Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

ගෙදර ඉඳන් නෙවේ වගේ ගෙදර ඉඳන් වැඩ කරන්න.. අපූරු ටිප්ස්, ට්‍රික්ස් 6ක්

පහුගිය සැරෙත් මාස ගාණක් ගෙවල් වලටම වෙලා…

Posted by

පහුගිය සැරෙත් මාස ගාණක් ගෙවල් වලටම වෙලා ඉඳලා එපා වෙච්ච උදවියට..

මේ පාර ලොක් ඩවුන් ආවත් නැතත්, ‘වර්කින්ග් ෆ්‍රොම් හෝම්’ එපා නොවෙන්න කරගෙන යන්න..

බලන්න, පොඩි පොඩි වැඩ ඔ්න තරම් තියෙනවනෙ කරන්න!‍‍‍

1. සීල් කාමරය

සිවිලමක් නැත්නම් යාළු පොඩ්ඩක් වැඩේ අමාරුයි. ඒත් අවුලක් නෑ.. යන්න ලෝ බජට් සිවිලිමකට. ඝන ඉටිරෙදි පාවිච්චි කරලා ඔයාට පුලුවන් බිත්ති හතරෙ උඩ දාර දිගේ පොඩි ලී ෆ්‍රේම් එකක් ගහලා ඔ්න හැඩයකට වියාගන්න. ඒකට.. ස්පෙෂලිස්ට්ලත් ඉන්නව. එහෙම කෙනෙක් අල්ල ගත්තොත් ඔයාට නිකම් වියනක් නෙවෙයි, ලස්සන.. ඔයා ආසකරන ඩිසයින්ග් එකකටම වියාගන්න පුලුවන්. එහෙම කරගත්තාම දෙයියනේ කියල දූවිල්ලෙන් තියෙන එක ප්‍රශ්නයක් ඉවරයි. ඊට පස්සෙ ජනේල හැර කාමරේ අනික් විවෘත තැන්, ඔය වා කවුලු වගේ ඒවත් සීල් කරගන්න.

2. කූල් කරන්න

එහෙම කලාට පස්සෙ කාමරේ පට්ට රස්නෙ වෙන්න පුලුවන්නෙ. අන්න ඒකට විසඳුමක් විදියට ඔයාට ෆෑන් එක සහ තෙත රෙද්දක් ඔ්න කරනවා. හරියටම කිව්වොත් මේකෙ DIY ඒසී. එකක් වගේ තමයි.

ම්.. ස්ටෑන්ඩ් ෆෑන් එකක් නම් ඒකට, ඒකෙ රවුමට වඩා අඩියක්වත් ලොකු කොටු හැඩයට හදාගත්ත ලී ෆ්‍රේම් එකක් ඔ්න. හැබැයි ඒ ලී ෆ්‍රේම් එකත් ස්ටෑන්ඩ් එකකට හයි කරලා තමයි හදාගන්න ඔ්න. ඊට පස්සෙ ඒ ලී ෆ්‍රේම් එකට 90% වැඩි කොට්න් තියෙන රෙද්දක් හොඳට ඇදලා ගහලා.. මෙගා බෝතලයක් අරගෙන මූඩිය හිල් කරලා ඒකෙන් මහත නූලක්.. බෝතලේ ඇතුලට එක කොනක්, රෙද්දට සෙට්වෙන්න අනිත් කොන තියෙන්න හයි කරන්න. හයි කරලා බෝතලේට වතුර පුරවලා මූඩිය වහලා හොඳට සීල් කරලා.. රෙද්ද තෙත් වුනාට පස්සෙ ෆෑන් එක දාලා බලන්නකො. ම්.. සීලිං ෆෑන් එකක් වුනත් ඔච්චරම තමයි. අර එකම වෙනස ඒකට ගන්න ෆ්‍රේම් එකේ සයිස් එක ෆෑන් එකට වඩා අඩියක් විතර අඩු වෙන්න ඔ්න එච්චරයි.

3. බිම පිරිසිදුවට

බිම ටයිල් නම් අවුලක් නෑ. හැබැයි සිමෙන්ති නම්.. පුලුවන් උපරිම හොඳ හැටි පිරිසිදු කරලා කාපට් කරගන්න. ඒ කිව්වෙ වූල් හරි මොනව හරි රෙදි මැටිරියල් එකකින්. එහෙම පිරිසිදු කරලා බීන් බෑග් හරි, ලී පැලට් ටිකක් හරි දාලා හදාගන්න ප්ලේස් එකක්.. 

පොඩි නිදිමතක් ආවත්, කෙලින්ම ඇඳට වැටෙන්නෙ නැතුව පොඩ්ඩක් රෙස්ට් කරලා ඒක කඩාගන්න, පුංචි ඇලට් එකක් දාන්න පුලුවන් විදියෙ තැනක් දෙකක්.

4. බඩු අඩු කරන්න

දෙයියනේ කියල පරණ ලට්ට ලොට්ට ඔ්න නැති මගුල් හැම දෙයක්ම මේ පාරවත් අයින් කරන්න. ඒ අතරෙ වටිනා කියන දේවල් තියෙනව නම් සුද්ද පවිත්‍ර කරලා ඔන්ලයින් විකුණන්න දාන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඉතින් නැති බැරි කාට හරි දුන්නත් මොකෝ.. කොහොමහරි කාමරේ පුලුවන් තරම් හිස් ඉඩ වැඩි කරගන්න..

5. රස වින්දනයට තැන

එහෙම වැඩි කරගත්තට පස්සෙ.. ඔයා කැමතිම ආර්ට් එක!

චිත්‍ර නම් බිත්ති ටික, සංගීතය නම් ඔයාට සුවපහසු ඔ්න තැනක්, ෆිල්ම් බලන එක නම් ලැප් එක හරි ඩෙක්ස්ටොප් එක හරි තියාගෙන ෂපාන් එකට වැටිලා ඉන්න පුලුවන් වෙන්න.. අර කලින් කියපු බීන් බෑග්, පැලට් ඩෙක් එහෙමත් ඔය වැඩට කියාපු.

ඔය එකක්වත් නැතුව පොත්පත් කියවන, සිංදු කවි ලියන කෙනෙක් නම්..? 

6. ගහකොළට මුල් තැන

ඒකට හරියන පරිසරයක් කාමරේ තියෙන්න එපැයි. ඒ නිසා හොඳට හොයලා බලලා.. ගෙවල් ඇතුලෙ හදන පොඩි පොඩි පැළෑටි ටිකක් ගෙනැල්ලා, මැටි පෝච්චි හරි ලී පෝච්චි හරි අරගෙන ඒවයින් හතර වටේ හැඩ කරගන්න. ඒ අතරට ඉතින් ඔ්න නම් පොඩි මාලු ටැංකියක්, එහෙමත් නැත්නම් වෙන වෙන ස්වභාවික දේවල් වලින් හැඩතල.. 

කියන්න ඔ්න නෑනෙ නේ. කලාව දන්න කෙනාට ඔ්ක කොහොමත් එකයි!

Leave a comment