ගෙදරින්ම කාලා.. එපා වෙලාද?
අත්‍යවශ්‍ය වියහියදම් ටික හැරුනාම නාස්ති කරන්නත් සල්ලි ටිකක් තියෙනවද?
එහෙනම් යාළු මෙන්න හොඳම විසඳුම.
සති ගාණකට පස්සෙ, කටට රහට කඩෙන් කෑම වේලක් කන්න. ඒකත් එසේ මෙසේ නෙවෙයි, අතේ ඇති ගාණට හිතේ හැටියට..
රසම රස,
බිරියානි!
තඩි චිකන් පලුවක්, තම්බපු බිත්තරයක් එක්ක හොඳහැටි බිරියානි අඩුම කුඩුම දාලා හදපු බාස්මතී හාලෙ හයිඩ්‍රාබාද් බතක්.. රු. 400ක් වගේ වෙන්නෙත්. ම්.. දන්න හැටියට නම් මෙයාලා ඩිලිවර් කරන්නෙ කොළඹ ඇතුලෙ විතරයි. ඒත් කෝකටත් කෝල් කරල බලන්නකෝ..
ඩිලිවරි ගාස්තු ඇත.
ග්‍රිල්ඩ්.. චිකන්, පෝර්ක් ලොකු ලොකු කෑලි, කීරි සම්බා හාලෙ සුපිරි බිරියානි බතත් එක්ක තලු මර මර හිතේ හැටියට රස බලන්න. රෑ 10ට කලින් ඕඩරේ වට්ස්ඇප් කරන්න.. අනිත් එක තමයි, මතක තියාගන්න මෙයාලා ගන්නෙ රු. 1000ට වැඩි ඕඩර් විතරයි. ඒ නිසා.. රු. 500 වගේ යන බිරියානි 2ක් දැම්ම නම් හරි.
ඩිලිවරි ගාස්තු; තලවතුගොඩ-රු. 90, පන්නිපිටිය-රු. 150, මහරගම-රු. 100, හෝකන්දර, රාජගිරිය, තලාහේන-රු. 250, රු. 5000ට වැඩි ඕඩර් සඳහා ඩිලිවරි නොමිලේ!
ඉන්දියාවෙත් නොම්මර එකේ බිරියානියක් ගැන තව මොන කතාද? මිරිස් තුනපහේ ඉඳන් බාස්මතී බතේ බිරියානි රස පදම පවා නූලටම තියෙන්න හැදෙන, ටොප් චිකන් කරි කෑලි තොගයක් මික්ස් වෙලා එන තරු පහේ.. බිරියානි බතක්. රු. 700 වගේ වෙන්නෙත්.
ඩිලිවරි ගාස්තු ඇත.
රු. 500ට වගේ ටොප් ඇරබික් බිරියානියක්, එහෙම නැත්නම් ඉන්ඩියන් බිරියානියක් වුනත්.. තඩි තන්දුරි චිකන් කෑල්ලක්, බැදපු බිත්තරයක්, කීරි සම්බා හාලෙ බතත් එක්කම, ගෙදරටම ගෙන්නගෙන රස බලන්න, මෙයාලට කතා කරන්න. හැබැයි.. ඩිලිවර් කරන්නෙ නම් කොළඹ ඇතුලෙ විතරයි..
ඩිලිවරි ගාස්තු ඇත.
මැලේ බිරියානි කෙසේ වෙතත් රසම රස ඉන්ඩියන් බිරියානියක්.. විශේෂයෙන්ම තන්දුරි චිකන්, කරි බීෆ් වගේ ජාති වලින්. බතත් බාස්මතී හාලෙන්. රු. 600ක් වගේ වෙන්නෙත්. වෙලාවෙ හැටියට පාඩුම නෑනෙ යාළු!
ඩිලිවරි ගාස්තු ඇත.
