Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

වැඩිය හොඳ පොත් ද ෆිල්ම් ද? සසඳලා බලන්න කරුණු 5ක්..

සෑහෙන කාලයක ඉඳන් එන ප්‍රශ්නයක්.

Posted by

සෑහෙන ඈත කාලයක ඉඳන් පැවත එන විවාදාපන්න ප්‍රශ්නයක් ගැන කතා කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. වැඩිය හොඳ පොත් ද ෆිල්ම් ද? සමහරු කියයි පොත් කියවන්න කම්මැලියි ඒ හින්දා ෆිල්ම් බලන එක ලේසියි කියල. තවත් සමහරු කියයි පොතක පිටු පෙරළ පෙරළ සුවඳ බල බල අකුරු අතගගා කියවන එක තරම්, ෆිල්ම් බලන එක රොමැන්ටික් නෑ කියල. ඉතින් මේක තම තමන්ගෙ රුචිකත්වය මත තීරණේ වෙන දෙයක් තමයි. හැබැයි අපි හදන්නෙ ඇත්තට ම මේ දෙකේ ම තියන වෙනස්කම් ගැන ඊට වඩා ටිකක් දුරදිග හිතන්න. ඔන්න බලන්නකො..

පරිකල්පනය

පොතකින් අපි කියවන්නෙ වචන. එතකොට ඒ වචන එකතු වෙලා නිර්මාණය වුණු කතාව මැවෙන්නේ අපේ ඔළුව ඇතුළේ. ඒ නිසා ඒ මැවෙන කතාව පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. ඉතින් තම තම නැණ පමණින් එක එක අය එක එක ස්වරූපවලින් කතාව වටහාගන්නවා. මෙහෙම කතාව ඔළුවේ මැවෙන එකට කියන්නේ පරිකල්පනය කියලා. හැබැයි ෆිල්ම් එකකින් වෙන්නේ මේකේ අනික් පැත්ත. ෆිල්ම් එකේදි අපිට ඉමැජින් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මොකද අපේ ඇස් දෙකට ම කතාව පේනව නේ. ඒ නිසා පොතක් කියවනවට වඩා ෆිල්ම් එකක් බලද්දි අපේ පරිකල්පනය කිසියම් සීමාවක් තුළට කොටු වීමක් සිද්ධ වෙනවා කියල කිව්වට වැරදි නෑ.

කාලය

ෆිල්ම් එකක් උපරිම දික් වෙන්නේ පැය දෙකහමාරක් වගේ නේ. හැබැයි සාමාන්‍ය නවල් එකක පිටු තුන් හාරසීයක් තියනවා. මේ තියන වැඩ රාජකාරි අස්සේ ඔය තරමේ පොතක් කියවන්න අඩුම තරමින් සතියක්වත් යනව නේ. ඉතින් අද කාලේ අපිට තියන කලබල ජීවන රටාව එක්ක, හෙමීට කල් අරගෙන නිවාඩු පාඩුවේ පොතක් කියවනවට වැඩිය ෆිල්ම් එකක් බලන එක ලේසියි.

භාෂාව

ෆිල්ම් බලනවට වඩා පොත් කියවීමේ විශේෂ ම වාසිය තමයි මේක. භාෂාව ඔපමට්ටම් කරගන්න පුළුවන් වෙන්නේ කියවීමෙන්. අපේ මව්භාෂාවේ හෝ අපි කියවන ඕනෑ ම භාෂාවක ව්‍යාකරණ, වාග් කෝෂය, උපමා රූපක, ව්‍යංග්‍යාර්ථ විතරක් නෙවෙයි, වෙනත් සංස්කෘතීන්වල පසුබිම සහ වටපිටාව ආදියත්, කියවීම තුළින් හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. පොතක් චිත්‍රපටියක් බවට පත් වෙද්දි, එහි තියන විස්තර වර්ණනා යෙදුම් බොහොමයක් ඉවත් වෙලා තමයි කැපුණු කෙටුණු තිරරචනයක් බවට පත් වෙන්නෙ. ඉතින් ෆිල්ම් එකක සීමා සහිත කාල අවකාශයේ පාවිච්චි වෙන භාෂාවට වඩා පුළුල් පරාසයක විහිදුණු භාෂාත්මක අධ්‍යයනයක් පොතකින් කරන්න පුළුවන්.

පසුබිම් සංගීතය

නිකං හිතන්නකො, පොතක් කියවගෙන යද්දි, අපි කියවමින් ඉන්න සිදුවීමට අදාළ සංගීත ඛණ්ඩයක් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වුණොත් කොහොම තියෙයි ද! පොතක් කියවද්දි විතරක් නෙවෙයි, සාමාන්‍ය ජීවිතේටත් බැක්ග්‍රවුන්ඩ් මියුසික් ඕනේ කියල හිතුණ වෙලාවල් ඕගොල්ලො අත්විඳලා ඇති. ඒ ඒ අවස්ථාවට අදාළ දුක, සතුට, බය, පුදුමය, කුතුහලය වගේ විවිධ හැඟීම් තීව්‍ර කරන්න තමයි පසුබිම් සංගීතය පාවිච්චි වෙන්නේ. ෆිල්ම් එකක් බලන් ඉද්දි අපිට පසුබිම් සංගීතය කොච්චර වැදගත් ද කියලා වැඩිය දැනෙන්නෙ නැති වුණාට අපේ මූඩ් එක ඒ ඒ සිදුවීමට අනුව වෙනස් කරන්න මියුසික්වලින් ලොකු දායකත්වයක් දෙනවා. ඉතින් පොත්වල නැති, ෆිල්ම්වල තියන ලොකු ම විශේෂත්වයක් තමයි බැක්ග්‍රවුන්ඩ් මියුසික්.

සෞඛ්‍යය

පොත් කියවීමෙන් අපේ මානසික සෞඛ්‍යයට ලැබෙන වාසි බොහොමයි. කියවීම කියන්නේ මොළයට හොඳ ව්‍යායාමයක්. මානසික ආතතිය අඩු කරලා, අවධානය එක තැනක රඳවාගන්න කියවීම මනසට උදව් කරනවා. ඒ වගේ ම මතක ශක්තිය දියුණුවටත්, වඩා හොඳ නින්දක් ලැබීමටත්, කියවීම හොඳ ම අභ්‍යාසයක් බව වෛද්‍යවරු කියනවා. ඉතින් ඔහොම ඔහොම බලාගෙන ගියාම ෆිල්ම්වලට බැරි, පොත්වලට විතරක් කරන්න පුළුවන් දේවලුත් තියනවා!

කොහොම වුණත් කමක් නෑ, එක එක අයගේ තෝරාගැනීම් එක එක විදිහයි නේ. ඉතින් ෆිල්ම් බලන අය ෆිල්ම් බලන්න, පොත් කියවන අය පොත් කියවන්න. හැබැයි මොකක් කරත් කරන දේ එන්ජෝයි කරන්න..

Leave a comment