කල් නොදමා හඳුනාගමු පියයුරු පිළිකා; පියයුරු පිළිකාවේ ලක්ෂණ, ප්‍රතිකාර සහ වළක්වාගන්නා ක්‍රම.

මේ පහුගිය දවස් ටිකේ මුළු ෆේස්බුක් එක ම ෆෘට් සැලඩ් එකක් වෙලයි තිබුණේ. ඇයි ඉතින් දකින දකින ගෑනු ළමයා තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් පලතුරක් ගැන ස්ටේටස් එකක් දාලනේ. චෙරි කියයි, රාස්ප්බෙරි කියයි, බ්ලූබෙරි කියයි, බනානා කියයි; ඔන්න ඔය වගේ නා නා ප්‍රකාර පලතුරු 10ක් මේ විදියට ෆේස්බුක් ස්ටේටස් විදියට හුවමාරු වෙනවා අපට දකින්න ලැබුණා.

මේ පලතුරු කතාවේ පිටිපස්සේ හැංගිලා තියෙන තේරුම හොයාගෙන යද්දී තමයි අපට පහළින් දක්වලා තියෙන සටහන හම්බවුණේ. බැලින්නම් මේක මේ පියයුරු පිළිකා සම්බන්ධ දැනුවත් කිරීමේ මාසය (ඔක්තෝම්බර් 1 – 31 දක්වා) වෙනුවෙන් පටන්ගත්ත පොඩි ෆේස්බුක් ගේම් එකක්. තමන්ගේ ජීවිතයට අදාළ තත්ත්වය දක්වලා තියෙන පළතුර ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් එකක් විදියට දාන එක තමයි ගේම් එක. ඇත්ත ම කිව්වොත් මේ ගේම් එක ඉවර වෙලා දැන් ටිකක් කල්. කරුමෙකට වගේ අපේ අයට දැනගන්න ලැබිලා තියෙන්නේ පස්සේ.

සාමාන්‍යයෙන් තමන්ට නොතේරෙන දෙයක් දැක්ක ම, ඒවා වවාගෙන කාලා, ඒවට තමන්ට හිතෙන දේවල් දාලා ප්‍රසිද්ධ වෙන්න දඟලන එක ලංකාවට විතරක් පුරුදු දෙයක් නෙවෙයි. ඒ වගේ මානසික මට්ටම් තියෙන අය ලෝකේ පුරා කොහෙත් ඉන්නවා. අන්න එහෙම කීපදෙනෙක් හදපු මෙන්න මේ වගේ පෝස්ට්නුත් අපට දැකගන්න ලැබුණා.

කොහොම වුණත් ඔය පලතුරු ස්ටේටස් එක දැමීම තුළින් පියයුරු පිළිකා දැනුවත් කිරීමක් හෝ,  පියයුරු පිළිකා වැළදුණු අයට මොකක් හරි සෙතක් වෙන්නේ නැහැනේ. අනික තේරුමක් නොදැන ඒ වගේ දේකට මඩ ගහන එකෙත් තේරුමක් නැහැ. අන්න ඒ නිසා තමයි  මාතෘකාවට ආව වෙලාවේ, ලෝකේ ම කාන්තාවන් සහ පිරිමින් මුහුණදෙන සුලබ සහ අවාසනාවන්ත රෝගී තත්ත්වයක් වෙන පියයුරු පිළිකා ගැන කතා කරන්න අපි කල්පනා කළේ.

පියයුරු පිළිකාවක් කියන්නේ මොකද්ද?

සරලව ම ගත්තොත් පිළිකාවක් කියන්නේ අපේ ඇඟේ තියෙන සෛලවල අසාමාන්‍ය වර්ධනයක් ඇති වීම හේතුවෙන් හට ගන්න රෝගී තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වය පියයුරක ඇති වුණා ම, ඒක පියයුරු පිළිකාවක් කියලා හඳුන්වනවා.

මේ විදියට වෙන අසාමාන්‍ය සෛල වර්ධනයක් පියයුරේ ඇති වෙන ගැටිත්තක් හෝ ගෙඩියක් විදියට දැකගන්න පුළුවන්. හැබැයි පියයුරුවල තියෙන හැම ගැටිත්තක් ම පිළිකාවක් කියලා කියන්න බැහැ. මේවායින් 80%ක් ම පිළිකා නෙවෙයි. හැබැයි වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගෙන ඒක තහවුරු කරගන්න ඕනේ. මොකද ඇත්තට ම ඒ පිළිකාවක් නම්, ඒක ශරීරය පුරා පැතිරීමේ සම්භාවිතාවයක් තියෙන නිසා.

