පහුගිය දවස්ටිකේ පෑව්වා මදි නොකියන්න. කොච්චරද කිව්වොත් අපේ අය වැහිපිරිත් වගේම රේන් ඩාන්ස් එහෙමත් කලා වහින්න කියලා. කොහොමහරි දැන් ඔන්න වහින්න පටන් අරගෙන තියෙනවා. මේ වෙලාව වෙද්දි ලංකාව පුරාවටම පැල් බැඳගෙන වහිනවා කිව්වොත් හරි. ලංකාව වගේ බොහොම දියුණු කාර්යක්ෂම රටවල්වල වැස්සත් එක්ක එන අනිත් ප්‍රශ්නෙ තමයි ගංවතුර සහ නාය යාම්.
මේ වෙද්දී දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ බොහොමයක් පහත් බිම් වතුරෙන් යටවෙලා ඉවරයි, ගිං ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ මේ ඔක්කොම මේ වෙද්දී දෙගොඩ තළා යනවා. උඩුගම, කැටගොඩ නෙළුව ආදී ප්‍රදේශ අඩි 25ක පමණ ජලයෙන් යටවෙලා කියලා තමයි මේ වෙද්දී වාර්තා වෙන්නේ. ඒ වගේම දකුණු අධිවේගීමාර්ගයේ වැලිපැන්න හුවමාරුව සහ අවට ප්‍රදේශත් ජලයෙන් යටවෙලා. කැලණිය, කඩුවෙල පහත් බිම්වල ඉන්න අයටත් මේ වෙද්දී ආරක්ෂක ස්ථානවලට යන්න කියලා තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දි රත්නපුර දිස්ත්‍රික්කයේ විතරක් නායයෑම් 10ක් වාර්තා වෙලා තියෙනවා.ඒ වගේම මේ වෙද්දී ලක්ෂපාන,කැනියොන්,විමලසුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටු විවෘතකරලා.
පැල්මඩුල්ල. තරූෂී නවංජනා
ඒ හැරුනාම
කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ10ක් අතුරුදන්වීම් 22ක්,
රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 5 ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 2 ක්
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 2 ක්
ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 1 ක්
මාතර දිස්ත්‍රික්කයෙන් අතුරුදන්වීම් 20ක්
හම්බන්තොට අතුරුදන් 1කුත් වාර්තාවෙලා තියෙනවා.
සැටලයිට් පින්තූර වලට අනුව පේන්න තියෙන විදියට මේ වැස්ස අඩුම තරමෙ දවස් 2-3ක්වත් තියෙයි කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආපදා තත්ත්වය ගොඩක් දරුණු වෙන්න පුළුවන් වගේම තව දවස් කීපයක් පවතින්නත් පුලුවන්.
ඒ වගේම මේ ගංවතුර 2003 ඇතිවෙච්ච ප්‍රබල ගංවතුරටත් වැඩිය ලොකුයි කියලා තමයි කියවෙන්නේ. ඒක නිසා අපේ අම්මලාගේ තාත්තලාගේ කාලවලවත් ගම් බිම් යටවුණා කිය කිය ඉන්නේ නැතුව, මේ දවස්වල වෙන්නෙ අපේ අම්මා මුත්තා කාලෙවත් නොවිච්ච දේවල් කියලා අවබෝධකරගෙන, අවදානමක් තියෙනව නම් වහාම ආරක්ෂක ස්ථානවලට යන එක තමයි නුවනට හුරු.
කොළඹ ඇතිවෙච්ච ගංවතුරට වැඩිය බොහොම වෙනස් තත්ත්වයක් තමයි දකුණේ ගංවතුරේ තියෙන්නේ. මේ ප්‍රදේශවල ඉන්න අය ආහාර පිසගන්නේ දරවලින්; ඒ වගේම වතුර ගන්නෙ ළිංවලින්. ගංවතුර ආවා කියන්නේ මේ මොකුත් කරගන්න බැරිවෙනව. ඒක නිසා මේ අයට දැනට අත්‍යාවශ්‍ය දේවල් වෙන්නේ වතුර සහ ආහාර.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ දුරකථන අංක හරහා.
ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය 0112 434 028 / 0773 957 870
ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය 0112 665 221
ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය කොළඹ I.K.A. නන්දසිරි 0778 819 389
ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය ගාල්ල A. සේදර 0912 247 175
Countries that let you in without a fuss with your Lankan passport
Safe, clean, and nice rooms in Colombo for couples. Sorted by price bracket.
Flavours of Asia delivered to your doorstep.
A Guide to Getting Down in C-Town.
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Delete Comment