්, ඇඹුල් තියලක්, චිකන් කරියක්, පෝක් කරියක් එහෙම ගන්නව නම් ඒකටත් මෙතනම තමයි ඉතින්. අවුල කියන්නෙ මෙයාලගෙ කටගැස්මට බැදපු මිරිස් නෑනෙ. හැබැයි ඉතින් එහෙමයි කියල බත් එකේ අඩුවක් පාඩුවක් ඇත්තෙත් නෑ. අනික කාලා කන්න හොඳ හොඳ අතුරුපස වර්ගත් තියෙනවනෙ.

2. Ran Bath

(රු. 300)

තුම්මුල්ලෙ තියෙන අපූරු වෙජි ප්ලේස් එකක්. එයාලා පාවිච්චි කරන හැම බතක්, එළවළුවක්මත් බෙහෙත් නොගහ හදන ඒවලු. ඒ නිසා වෙන්න ඕන මෙතන කෑම ටිකක් ගණන්. ඒත් රස අතින් නම් ටොප් එකටම තියෙනව. රතු, සුදු බත් වගේම මිරිස් තුනපහ, ලුණු ඇඹුල් පදමට දාලා හදපු රස වෑහෙන එළවළු ව්‍යංජන 5-6කින් හතරක් තෝරගන්නත් රන් බත් එකට යන ඔයාට පුළුවන්. මැටි පිඟාන නෙළුම් කොලේට බෙදෙන ඒ උණු උණු බත් එක කාලා, සිංහල රස කැවිලි.. කෙසෙල් ගෙඩියක්, කැවුමක්, තල කැරැල්ලක් වගේ අතුරු පසක් රස බැලුව කියන්නේ… ෆුල් තමයි ඉතින්!

3. Mc Curry

(රු. 200-300)

මේක තියෙන්නෙ ගොල් රෝඩ්, මවුන්ට් ලැවනියාවල. සමහරු නම් දන්නවත් ඇති, මේ බ්‍රෑන්ඩ් එකෙන් ඔය කුළුබඩු එහෙමත් තියෙන්නෙ. ඉතින් ඒ රස.. කුළුබඩු දාලා හදන පංකාදු ව්‍යංජන ටිකක් එක්ක උණු උණු කෑම වේලක් රස බලන්න, මෙතනට යන්නම වෙනව. රස වෑහෙන එළවළු ජාති තුනක් එක්ක සුප්ප ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, මට්න්, බීෆ්, බිත්තර… ඕන ජාතියකින් කරියක් අරගෙන පපඩමක් එහෙම කටගැස්මට තියාගත්ත කියන්නේ… දස බස ගාලා බත් බහින්නෙ, හොඳේ.

4. Kamu

(රු. 200-300)

හයිලෙවල් එකේ, හරියටම මහරගම පොලිසිය ඉස්සරහ! උණු උණුවෙම නැතත් හොඳ රහට, හිතේ හැටියට බත් ටිකක් කන්න කියාපු තැනක් තමයි. විශේෂයන්ම කියන්න ඕන, මෙයාල ළඟ තියෙනව එළවළු මාළු ජාති 8-10කට වැඩිය. හැබැයි ඉතින් පිඟානට බෙදෙන්නෙ නම් ජාති හතරක් වගේ. ඒ එක්ක ඉස්සො, දැල්ලො, චිකන්, මාළු මොනව හරි කරියක් ගත්ත නම් බත් එක ෆුල්. අනික පපඩම්, බැදපු මිරිස් කරලුත් එනවනෙ ටේස්ට් එකට. හදිස්සියෙවත් කාට හරි හිතුණොත් බත් කන්න බෑ කියල, එයාලට තියෙනව ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, කොත්තු එහෙම දවල්ට වුණත්. අනික බඩ පැලෙන්න කෑවට පස්සෙ අතුරුපසට කන්න රස වෑහෙන වටලප්පම්, පුඩිම් එහෙමත් තියෙනවනෙ මෙතන.