පියයුරු පිළිකාවේ ලක්ෂණ

පියයුරු පිළිකාවක් හඳුනාගන්න පුළුවන් විදියේ ලක්ෂණ කීපයක් ම තියෙනවා. මේ අතරින් ගොඩක් ම සුලබ ලක්ෂණය වෙන්නේ කලින් කියපු විදියට පියයුරේ ඇතිවෙන ගෙඩියක්, ඝන වීමක් හෝ ගැටිත්තක් තිබීම. ඒ හැරුණා ම මෙන්න මේ වගේ ලක්ෂණ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ.

  • පියයුරේ හැඩයේ වෙනස්‌වීමක්‌ හෝ ප්‍රමාණයේ වෙනස්‌වීමක්‌

  • තන පුඩුවෙන් යම් ස්‍රාව පිටවීමක්‌

  • තනපුඩුව ඇතුළට ගිලීයාමක්‌

  • පියයුරේ සමේ පැහැයේ වෙනස්‌ වීමක්‌

  • පියයුරුවල ඇතිවන්නාවූ වේදනාවක්

  • සම ඇතුළත ගිලීයාමක්‌ හෝ සම දොඩම් ලෙල්ලක ස්‌වරූපයක්‌ ගැනීම

  • තන පුඩුව හෝ ඒ අවට ප්‍රදේශයේ ඇති වෙන ඉදිමීමක්, රතු වීමක් හෝ තුවාල ඇතිවීමක්

මේ හේතුවලට අමතරව පියයුරු සාමාන්‍ය තත්ත්වයේ පැවතුනත්, කිහිල්ලේ වසා ගැටිති ඉදිමීමක් ඇති වීම පියයුරු පිළිකාවේ ලක්ෂණයක් විදියට සලකන්න පුළුවන්. මේ ලක්ෂණ එකක් හෝ කීපයක් ඇති වෙලා තියෙනවනම්, වහා ම සුදුසු වෛද්‍යවරයෙක් ළඟට ගිහින් පරීක්ෂා කරගැනීම කළ යුතුමයි.

පියයුරු පිළිකා හඳුනාගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් පියයුරු පිළිකා හඳුනාගැනීම සිදු කරන්නේ පියවර 3ක් ඔස්සේයි.

පළමුවෙනි පියවර වෙන්නේ වෛද්‍යවරයෙක් ලවා රෝගියාව පරීක්ෂා කරගන්න එක. මේක ඇත්තට ම තමන්ට වුණත් කරගන්න පුළුවන් දෙයක්. මොකද පියයුරු පිළිකාවලින් 90%ක් ම හඳුනාගන්නේ ගෙදරදී කරන ස්වයං පරීක්ෂාවලින්. එහෙම කරලා සැක සහිත ගැටිත්තක් වගේ දෙයක් තියෙනවනම්, පළපුරුදු වෛද්‍යවරයෙක් ළඟට ගිහින් පෙන්වන්න ඕනේ. ඒක අහිංසක වර්ධනයක් ද, පිළිකාමය වර්ධනයක් ද කියන එක හඳුනාගන්න ඔහුට/ඇයට හැකියාව තියෙනවා.

මැමෝග්රෑම්, අල්ට්‍රා සවුන්ඩ්, එම්. ආර්. අයි. ස්කෑන් පරීක්‌ෂා මගින් පිළිකාමය තත්ත්ව හඳුනාගැනීම තමයි දෙවැනි පියවරේදී වෙන්නේ. සාමාන්‍ය පරීක්ෂාවකදී හඳුනාගන්න බැරි විදියේ පිළිකා තත්ත්ව පවා මැමෝ ග්රෑම් පරීක්ෂණවලදී හෙළි වෙනවා.

තුන්වන අදියරේදී වෙන්නේ පටක පරීක්‌ෂාවයි. පිළිකාව හඳුනාගන්න තියෙන සාර්ථක ම ක්‍රමය විදියටත් මේක හඳුන්වන්න පුළුවන්.

