Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

හිනාවෙන්න බඩපැලෙන්න! සුපිරිම ‘සිංහල විහිළු කතා’.. 2 කොටස

පියතුමා: “ඒවා, ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි…

Posted by

1. 'තමුන් වහන්සේ = තමුසෙ'

එක්තරා පුද්ගලයෙකු තමන්ට අසභ්‍ය වචනයෙන් බැනවැදුන බව කියමින් පුද්ගලයෙකුට විරුද්ධව නඩුවක් පවරා තිබුණි එම නඩුව විභාගවන දින පැමිණි පුද්ගලයා හා නඩුකාරවරයා අතර ඇතිවූ සංවාදය මෙසේය.. නඩුකාර තුමා: “දැන් යුශ්මතාට විත්තිකරු කියපු අසභ්‍ය වචන මොනවද?”

පැමිණිලිකරු: “ස්වාමීණි! විත්තිකරු මට බැන්නෙ 'තමුසෙ’ කියල”

නඩුකාර තුමා: “තමුසෙ? ඉතින් අයිසේ, ඕක නඩුදාන්න දෙයක්ද? ‘තමුසෙ’ කියන්නෙ හොඳ සිංහල වචනයක්නේ. තමුසෙ කියන්නෙ ‘තමුන් වහන්සේ’ කියන එක කෙටි කරලනේ. මේ නඩුව ඉල්ලා අස්කරගෙන සාමාදාන වෙනව!

පැමිණිලිකරු: (නඩුකාර තුමා දෙසට හැරී) “හරි තමුසෙ කියනව නම් මම එහෙම කරන්නම්”

2. අල්මාරිය ප්ලාස්ටර්

පොරක් හිටියලු හෑමදාම නස්පා වෙන්ඩ ගහල ගෙදර එන. හැබැයි මිනිහා වයිෆ්ට හරි ආදරෙයිලු. ඒ අතරෙ දවසක් වයිෆ් කිව්වලු ‘ඔයා මට ආදරෙයි නම් අද බිලා එන්න එපා’ කියලා. පොරත් ඉතින් හා කියලා ගියාලු. හවස් වෙද්දි මිනිහට ඉන්න බෑලු බොන්න නැතුව. පොර ඉතින් කාලක් අරගෙන පිටිපස්ස සාක්කුවෙ දාගෙන ගෙදර එනවලු. ඔහොම එන ගමන් ඩයල් එක මගදි වැටිලා, පස්ස බිම ඈනිලා, බොතලේ කුඩු වෙලා තුවාල වුනාලු. කොහොමහරි ගෙදර එනකොට වයිෆ් නිදිලු. ඉතින් පොර හෙමිට අල්මාරියෙ කන්නාඩියෙන් පස්ස දිහා බල බල බෙහෙත් දාගෙන නිදා ගත්තලු.

පහුවදා උදේ මුගෙ වයිෆ් කෑ ගහනවලු.. “තමුසෙ මට පොඩ්ඩක්වත් ආදරෙ නෑ. ඊයෙත් බිලා ඇවිල්ලා” කියලා. මිනිහ දැන් ෆුල් අන්දොස්ලු. මොකද ඇත්තටම බිවුවෙ නෑනෙ. ඉතින් පොර කිවුවලු “නෑ ඩාලින් මම ඊයෙ බිවුවෙ නෑ කියලා”. එතකොට වයිෆ් කිව්වලු “බිවුවෙ නැත්නම් මොන මගුලටද මිනිහො අල්මාරි කන්නාඩියෙ ප්ලාස්ටර් අලවලා තියෙන්නෙ” කියලා.

3. කෝච්චි ජැක්

ඔය පොදු ප්‍රවාහන සේවාවල ප්‍රවාහනයට අමතරව තව එක එක වැඩ කරගන්න අයගෙ හරි ෂෝක් ට්‍රික් එකක්ලුනෙ කෝච්චියෙ එහෙම යද්දි, ඒ පැද්දෙන විදියට පැද්දෙන එක. ඒක ඇවිල්ලා ඇතිල්ලීමේ තවත් එක් ක්‍රමයක්. වැලමිට වද්ද වද්ද එහෙම..

ඔන්න ඉතින් දවසක් කොටුවෙන් පිටත් වෙච්ච කෝච්චයකට ඒ ජාතියෙ පොරක් නැගලා.. ලඟ හිටපු තරුණීයගෙ පපුවේ වැලමිට වද්ද වද්ද, කෝච්චියෙ තාලෙට පැද්දෙන වැඩේ පටන් ගත්තලු. මේ ළමයත් ඉතින් ඉවසගෙනම හිටියලු. කොහොමහරි ඔය විදියට කෝච්චිය මරදානට ඇවිල්ලා. දැන් මේ මනුස්සයා කෝච්චිය පැද්දෙන රිද්මෙට අත පද්දනවාලු. කෝච්චිය නැවැත්තුවාම වැඩේ නවත්තනවලු. ආයෙත් කෝච්චිය යන්න පටන් ගත්තාම වැඩ! ඉතින් මරදානට ආපු කෝච්චියත් ඔන්න ආයෙත් යන්න පටන් ගන්නව වගේ වෙද්දිම අර මනුස්සයා වැඩේට බැස්සලු. ඒ පාර අර ගෑණු ළමයා මනුස්සයාගේ පැත්තට බර වෙලා‍‍ කිව්වලු..

"අයියේ ඒ යන්නේ අනිත් පැත්තේ කෝච්චිය.."

4. "බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්.."

සිරිපාලගේ පාසල බහු ආගමික එකක්. ඒකෙ ක්‍රිස්තු ධර්මය සඳහාත් කාල පරිච්ඡේදයක් තියෙනවා. සිරිපාලත් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තු ධර්මය ඉගෙන ගන්නවා. හැබැයි සිරිපාලගේ අසල්වැසි සුමනා නම් කරන්නෙ මේ පාඩම අතරතුර නිදා ගන්න එකමයි.

එදාත් ඔන්න පියතුමා ඇවිල්ලා පාඩම පටන් ගත්තලු. සුමනත් ඔන්න නින්දට වැටුනලු.

පියතුමා: “අපේ ලොකේ මැවුවේ කවුද ලමයි?”

ඒත් එක්කම සිරිපාල සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නලු.

සුමනා: “දෙයියනේ” කියලා කෑ ගහගෙව සුමනා අවදි වුනාලු.

පියතුමා: “බොහොම හොඳයි”

ආයෙත් සුමනා නිදිලු

පියතුමා: “අපේ ගැලවුම් කරුවා කවුද ලමයි?”

සිරිපාල ආයෙත් සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නලු.

සුමනා: “ජේසු සුවාමි දරුවනේ” කියාගෙන, කෑ ගහගෙන අවදි වුනාලු.

පියතුමා: “බොහොම හොඳයි”

සුමනා නැවතත් නින්දට

පියතුමා: “ඒවා, ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ළමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයි”

සිරිපාල ආයෙත් සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නලු. ඒ පාර නහුතෙටම මල පැනපු සුමනා, එකපාර නැගිටලා “බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ !@$$% ගහනවා දැනගනින්” කිව්වලු.‍

පියතුමා සිහි සුන්ව ඇද වැටුනලු!

5. සිංහයා නම් බැරියැ! ගෑණි?

හීනියට සෙට් වෙන්න ගිහින් පස්සෙ පොඩ්ඩක් වැඩි වෙච්ච සත්තු වත්තේ මුරකාරයා, බමන මතින් ගෙදර යන්න මැලිකමක් දැක්වුවෙ තම බිරිද සිහි වෙච්ච නිසා.

“ටිකක් නිදාගෙන වෙරි ගතිය අඩු වුනාට පස්සෙ ගෙදර යනවා”, කියලා හිතපු ඔහු, නිදාගන්න හොඳ තැනක් බැලුවලු. ඒත් වෙලාවෙ හැටියට හරියන තැනක් හොයාගන්නම බැරි වුනාලු. තියෙන එකම තැන සිංහ කූඩුවලු.

“මොනවා වුණත් කමක් නෑ. මෙන්න මේකෙ නිදියනවා” කියලා හිතපු ඔහු හෙමින් සැරේ සිංහයාගේ කූඩුවට රිංගලා නින්දට වැටුනලු.

සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳලා බැරිම තැන තම සැමියා හොයාගෙන මුරකාරයාගෙ බිරිඳ සත්තු වත්තට ආවලු. ඒ ආවට පස්සෙ ඇයට දකින්න ලැබුනෙ මුරකරුවා සිංහ කූඩුවෙ සැපට නිදාගෙන ඉන්න විදියලු.

“නෙදකින් බයගුල්ලා. බීලා ගෙදර එන්ඩ බයේ, සිංහ කූඩුවට වෙලා නිදි”

Leave a comment