මගුල් ගෙයක්, බර්ත්ඩේ පාටියක්, සංවත්සර සැමරුමක් වගේ උත්සව අවස්ථාවක විතරක් නෙමෙයි, කොටින් ම දානෙ ගෙයක් වගේ තැනක වුණත් නැතුවම බැරි වැදගත් ම අංගය තමයි බුෆේ එක! එහෙම අවස්ථාවල කට්ටිය ඉතින් සැදී පැහැදී ඉන්නෙ බුෆේ එක ඕපන් කරනකන්...
හැබැයි ඉතින් බුෆේ එකකින් බඩ පිරෙන්න කන්න එහෙම උත්සවයක් එනකන් ම ඉන්න ඕන නෑ! මේ අවුරුද්දේ කොළඹින් හොයාගන්න පුළුවන් වුණ හොඳ ම බුෆේ කීපයක් ගැනයි අපි මේ කියන්න යන්නෙ…
200, යුනියන් පෙදෙස, කොළඹ 2
මිල: රු. 3150 (ඩිනර්), රු. 2800 (ලන්ච්)
කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්වල තියන ‘ෆ්ලෝ’ බුෆේ එකේ ඩිනර් එකයි ලන්ච් එකයි එකිනෙකට වෙනස්. ඒ මෙන්න මෙහෙමයි. ඩිනර් එකේ අන්ලිමිටඩ් සුෂි එහෙම සෑහෙන හොඳ වුණාට ඩෙසට් බාර් එක නං එච්චර ම අපේ හිතට ඇල්ලුවෙ නෑ. ලන්ච් එකේ සුෂි තිබ්බෙ සීමිත ප්‍රමාණයක්. හැබැයි ඩෙසට් බාර් එක මරු! ඒ වගේ ම නියම නූඩ්ල්ස් සෙක්ෂන් එකකුත් ලන්ච් බුෆේ එකේ තිබුණා. කොහොම වුණත් හුඟක් ම දේවල් නැති වුණත් කෑම ටික හොඳයි. දවල්, රෑ දෙවේලෙ ම හිටපු ස්ටාෆ් එක වුණත් හරි ම හිතවත්.
සැ.යු: ඩිනර් බුෆේ එක තියෙන්නෙ සිකුරාදට විතරයි.
හිල්ටන් හෝටලය, කොළඹ 01
මිල:
ලන්ච් (සඳුදා-බදාදා) රු. 3388, (බ්‍රහස්පතින්දා-සිකුරාදා) රු. 3588, (ඉරිදා) රු. 3988
ඩිනර් (සඳුදා) රු. 3288, (අඟහරුවාදා-බදාදා) රු. 3888, (බ්‍රහස්පතින්දා-සෙනසුරාදා) රු. 3988
ජපන්, ඉතාලි වගේ හිතාගන්න බැරි තරම් කෑම ජාති ප්‍රමාණයක් තියන එක තමයි මේ බුෆේ එකේ විශේෂත්වය. ඒ නිසා මේ ලිස්ට් එකේ තියන වැඩි ම කෑම වර්ග ගාණ තියෙන්නෙ හිල්ටන් හෝටලේ ග්‍රේස් කිචන් බුෆේ එකේ.
මිල: රු. 2300 (ලන්ච්), රු. 3200 (ඩිනර්)
පැණි රහ කන්න ආස කෙනෙක් නං, ඩෙසට් පිස්සෙක් නං, ඔන්න මේක තමයි තැන! ගල්කිස්ස මහ හෝටලේ ගවර්නර්ස් රෙස්ටොරන්ට් එකේ සැලඩ් වගේ ම ඩෙසට් බුෆේ එකත් ලොකු ම ලොකුයි. අපි ගිය දවසෙ ඒෂියන් කෑමවලට වැඩි තැනක් දීල තිබුණා. අපි ට්‍රයි කරපු ස්පයිසි කෑම සෑහෙන හොඳ වුණත් ඩෙසට්වල කොලිටි එකට නම් සම කරන්න බෑ. කොහොම වුණත් ලස්සන වීව් එකකුයි කඩියො වගේ වැඩ කරන ස්ටාෆ් එකකුයි එක්ක ගෙවුණ ගවර්නර්ස් රෙස්ටොරන්ට් එකේ බුෆේ අත්දැකීම සතුටුදායක එකක්…
ටාජ් සමුද්‍ර, ගාලු මුවදොර මැද පාර, කොළඹ 03
මිල: රු. 2950 (ලන්ච්), රු. 3400 (ඩිනර්)
ලැටිටියුඩ් බුෆේ එක ගැන අපිට තියෙන්නෙ මිශ්‍ර අදහස්. මේන්ස් අතින් ගත්තම නං වාව් කියන්න හිතෙන්නෙ නැති වුණත්, සැලඩ් සහ ඩෙසට් පැත්තෙන් තෝරගන්න වර්ග සෑහෙන ගොඩක් තියනවා. ටාට්ස්, කේක්, චීස්කේක් වගේ රස අතුරුපස ජාති වගේ ම එක එක විදිහට රහට හදපු මස් ජාති එහෙම තිබුණ හින්දා අවුලක් ම නෑ!