5. Matara Bath Kade

(රු. 200-300)

බත්තරමුල්ල හංදියෙන් පන්නිපිටියට හැරෙනවත් එක්ක ඇතුළට වෙන්න තියෙන වලව්වෙ තමයි එහේ මාතර බත් කඩේ කරගෙන යන්නෙ. ලයින් එකේ පෝක්වලට ප්‍රසිද්ධ ම ප්ලේස් එකත් ඒක. ඊටත් උණු උණු බත් වේලක් ගමේ රහට, බඩ කට පිරෙන්න රස බලන්නත් කියාපු ම තැනනෙ. වැඩේ කියන්නෙ මෙයාලගෙ බත් එකට සාමාන්‍යයෙන් බෙදන්නෙ එළවළු හතරක් වුණාට රු. 30ක් 40ක් දීලා තව මොනව හරි දාගන්නත් පුළුවන්. ඒ හැරුණාම, මාතර බත් කඩේ තියෙනවා… පෝක්, ඉස්සො, දැල්ලො, මිරිස් මාළු, බැදපු මාළු, චිකන්, බිත්තර, ඔම්ලට්.. ඕන එකක්, ඉල්ලපු සනික පිඟානෙ ආයෙ. ඒවයෙ මිරිස් තුනපහ, ලුණු ඇඹුල් පදම වගේම සයිස් එකත් මදි නොකියන්න තියෙන නිසා… ගොඩ වෙන ඈයොන්ට ආයෙ, අඩුවක් පාඩුවක් නම් කියන්න ඉතුරු වෙන්නෙ නෑ, සත්තයි.

6. Rasa Piyasa

(රු. 200-300)

හයිලෙවල් එකේ හැව්ලොක් ටවුන් බෝගහත් එක්කම උඩට නගින්න තියෙන පඩිපෙළෙන් ඇතුළට යන්නකො. හැබැයි දවල් 2ට කලින්වත් යන්න ඕන. නැත්නම් බතුයි එළවළුයි තමයි කන්න වෙන්නෙ. මොකද මෙයාලගෙ කෑමවලට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. ඒවයෙ තියෙන රසත් සුප්ප වගේම උණු උණුවෙ ෆ්‍රෙෂ් එකට තියෙන නිසා තමයි වැඩි හරියක්ම. අනික රස පදමට හදාපු පෝක්, චිකන්, ඉස්සො, දැල්ලො කරි… එතකොට බැදපු මාළු, ඔම්ලට් එහෙමත් තියෙනවනෙ මෙතන. මැටි ඇතිලියෙ බුෆේ එකෙන් මිරිස් තුනපහ, කිරි රස නියමෙට තියෙන්න හැදුණු එළවළු ජාති 4කුත් බත් එකට වැටුණ කියන්නෙ, නතින්ග් ඉතින්!

7. Palpatha

(රු. 300-400)

සුපිරි මට්න් කරියක්, නැත්නම් රස වෑහෙන මාළු ඉස්ටුවක්, බ්ලැක් පෝක් එකක් එක්ක බඩ පැලෙන්න බත් කන්න, යන්න කෝට්ටෙ මිරිහාන පාරෙ පැල්පතට. ආයෙ කියල වැඩක් නෑ යාළු, බුෆේ එකෙන් බෙදනව ගමේ රහට හදපු එළවළු ජාති හතරක් ඔයා කැමති කැමති විදියට. ඒ බෙදල පපඩමක් එක්ක මේසෙට එවනව සුවඳේ බෑ. හිතන්නකො ඒ ටික කාගෙන යද්දි මදි පාඩුවක් වුණොත්, ඒක ඉල්ල ගන්නත් පුළුවන්නෙ පොඩි ගාණකට. ඔක්කොමත් හරි බත් කාලා කන්න වටලප්පම්, පුඩිම් එහෙමත් තියෙනව හොඳ රහට හදාපු.

ආයෙ ඉතින් මොනවද නේ… අතේ තියෙන ගාණට හිතේ හැටියට, රස කර කර කෑම වේලක් කන්න තියෙනව කියන්නෙ.

එහෙනම් තව ලැයිස්තුවකින් හමුවෙමු හොඳේ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide