ඔන්න ආවෝ! Big Bad Wolf ආයෙත් ආවෝ!
මේ හාදයා ලංකාවට එන තුන්වෙනි සැරේ මේ. හැබැයි ඔන්න හිස් අතින් නම් නෙමෙයි. කලින් වතාවල්වල වගේම, මෙදා සැරෙත් ලාබෙට ගන්න පුළුවන් හොඳම ඉංග්‍රීසි පොත් ගොන්නක්ම උස්සගෙන තමයි ඔය ඇවිල්ලා ඉන්නේ.
Big Bad Wolf කියන්නේ මැලේසියාවේ පටන්ගෙන, මේ වෙද්දී තායිලන්තය, ඉන්දුනීසියාව වගේ රටවල්වලට පැතිරුණු ලොකු පොත් සේල් එකක්. විශාල වශයෙන් පොත් බෙදාහරින පිටරට සමාගම්වල ඉතුරුවෙන පොත්පත් බොහොම අඩු මිල ගණන්වලට විකුණන එක තමයි මේ කට්ටිය කරන්නේ. මුලටම ඒගොල්ලෝ ලංකාවට ආවේ 2017දී.
ඔක්තෝම්බර් 18වෙනිදා පටන්ගන්න මේ අවුරුද්දේ Big Bad Wolf පොත් සේල් එක ඔක්තෝම්බර් 28වෙනිදා වෙනතුරු දවස් 10ක් කොළඹ කොටුවේ SLECC, නොහොත් ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන ශාලාවේ පැවැත්වෙනවා. ඉතින් උදැහැනැක්කෙ ම ඔය පැත්තට ගියපු යමු ටීම් එකේ අපට දැකගන්න, විඳගන්න ලැබුණු අත්දැකීම ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. අද හවස් වරුවේ හරි, හෙට අනිද්දා දිහාට හරි මේ සේල් එකට යන අයට මේවා වැදගත් වේවි.
හෝව් හෝව්! කෝ ඉතින් කියන්නත් කලින් බෝතලේ අතේනේ! මේ කියන්නේ ඒ BYOB ගැන නෙවෙයි, Bring Your Own Bag කියන එකට. ඔයාලා ගන්න පොත් සේරම දාගන්න ඔයාගෙම කියලා බෑග් එකක් අරගෙන යන්න මෙදා සැරේ Big Bad Wolf කට්ටිය අවස්ථාව දීලා තියෙනවා. හැබැයි ඒ අතේ ගෙනියන්න පුළුවන් බෑග් එකක් මිසක් backpack නෙවෙයි හොඳේ. ඒ ගැනත් පොඩි විස්තරයක් තියෙනවා, තව ටිකකින් කියන්නම්. තමන්ගේම කියලා බෑග් එකක් ගෙනිච්චම සේල් එකෙන් දෙන පොලිතීන් බෑග් එක පාවිච්චි කරන්න ඕනේ නැහැනේ. ඉතින් පොලිතීන්වලින් වෙන පරිසර හානිය අවම කරන්න දරන පොඩි ප්රයත්නයක් තමයි මේක.
ආරක්ෂක හේතූන් නිසා මේ සැරේ Big Bad Wolf සේල් එක තියෙන SLECC හෝල් එකට යනකොට backpack, jacket, helmet වගේ දේවල් අරගෙන යන්න බැහැ. ඒවා ගෙනියනවනම් හෝල් එකේ එන්ට්‍රන්ස් එක ළග තියෙන රාක්කෙන් තියලා යන්න ඕනේ. සෙකියුරිටි එකේ කට්ටියත් ඉන්න නිසා ඒවායේ පරිස්සම ගැන ඒ හැටි වධ වෙන්න ඕනේ නැහැ.
මෙදා සැරේ පොත් ගොන්න කලින් අවුරුද්දේ, ඒ කියන්නේ 2018 සේල් එකට වැඩිය සෑහෙන්න හොඳයි. මොකද ඒ සැරේ වැඩිපුරම තිබුණේ Young Adult සහ Romantic සයිඩ් එකේ පොත්නේ. හැබැයි මෙදා පාර ඒවා විතරක් නෙවෙයි හොඳ History, Crime/Thriller සහ Biography පොත් සෙට් එකක් තිබුණා. දෙවැනි ලෝක යුද්ධ කාලේ ගැන ලියවුණු පොත්, ඊළඟට ඇමෙරිකාවේ World Trade Centre එකට එල්ලවුණු ප්‍රහාරය ගැන කියැවෙන පොත් කීපයක්ම අපට දැකගන්න ලැබුණා.
Biography පැත්තෙන් බැලුවොත් නෙල්සන් මැන්ඩෙලා, මිෂෙල් ඔබාමාගේ පොත් උණු කැවුම් වගේ විකිණෙන බවක් තමයි දැකගන්න ලැබුණේ. ඒ බොහොමයක් ඒවා රුපියල් 1000ට අඩු, හාඩ් කවර්, මින්ට් කන්ඩිෂන් එකේ පොත් වීමත් විශේෂත්වයක්.
