Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

ඉස්සො වඩේ ඇන්ඩ් නයිට් මේල් ෆුට් බෝඩ්! ‘කන්දෙපුහුල්පොල’ නිම්නය සොයා... 1 කොටස

‘කන්දෙපුහුල්පොල’! සත්තයි එදාමයි මම ඒක ඇහුවෙත්. පස්සෙ…

Posted by

හරිහමන් ඉමක් කොනක් නොදැන, ගමනක අවදානමක් නොදැන, සැලකිය යුතු තරම් ලෑස්තියකුත් නොවී...

ගියපු ගමන්වල හැටියට... අද මෙහෙම ඉන්නෙ නම් පෙර පිනකට. සත්තයි!

කොටින්ම කියනවා නම් ඒ අතීතය මතක් කරද්දිත් ඇඟේ හිරිගඩු පිපෙනවා. 

මේක 2013 කතාවක්....

ගොඩක් දුරට මාසෙ අන්තිම සතියෙ සහ මුල් සතියෙ. ඒ හැරුණාම තව මැද සතිවල ලෝන්ග් වීක්එන්ඩ් එහෙම තිබ්බොත්, ඒවයෙ අපි ඇවිද්දා. පිස්සො වගේ ඇවිද්දා. සමහර වෙලාවට ප්ලෑන් ඇතුව, සමහර වෙලාවට ප්ලෑන් නැතුව. හැබැයි එක වැදගත් දෙයක් ඒ දවස්වල ඉඳන් ම අපි පිළිපැද්දා. ඒ තමයි වෙදර් ෆෝකාස්ට්. අනිවාර්යයෙන් ම ගමනක් ප්ලෑන් කරද්දි ඕක හොඳට අධ්‍යයනය කරනවා.

එහෙමත් කරලා... පොඩි මිස්ටේක් එකක් ගියපු ගමනක කතාවක් තමයි අදින් මේ පටන් ගන්නෙ.

හරියටම 2013 ඔක්තෝම්බර්. මගේ හොඳම බඩියා විස්තරයක් කියලා තිබ්බා ඊට මාස දෙකකට විතර කලින්. හෝර්ට්න් තැන්න එපිට මායිමක තියෙන මනස්කාන්ත නිම්නීය ගමක් ගැන. ‘කන්දෙපුහුල්පොල’! සත්තයි එදාමයි මම ඒක ඇහුවෙත්. පස්සෙ මැප් එකේ බලලා, ගළපලා ගත්තාම... ඇත්තටම ඕලුගංතොට පැත්තෙන් බස් එකක, බයික් එකක වුණත් යන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය ගතිලු පට්ටිපොලින් කැලෑ බැහැලා යන එක.

“ඒවා ලයින් එකක් ගහගන්න පුළුවන් බං. උඩපිටියම කුඹුරු කෑලි ටික මං දන්න මල්ලි කෙනෙක්ගෙ බාප්පෙක් කරන්නෙ. ආයෙ... අපි මෙහෙන් ගමන පටන් ගත්තා කියලා පණිවුඩේ දුන්නා නම් පොර පැය 24ම හරි ඇලට් එකේ ඉඳීවී. අනික වෙලේ පැල් කොටයකුත් තියෙනවා කිව්වා. වැස්සත් අවුලක් නෑ ටෙන්ට් එක ගහගෙන ෂේප් එකේ ඉන්න”

“සිරාවට? එහෙනම් ඉතින් ඒ පැත්තෙන් බය වෙන්න දෙයක් නෑනෙ. ඒත් කොහොමද බං පට්ටිපොලින් පැන ගන්නෙ. ෆුල් සෙකියුරිටිනෙ බෝඩරේ...”

“ආයෙ ඉතින් නයිට් මේල් තමා. අනික වැඩේට යන්නත් ඕන අපි 3-4 දෙනා විතරයි. ගෝස්ති අරගෙන ගියාම දන්නෝනෙ. කෑ ගහලා, වටේට විස්තරේ කියලා ගූ කරනවා බං”

“අනිවා අනිවා... කොහොමත් නොදන්න බෝඩරේ නිසා අපි විතරක් යන එක හොඳා”

කියලා ඔන්න කතාවෙලා... හරියටම අමාවකක් අල්ලලා වැඩේට බැස්සෙ. වෙන දෙයක් නිසා නෙවෙයි, වැස්සෙන් බේරෙන්න. 

සතියෙ දවසක්...

සෙනඟත් ඒ හැටි නැති කෝච්චියෙ දෙවනි පන්තිය, තුන්වෙනි පන්තිය කියලා වෙනසක් තිබ්බෙ නෑ. හැබැයී කොටුවෙන් පටන් ගනිද්දි නයිට් මේල් එක නිසා ම සීට් නම් ඔක්කොම වගේ ෆුල්. ඉතින් අපේ ගමනෙ මුල සිට අගට ම ඉරණම විසඳුවෙ ෆුට්බෝඩ් එක. සුපුරුදු පරිදි අපි කෝච්චියෙ පිටී ම පස්සෙ ඉඳන් පෙට්ටි 2ක් හෝ 3ක් ඉස්සරහින් තියෙන එකකට ගැළපිලා ෆුට්බෝඩ් එකේ පුංචි කාමර කෑල්ල පිහිදලා කරලා බෑග් ටිකත් ගාණට පැක් කරගෙන... 8.05 වෙද්දි,

සුභ ගමන්!

එහෙම ඉතින් ගමනේ... ටික වෙලාවක් යද්දි, පොල්ගහවෙල පැනලා පැය භාගයක් විතර ඇති... බෑග්වල හොරාට ගෙනාපු පොඩි පොඩි දේවල් එලියට එන්න පටන් ගත්තා. ඇවිල්ලා ඉතින් ඒවයින් යම් පදමකට ගැළපිලා... දෙන්නා දෙන්නා ෆුට් බෝඩ් එකේ දෙපැත්තෙ මනෝ පාරවල්වල. 

ඔය අතරෙ තමයි පේරාදෙණියෙන් නැග්ගෙ වඩේ විකුණන මාමා කෙනෙක්. 

“මාමා දෙන්නකො ඔය මොනවා හරි කන්න. වඩේ හොඳද? මිරිස් තියෙනවද?”

“ආ... ඕ ඕ මාත්තයා මිරිස් තියෙනවා, ලූනු තියෙනවා, පොල් කපලා දාලා රසට අදලා දෙන්නං”

“ෂහ්, නියමයිනෙ. ඒනං 50 බෑග් හතරක්ම දෙන්නකො”

එයා ළඟ තිබ්බෙ පොඩිම පොඩි වඩේ. හැබැයි රු. 50ට එයින් වඩේ 10ක් දානවා. දාලා පොල් කෑලි, ලූනු, බැදපු මිරිස්, ලූනු තෙල් දැමුමක්... මාර ලස්සනයි ආ හදලා දෙන විදිය. වැඩිය ඕන නෑ. ඒ කලාව නිසාම මට හිතුනා මනුස්සයත් එක්ක ටිකක් කතා කරන්න.

“මාමා හැමදාම මේ කෝච්චියෙමද යන්නෙ?”

“ඔව් මාත්තයා. දවල්ට වත්තෙ පොඩි වගාව කරනවා. රෑට මේකෙ වඩේ විකුණනවා”
“හා හොඳයි ආ... එතකොට ගෙවල් එහෙම?”

“මම නාවලපිටිය මාත්තයා. එළවළු අරගෙන නුවරට එනවනෙ මාර්කට් දාන්න. ඒ ඇවිල්ලා ඇමදාම යන්නෙ මේකෙ තමා”

“හෑ... එතකොට වඩේ?”

“වඩේ නෝනා අදන්නෙ. එළවළු ලොරියෙ එනකොට වඩේ කූඩෙත් දාගෙන තමා එන්නෙ”

“හ්ම්...” ඇත්තටම එතනින් එහාට මට වචනත් නැති ගතියක් තිබ්බෙ. හැබැයි මනුස්සයගෙ මූණෙ කිසිම දුකක් නැති නිසා මම හිතුවා දිගටම කයියකට සෙට් වෙන්න. එයාගෙන්ම ඉල්ලගෙන විටකුත් හපලා, මගේ ළඟ තිබ්බ පොඩි කෑන් එකක් මනුස්සයට දීලා…

Leave a comment