සිනමන් ලේක්සයිඩ්, 115, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02
මිල: රු. 3350
ඩිනර්: රු. 3750
අපි ගිහින් තියෙන්නේ ඩයිනිං රූම් එකේ බ්‍රෙක්ෆස්ට් බුෆේ එකට විතරයි. ඒ නිසා එයාලගෙ බ්‍රෙක්ෆස්ට් බුෆේ එක නං සතුටුදායකයි කියල සහතික වෙන්න පුළුවන්. පාන්, සීරියල්, වොෆ්ල්ස් වගේ ජාති විතරක් නෙමෙයි, ශ්‍රී ලංකන් කෑමවලටත් වෙන ම සෙක්ෂන් එකක් තියනවා. බ්රෙක්ෆස්ට්වලට ස්මෝක් කරපු තෝර මාළු එකතු කරල තිබුණ එකත් විශේෂත්වයක්. ඉතිං උදේ කෑම ගැන සෑහෙන උනන්දු කෙනෙක් නං මෙතෙන්ට ගිහින් බලන එක වටිනවා.
59, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 03
මිල: රු. 2400 (ඩිනර්), රු. 1738 (බ්‍රෙක්ෆස්ට්)
කොළඹ තියන උස ම වගේ ම ලස්සන ම රූෆ්ටොප් බාර්ස්වලින් එකක් තියෙන්නෙ සිනමන් රෙඩ් එකේ කියන එක ප්‍රසිද්ධ කාරණයක් නෙ. ඒ වගේ ම තමයි බුෆේ එකත්. තෝරගන්න ඕන තරම් කෑම ජාති තියන නිසා කටට රහට බඩ පිරෙන්න කන්න මෙතන මරු!
මිල: රු. 1750 (සතියේ දින), රු. 1950 (සෙනසුරාදා)
ලිස්ට් එකේ අනික් ඒවට සාපේක්ෂව මේක තරමක් අලුත් තැනක් වුණත් මේ වෙද්දි නං හැමෝම මෙතන ගැන දන්නවා. මෙතෙන්ට ගියොත්, තට්ටු 29ක් උඩ මුළු කොළඹ නගරෙ ම පේන තැනක ඉඳන් බුෆේ එකක් අත්විඳින්න හැමෝටම පුළුවන්. තෝරන්න කියල වර්ග මහ ගොඩක් ම නැතත්, තියන ටිකේ කොලිටි එක ඉතා ම සතුටුදායකයි.
ටාජ් සමුද්‍ර, ගාලු මුවදොර මැද පාර, කොළඹ 03
මිල: ස්පෙෂල් බුෆේ - රු. 4200 (ඉරිදා)
ලන්ච් - රු. 2950, ඩිනර් - රු. 3400
දැන් ටික කාලයක් තිස්සෙ සෑහෙන ජනප්‍රිය තැනක් තමයි මේ. මස්, චීස් වගේ පැතිවලින් හොඳ සිලෙක්ෂන් එකක් මෙයාල ළඟ තියනවා. ඒ වගේ ම මේ බුෆේ එකේ ස්ටාටර්ස් එහෙමත් නියමයි. ඒ විතරක් ද! තව වෙන ම ජැපනීස් කෝනර් එකකුත් තියනවා. මේගොල්ලො මාංශ පැත්තට කොච්චර බර ද කිව්වොත්, තව පොඩ්ඩක් වෙජි පැත්තට බර කෑම ජාති ටිකක් බුෆේ එකට එකතු කළා නම් හොඳයි කියල අපිට හිතුණා. හැබැයි ඉතිං මේන්ස් වුණත් රසකැවිලි වුණත් ලංකාවෙ කෑම හොයන අයට නං මෙතන ෂෝක්!
590, මරීන් ඩ්‍රයිව්, කොළඹ 03
මිල: ලන්ච් - රු. 2750 (සතිඅන්තයේ පමණයි), ඩිනර් - රු. 2500
එක එක ජාතියේ රස බර කෑමවලින් පිරුණ ටයිඩ්ස් බුෆේ එකත් ගිහින් බලන්න ම ඕන තැනක්. මුහුද අයිනේ ලස්සන වීව් එක හින්දා මෙතනට කන්න එන අයගේ බඩ වගේ ම හිතත් පිරෙනවා.
මේ ලිස්ට් එක ගොඩක් දිග එකක් නෙමෙයි. ඒ වගේ ම හොඳ ම බුෆේ තියන හැම තැනක් ගැන ම කියවෙන්නෙත් නැති බව ඇත්ත! තවත් හොඳ බුෆේ ගැන දැනගත්ත වහා ම මේ ලිස්ට් එකට අපි ඒවා අනිවාර්යයෙන් එකතු කරනවා.
The 2021 edition of buffets in Colombo.
Day outing packages available in and around Colombo.
We tasted every locally brewed and available beer. In the name of science!
A list of 15 places for your next day outing.
Arguably the best grill in CMB.
Delete Comment