පියයුරු පිළිකාවට ප්‍රතිකාර

මෙතැනදී ගොඩක් වෙලාවට වෙන්නේ ශල්‍ය කර්මයක් මගින් පියයුරේ පිළිකාව ඇති ප්‍රදේශය හෝ පිළිකාව වැළඳුණු පියයුර ඉවත් කිරීමයි. ඒ වගේ ම පිළිකා නාශක ඖෂධ ලබාදීමකුත් වෙනවා. පිළිකාවේ ප්‍රමාණය කුඩා කරන්න මේ ඖෂධවලට පුළුවන්. එන්නත් හෝ මුඛ මාර්ගයෙන් තමයි මේවා ලබාදෙන්නේ. සමහර රෝගීන්ට මේවා රෝහලේ බාහිර රෝගී අංශයෙන් ගන්න පුළුවන්. ඒ නැත්තන් රෝහලට ඇතුළත් වෙලා ලබාගන්න හැකියාව තියෙනවා.

හෝමෝන ප්‍රතිකාරය පියයුරු පිළිකාවලට දෙන තවත් ප්‍රතිකාර ක්‍රමයක්. පිළිකා සෛලවල වර්ධනය සිදු කරන හෝමෝනවල ක්‍රියාකාරී බව පාලනය කරන්නේ කාන්තාවන්ගේ සිරුරේ  තියෙන ඊස්‌ට්‍රජන් සහ ප්‍රොජෙස්‌ටරෝන් යන හෝමෝන් වර්ග දෙකයි. මේ හෝමෝන  ප්‍රතිකාරවලින් ඒ හෝමෝන දෙකේ පාලනයක් සිද්ධ කරනවා.

විකිරණ ප්‍රතිකාරය ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ ශල්‍ය කර්මයෙන් පස්සේ. ශල්‍ය කර්මය කරපු පියයුර හා ඒ අවට ප්‍රදේශයට විකිරණ ලබා දීමක් මෙතැනදී වෙනවා. ශල්‍ය කර්මයෙන් පස්සෙත් ඉතිරි වෙලා තියෙන පිළිකා සෛල විකිරණ හරහා විනාශ කිරීමක් තමයි මෙතැනදී වෙන්නේ.

කොහොම වුණත් මේ ඕනේ ම ප්‍රතිකාර ක්‍රමයක් තීරණය වෙන්නේ අදාළ රෝගියාගේ රෝගයේ අවදානම් තත්ත්වය හැටියටයි.

පියයුරු පිළිකා පරීක්ෂණ ක්‍රම වගේ ම, ප්‍රතිකාර සඳහා විශේෂයෙන් ම කැප වුණු රෝහල් ගණනාවක් ලංකාවේ තියෙනවා. මහරගම පිළිකා රෝහල (අපේක්ෂා රෝහල), ආසිරි සර්ජිකල්, හේමාස්, ඩර්ඩන්ස්, නවලෝක, ලංකා හොස්පිටල්ස්, සෙලින්කෝ හෙල්ත්කෙයාර්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, සහ යාපනේ තෙල්ලිපල්ලයි ට්‍රේල් පිළිකා රෝහල මේ අතරින් විශේෂයි.  

පියයුරු පිළිකා වළක්වා ගන්න නම්

2010 අවුරුද්දේදී ජාතික පිළිකා මර්දන ඒකකයෙන් නිකුත් කරපු වාර්තාවට අනූව, ලංකාවේ සෑම කාන්තාවන් හතර දෙනෙක්ගෙන් එක් අයෙකුට ම පියයුරු පිළිකා වැළඳීමේ සම්භාවිතාවයක් තියෙනවා. කාන්තාවන්ට මේ රෝගය වැළඳීමේ හැකියාව වැඩි වුණත්, මේක එයාලට ම වෙන් වුණු ලෙඩක් නෙවෙයි. පිරිමින්ටත් අදාළයි. ඔය වාර්තාවට අනූව 2010 අවුරුද්දේ ලංකාවේ පිරිමි 39 දෙනෙක් ව පියයුරු පිළිකා රෝගීන් විදියට හඳුනාගෙන තියෙනවා.

ව්‍යායාම කිරීම, ඇල්කොහොල් පරිභෝජනය අඩු කිරීම, නිකොටීන් භාවිතාව අවම කිරීම, දෙළුම්, බ්‍රකෝලි, සුදු ලූණු, කහ, ඇට වර්ග තමන්ගේ කෑම වේලට වැඩිපුර එකතු කරගැනීම මගින් පිළිකාව විතරක් නෙවෙයි තව හුඟක් ලෙඩ රෝගවලින් බේරෙන්න හේතු වෙනවා.