කොහොම වුණත් ගොඩක් පොත්වල මිල ගණන් රුපියල් 500 - 750 රේන්ජ් එකේ තමයි තිබුණේ.
පොඩ්ඩන්ට විතරක් නෙවෙයි, ලොක්කන්ටත් පාට කරන්න පුළුවන් විදියේ colouring books මේ වතාවෙත් දැකගන්න පුළුවන් වුණා. අනික පොඩි අයට වෙන් වෙලා තිබුණු activity පොත් තොගෙත් මරු.
අනිත් හොඳම සීන් එක තමයි Comic Books. මේස දෙකක් පිරෙන්න තඩි කලෙක්ෂන් එකක්!
ඔන්න මේ වතාවේ නම් තමන්ට ඕනේ කරන පොත අදාළ කලෙක්ෂන්වල නැත්තම් වටේ කැරකි කැරකි ඉන්න ඕනේ නැහැ. හෝල් එක මැද්දේ තියෙන සර්විස් ඩෙස්ක් එකෙන් අහන්න පුළුවන්. සේල් එකේ තියෙන සේරම පොත්වල database එකක් එයාලගේ ළඟ තියෙනවා. ඔයාට ඕනේ පොතේ නම කිව්වම, ඒ පොත මෙදා සේල් එකේ තියෙනවද නැද්ද කියලා බලන්න ඒ කට්ටියට පුළුවන්.
Big Bad Wolf කියන්නේ BMICH එකේ තියෙන බුක් ෆෙයාර් එක වගේ පොත් ලිස්ට් එකක් ලියාගෙන ගිහින් පොත් ගන්න පුළුවන් තැනක් නෙවෙයි. මොකද මෙතන තියෙන්නේ රැන්ඩම් පොත්වලින් හැදුණු කලෙක්ෂන් එකක්. ඒ නිසා වෙලාව අරගෙන, ඔය Goodreads වගේ වෙබ්සයිට් එකකින් විස්තර, ගුණ අගුණ, rating දිහා බලන ගමන් පොත් මිලයට ගන්න කියලා මතක් කරන්න ඕනේ.
කෑෂ්, ක්‍රෙඩිට්, ඩෙබිට් කාර්ඩ් වගේම WePay ඇප් එකෙනුත් පේමන්ට් කරන්න Big Bad Wolf පහසුකම් සලස්වලා දීලා තියෙනවා. WePay කියන්නේ සම්පත් බැංකුවෙන් හදපු ඩිජිටල් වොලට් ටයිප් එකේ ඇප් එකක්. මේක හරහා ගෙවනවනම් 5%ක කෑෂ්බැක් ඔෆර් එකකුත් ලැබෙනවා. සම්පත් බැංකුවේ ස්ටෝල් එකක් SLECC එක ඇතුළෙම දාලා තියෙන නිසා එතැනට ගිහින් ඕක ගැන වැඩි විස්තර අහගන්නත් ඇහැකි.
ඒ හැරුණාම සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් තියෙනවනම් මාස 12ක පොලී රහිත ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් එකක් විදියට ඔයාගේ පොත්වල වටිනාකම ගෙවන්නත් හැකියාව තියෙනවා. ලොකු ගාණක පොත් ගන්නවනම් සාක්කුවට ඒ හැටි නොදැනෙන විදියට ගෙවන්න පුළුවන් විදියේ ඔප්ෂන් එකක් තමයි මේක.
SLECC එකේ එන්ට්‍රන්ස් එක ළඟ කෑම ස්ටෝල් බර ගණනක් තියෙනවා අපට දැකගන්න ලැබුණා. පොත් හොයන්න ගිහින් ඉවරවෙලා බඩට මොනවහරි දාගන්න ඕනේ නම් ඔයාලත් ඒ පැත්තට යන්න.
අන්තිමට කියන්න ඕනේ කාරණේ තමයි පොත් සේල් එක පැවැත්වෙන වෙලාවල් ටික. කිව්වත් වගේ ඔක්තෝම්බර් 18 පටන්ගත්තම මේක ඉවරවෙන්නේ ඔක්තෝම්බර් 28. ඒ කියන්නේ දවස් 10ක්. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදේ 10 සිට රෑ 10 වෙනතුරු පැවැත්වෙන මේ සේල් එක සිකුරාදා සිට ඉරිදා දක්වා පැය 24ම ඕපන්. ඒ කියන්නේ ඒ දවස් තුනේ උදේ 2.37ට ගියත් ඔයාට හිතේ හැටියට පොත් ගන්න පුළුවන්.
A restaurant by The Barnhouse Studio that serves up some epicurean dishes in their most unique ambience.
Chocolate-biscuit-pudding is a dessert unique to Sri Lanka - here's an aunty showing you how it's done
If you're thinking joining a gym in Colombo, here are some options.
Here's a recipe to make some delicious Sri Lankan side dish; Chili paste.
Post-lockdown high tea seshs in Colombo.
Delete Comment