වැල්ලවත්ත අවට ඉන්න ඔයාලට විතරක්ම, මෙයාලා එවනව රසම රස තන්දුරි චිකන්, කරි මට්න් බිරියානි.. රස පදමටම බිරියානි මික්ස් එහෙමත් ගැලපුනු බාස්මතී හාලෙ බතත් එක්කම.. රු. 800කට වගේ. ඕඩරේ වට්ස්ඇප් කරන්න විතරයි තියෙන්නෙ.
ඩිලිවරි ගාස්තු ඇත.
මෙයාලගෙත් තියෙනව නම් තමයි පංකාදු චිකන් බිරියානි ජාති කීපයක්ම. ඒත් වැඩේ තියෙන්නෙ ගාණනෙ. යාලු තඩි තන්දුරි චිකන් පලු, නොම්මර එකටම මික්ස් වුනු බිරියානි රස, තිබ්බට.. එකක් රු. 1400ක් වගේ වෙනවනෙ. ඊටත් වැඩේ කියන්නෙ මෙයාලගෙ අඩුම ඕඩරේ රු. 2000ක් වෙන්නත් ඕනලු.
අනේ මන්දා ඉතින් මේ වෙලාවෙ?
ඩිලිවරි ගාස්තු ඇත.
හොඳම විසඳුම! මුලු ගෙදරටම දෙවේලකටම.. ඇයි ඉතින් සම්බා හාලෙන් දැම්මට මොකද මෙයාලගෙ බිරියානි සවාන් එකට එන දේවල් ටික ඇති යාලු දවස හොඳ හැටි ගෙවා ගන්න. හිතන්නකො, 8 දෙනෙක්ට විතර ඇති වෙන්න බත්. බතට මික්ස් වෙච්ච චිකනුයි වෙනමම රෝස්ට් චිකනුයි. හොදියි, සලාදයි තව එක එක ඒවයි එක්ක.. ඩෙසට් එකට වටලප්පමුත්.. හැරත් රු. 3000කට වගේ කිව්වාම?
ඩිලිවරි ගාස්තු ඇත.
මේ අනිත් එක. මෙයාලගෙ නම් තියෙනව යාළු පවුලේ පිරිස ඉන්න විදිය බලල ඕඩරේ දාගන්න. සාමාන්‍යයෙන් 6 දෙනෙක්ට වගේ බඩකට පිරෙන්න කන්න, සවානක් ගන්න යන්නෙ රු. 2500ක් වගේ. ඒකත් අඩුවක් නෑ ආයෙ සම්බා හාලෙ බිරියානි බතට චිකන් මික්ස්, රෝස්ට් චිකන් වෙනමම, සලාද අඩුම කුඩුම සියල්ලම.. කියල වැඩක් නෑ ඉතින්.
ඩිලිවරි ගාස්තු ඇත.
තරු පහේ ඉන්ඩියන් බිරියානියක්! පදමටම බිරියානි මික්ස් අඩුම කුඩුම ගලපපු බාස්මතී හාලෙ බතයි, ලොකු තන්දුරි චිකන් පලුවක් නැත්නම් කරි මට්න් තොගයයි..
එතනින් එහාට ඉතින්.. තව අඩුවක් තියෙයි?
වැඩි විස්තර ෆේස්බුක්, ඉන්ස්ට එකෙන්.
ඩිලිවරි ගාස්තු ඇත.
ම්.. මෙතනත් ඔක්කොම හොඳයි. ලොකු චිකන් පලුවක් එක්ක රසම රස බාස්මතී හාලෙ බිරියානි බතක් තමයි එන්නෙ. ඒත් ගාණ..?
රු. 800ක් වගේ වෙනව. ඒකත් අවුලක් නෑ, අඩුම ඕඩරේ රු. 3000ක්ලුනෙ..
හ්ම්..
ඉතින්, තියෙනව නම් බලල දාන්නකො.
කොළඹ 2-8 අවට, ඩිලිවරි ගාස්තු සහිතයි.
Pranzo has an amazing view and serves pretty good Italian and 'Sritalian' fare.
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
5 places to try this weekend.
We tasted every locally brewed and available beer. In the name of science!
Delete Comment
niyoqmar
Hi cafe Beverly is delivering