ඇමරිකානු පිළිකා සංගමයේ පිළිකා මර්දන අධ්‍යනයන්ට අනූව දුම් පානය කරන අයගේ පියයුරු පිළිකා වර්ධන ප්‍රතිශතය, සාමාන්‍ය කෙනෙකුට වඩා 24%කින් වැඩියි. දුම් පානය කරලා නවත්තපු අයගේ මේ ප්‍රතිශතය 13%ක්.

සතියකට ඇල්කොහොල් සහිත බීම 3කට වඩා පරිභෝජනය කරන කාන්තාවන්ගේ පියයුරු පිළිකා වර්ධනය, එහෙම නොකරන අයට වඩා 15%කින් වැඩි බවත් මේ අධ්‍යනයන් සඳහන් කරනවා.

ඒ වගේ ම කිරි දෙන මව්වරුන්ට පිළිකා වැළඳීමේ සම්භාවිතාවය අඩුයි. සිරුරේ ඊස්ට්‍රජන් වැඩි වීම පියයුරු පිළිකාවලට තුඩු දෙන කරුණක්. කිරි දෙන මව්වරුන්ගේ සිරුරේ ඊස්ට්‍රජන් මට්ටම, අනිත් කාන්තාවන්ට වඩා පාලනය වෙලයි තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට පිළිකා වැළඳෙන හැකියාව අවම බවට හෙළි වෙලා තියෙනවා.

ලංකාවේ පියයුරු පිළිකා තත්ත්වය

ජාතික පිළිකා මර්දන ඒකකයේ 2010 අවුරුද්දේ පල කරපු වාර්තාවට අනූව, වැඩිම පියයුරු පිළිකා රෝගීන් ගණනක් වාර්තා වෙන්නේ නුවර සහ කොළඹ නගරවලින්. ඒ වගේ ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරපු වාර්තාවේ කියවෙන විදියට, ලංකාවේ කාන්තාවන් 100,000ගෙන් 22 දෙනෙක් පියයුරු පිළිකා රෝගීන් විදියට හඳුනාගෙන තියෙනවා.

කොහොමත් වයස අවුරුදු 40ට වඩා වැඩි අයට පිළිකා වැළඳීමේ ප්‍රවණතාවය වැඩියි. ඒ හැරුණා ම ආරයෙන් එන පියයුරු පිළිකාවට ගොදුරු වීමක් වෙන්නත් පුළුවන්. වැඩිපුර විකිරණවලට නිරාවරණය වීම, අධික තරබාරු බව, පළමු දරු උපත ප්‍රමාද වීම, ළාබාල වයසින් වැඩි වියට පත්වීම, පමා වී ආර්තවහරණයට පත් වීම වගේ හේතු කීපයක් ම පියයුරු පිළිකා කාරක විදියට හඳුන්වන්න පුළුවන්.

පියයුරු පිළිකා මර්දනය ගැන දැනුවත් වෙන්න ඕනේ ඇයි?

ලෝක සාමාන්‍යයක් විදියට ගත්ත ම හැම මිනිත්තු 2කට වරක් ම කාන්තාවක් පියයුරු පිළිකාවක් ඇති රෝගියෙක් විදියට හඳුනාගැනෙනවා. ඒ වගේ ම, සෑම මිනිත්තු 13කට වරක් ම කාන්තාවක් පියයුරු පිළිකාව නිසා මරණයට පත් වෙනවා.

පිරිමි අයට මේ රෝගය වැළඳීමේ සම්භාවිතාවය වාර්තා වෙන්නේ 1/1000 විදියටයි. නමුත් රෝගය හඳුනාගැනීම හරි හැටි සිදු නොවෙන නිසා ඔවුන්ගේ මරණ සිදුවීමේ ප්‍රවණතාවය ඉහළයි.

දැන් ෆේස්බුක් එක පුරා පලතුරු ගැන ලියලා පලතුරු සලාද හැදුවා මදැයි. මෙන්න මේ කාරණා හිතට අරගෙන, දන්නා කියන අයටත් කියලා දීලා මේ වගේ දරුණු රෝගයකින් මිදෙන විදිය ගැන දැන කියාගත්තා නම් තමයි හුඟක් වටින්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide