Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

කනවනම්.. මෙන්න කොළඹ රසම රොටි! තලු මර මර දෙසා බාන්න කියාපු කඩ ‍ටිකක්

කටට සැරට උණුඋණුවට කිව්වාම ඉතින්, වෙන…

Posted by

කටට සැරට උණුඋණුවට කිව්වාම ඉතින්, වෙන මොනවද නේ..

එක්කො මස් කරියක්, මාළු කරියක් එක්ක උණු උණු පාන් ගෙඩියක්, නැත්නම් පොල් සම්බෝලයක් එක්ක බතක්, කරවල තෙල්දැමුමක්, එහෙමත් නැත්නම් ආප්පයක්, බිත්තර ආප්පයක් එක්ක ලුණු මිරිසක්, මිරිස් හොද්දක්!

ම්ම්.. මස්, මාළු, බිත්තර, එළවළු මොනව හරි දාලා හදපු, රස වෑහෙන මික්ෂර් එකක් මැදි වුණු රොටියකුත් අවුලක්ම නෑ ඉතින්.

හැබැයි.. ගතිය තියෙන්නෙ නම් මිරිස් තුනපහ, රම්පෙ කරපිංච, ලුණු ඇඹුල් පදමට වැටුණු  නොම්මර එකේ කරියක ගාගෙන කන්න තියෙන රොටියක තමයි. මොකද එතකොටනෙ දිව අග ඉඳන්ම හායි හූයි ගාලා සැරයි රසයි ගැලපිලා පදම ඇඟට එන්නෙ. ඊටත් ඒ වගේ රොටි ජාතිත් සෑහෙන්න තියෙන නිසා හිතේ හැටියට තෝරගෙන රස බලන්නත් පුළුවන්.

වැඩේ තියෙන්නෙ ඕවා තියෙන එක නෙවෙයි, කොහෙද තියෙන්නෙ කියන එකනෙ. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ.. කාට කාටත් ලේසි වෙන්න කියල, එක පාරම, කොළඹ හතර වටේ තියෙන රසම රොටි, පංකාදුම ව්‍යංජනත් එක්ක රස බලන්න, හොඳම තැන් ටිකක ලැයිස්තුවක් හදන්න.

ම්ම්.. ඔන්න දැනට හදපු ලැයිස්තුව නම් පහළින් තියෙනව. කෝකටත් බලන්නකො ඒකෙ වගතුග කොහොමද කියල ඉස්සෙල්ලම.

නාන්

ඉන්දියන් ස්ටයිල් එකට කනවානම් ගන්න පුළුවන් හොඳම රොටියක් තමයි මේක. ටිකක් ගනකමයි තමයි. ඒත් චීස් දාලා, බටර් දාලා, මිරිස් දාලා වගේ හදන නිසා අමුතුම ගතියක් නැත්තෙත් නෑ. වැඩේ කියන්නෙ ඉතින් කොහොම හැදුවත් නාන් නම් නිකම් කන්න බෑ. අඩුම තරමෙ මිරිස් හොද්දක්වත් ඕන. එහෙමයි කියල ඉතින් මිරිස් හොදි එක්ක කන්න ඕන නෑනෙ. කෙළින්ම යන්න චෝලා, ස්පයිස් කෝස්ට්, ඩයින් ඉන් වගේ සුපිරි ඉන්ඩියන් රෙස්ටුරන්ට් එකකට. ගිහින් ඕඩර් කරන්න, බටර් නාන් එක්ක චන්නා මසාලා, නැත්නම් බටර් චිකන් කරි, එහෙමත් නැත්නම් චීස් චිලි නාන් එක්ක පනීර් බටර් මසාලා වගේ මොනවහරි.

ආයෙ ඉතින් ඉස්මුරුත්තාව තමයි ඈ.. කෙළින්ම!

එළවළු රොටි

ගෝදම්බ රොටියම තමයි ඉතින්. මැද්දට කැරට්, ලීක්ස්, අල, ලූණු, මිරිස්, ගම්මිරිස් පදමට දාලා හදපු තෙල්දැමුමකින්, ටිකක් තියල හැඩේට නවල ගන්නව. ඊට පස්සෙ දෙයියනේ කියල රොටි තැටියෙ දාලා කර කරල අරගෙන.. උණුඋණුවෙ රස බලනව.

හැබැයි ඕකෙත් ලොකු අවුලක් එන්න ඉඩ තියෙනව. මොකක්ද දන්නවද? එකක්.. ඔය මැද්දට දාන මික්ෂර් එක රස නැති වීම. අනික.. ඒකෙන් චුට්ටක් වෙන්න දැමීම නිසා, නිකම් රොටිය විතරක් කන්න සිදුවීම. අන්න ඒ දෙකෙන් වැළකෙන්න තමයි අපි කියන්නෙ කෙළින්ම කොල්ලුපිටිය ඌව හෝටලෙන්ම එළවළු රොටි ගන්න කියල. ආයෙ ඉතින් ගැරන්ටීඩ් තමයි.

මාළු රොටි

කිසිම වෙනසක් නෑ. ඔය එළවළු රොටි හදනවනේ, අන්න ඒ විදියටම අර මැද්දට දාන මික්ෂර් එකට මාළු එකතු කරල හදනව. සමහර වෙලාවට ඉතින් එහෙම කරද්දි එතනින් එක එළවළුවක් වගේ අඩු වෙන්නත් ඉඩ තියෙනව. ඒත් රස අතින් සෑහෙන්න හොඳයිනෙ. කොළඹ පැත්තෙ හොඳ මාළු රොටියක් ගන්න අඩුම තරමෙ කොල්ලුපිටියේ ප්‍රණීත එකටවත් යන්න වෙනවා. මොකද ඒකෙ ඇත්තටම මාළුයි, හොඳ හැටි ගම්මිරිසුයි තියෙනවනෙ.

පරාටා

අනේ.. තනි පිටියි, තෙලුයි එක්ක ඇනිලා හැදෙන ගෝදම්බ රොටියම කරවෙන්න කලින් මුලු හතර නවල කොටුවට හදල, කර කරල ගන්නව. එතකොට අර හොඳට ගනකමට එනවනෙ. ඒ ගනකම පදමට ආවා කියන්නෙ ඉතින් පරිප්පු කරියක් එක්ක මිරිස් මාළු, චිකන්, පෝර්ක් වගේ සැර කරියක් කලවම් කරල, යමරෙට රොටි ගිලීමක් තමයි. වැඩේ කියන්නෙ ඒකටත් තියෙන්නෙ ප්‍රණීතෙයි, ඌව හෝටලයයිම කියන්නකො. අනේ මන්දා පෝර්ක් තියෙන නිසාවත්ද කියල. 

මුර්තබා

හොටෙල් ඩි ප්ලාසා එකේ නම් දරාපු අපූරු රොටියක්. හැදෙන විදියෙ තමයි තියෙන්නෙ පොඩි අමුත්තක්. මොකද නිකම් නාන් රොටිය වගේ පාන් ගතිය තියෙන තඩි රොටියක් මැද්දට, මෙයාලා දානව තෙලේ බැදපු එළවළු, මස් තොගයක්. ඒ දාලා නවල කරලා.. පුච්චල අරගත්තට පස්සෙ ආයෙ දෙතුන් දෙනෙක්ට වුණත් මදි නොකියන්න හොඳේ. සෝස් ටිකක් එහෙමත් ගෑවුණා කියන්නේ. රසත් ඩබල් ත්‍රිබල්. මොකද හොඳ ස්පයිසි ගතියට තියෙනවනේ. ඒක නිසා කෝක් බඩියකුත් අරගෙනම වැඩේට බැස්සා නම් තමයි හොඳම.

චිකන් රොටි

ආයෙත් මුලටම! අර.. කලින් කියපු මාළු රොටිය.. අන්න ඒකමයි. මාළු වෙනුවට කහ, ගම්මිරිස් ටිකක් දාලා පදමට තම්බපු චිකන් කෑලි ටිකක්, හ්ම්…

ආ.. ඒකටත් ප්‍රණීත එකම තමයි හොඳේ හොඳම.

පෝර්ක් රොටි

කියන්න දෙයක් නෑ ආයෙ. ප්‍රණීත එකේමයි තියෙන්නේ.. වෙනස් වෙන්නෙ අර චිකන් වෙනුවට පෝර්ක් තියෙන එක තමයි! මේකේ ගම්මිරිස් එහෙමත් යහමින් තියෙන නිසා කටට සැරට කන්න ඇහැකි. ඔන්න ඔය වෙලාවට තමයි හොඳ සීතල කෝක් වීදුරුවක අගේ හොඳටම තේරෙන්නේ. 

බිත්තර රොටි

අන්න.. ෆේමස් කෑම තමයි ආ.. කිවවා මතකද පරාටා එක. අර කරවෙන්න ඔන්න මෙන්න තියල මුලු ටික නවල හතරැස් කරන්නෙ. අන්න ඒකෙම මුලු ටික නවන්න කලින් මැද්දට දානව බිත්තරයක්. දාලා නවනව. නවල තව ටිකක් කර වෙන්නත් අරිනව. ඒ විදියට හදල ගත්තට පස්සෙ, ප්‍රසිද්ධම විදිය තමයි පොඩියට කපල පරිප්පුයි, චිකන්, පෝර්ක්, බීෆ්, මාළු වගේ මිරිස් කරියකුයි එක්ක දෙසාබාන එක. හැබැයි එකක්, වැඩේට උණුඋණුවෙන් බහින්න ඕන හොඳද.? එතකොට තමයි ඒකෙ නියම රස එන්නෙ. ම්ම්.. ඔය කොලිටියට බිත්තර රොටි කන්න.. යන්න ඌව හෝටලේට. එතන පට්ට ඈ.. මොකද ඒ කට්ටිය හදනව හෑස් හූස් ගගා කන්න පුළුවන් යස සීනි සම්බෝලයක්. බිත්තර රොටියි, ඒ සීනි සම්බෝලෙයි එක්ක යන්න කෝක් බෝතලයක් ඕනෙමයි! 

කුල්චා

තනි ඉන්දියන් කෑමක්, කිව්වට හොඳ.. රොටියකුත් තමයි. මේකයි නාන් එකයි සෑහෙන්න දුරට එකයි. වෙනස තියෙන්නෙ මේකෙ කිරි රස ටිකක් හොඳට තියෙනව. මොකද මේක පදම් කරද්දි යෝගට් වගේ කිරි මොනවහරි දානවනෙ. ඒ හැරුනාම බාග වෙලාවට මේවා බටර්, චීස් එහෙමත් දාලා හදනව. කොහොම වුණත් කුල්චා කන්න තියෙන්නෙත් බටර් චිකන්, පනීර් කරි වගේ එකක් එක්ක තමයි. ඒකත් හොඳ සැරට තිබ්බ නම්… පංකාදු පහයි. වැඩේ කියන්නෙ මෙව්ව හොයා ගන්න එකනෙ. ආයෙ ඔතෙන්ටික් ඉන්ඩියන් කඩයක්ම අල්ලන්න ඕන. අර චෝල එක වගේ. 

පොල් රොටි

අපේ රටේ ජාතික රොටිය වගේ තමයි. පාන් පිටිවලින් මෝලිය හදද්දි ඒකට දානව හීනියට ගාපු පොල් තොගයක්. ඒ හැරුණාම ඔය.. අමු මිරිස්, කෑලි මිරිස්, කරපිංච වගේ ඒවත් දාලා රොටිය තව රස කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කොච්චර රස කරත් ඕකෙ ගතිය තියෙන්නෙ කණ පැලෙන්න සැර තියෙන ලුණු මිරිසක් එක්ක රස බලද්දි තමයි. ම්ම්.. ඒ අතරට රොටියත් උණුඋණුවෙ තිබ්බ නම්.. පිස්සු හැදෙයි හොඳේ.

මේ.. ඒ විදියෙ පොල් රොටි කන්න, යනව නම් අනිවා යන්න, කොහුවල හොඳහිත එකට හරිය.

කොකා කෝලා අනුග්‍රහයෙනි

See 2 Comments