මැයි මාසේ එන ගංවතුර කියන්නෙ ලංකාවෙ අපට “හදිසි” ආපදා තත්ත්වයක් නෙවෙයි. හැබැයි අඩු තරමෙ ගිය අවුරුද්දෙ ගංවතුරෙන් පස්සෙවත් අපි වැඩි දෙයක් ඉගෙනගත්ත බවක් පේන්න නැති නිසා මේ පාරත් වෙනදා වගේම හදිසියේ එකතුවෙලා මේ වැඩේ කරන්න සිද්ධ වෙලා.
දැනට (මැයි 30) ලැබෙන අලුත්ම නිළ සංඛ්‍යාලේඛණවලට අනුව මේ වෙනකොට 183 දෙනෙක් මියගිහින්, 112කට තුවාල වෙලා තියෙනවා. තවත් 103ක් අතුරුදන්. ලක්ෂ පහකට වැඩි පිරිසක් අවතැන් වෙලා. තවමත් සමහර පැතිවල සංඛ්‍යාදත්ත හරියට හොයාගන්න බැරිවෙලා තියෙන නිසා ඇත්තට ම විපතට පත්වෙලා ඉන්න ගාණ මීට වඩා වැඩිවෙන්න පුළුවන්.
Reached Veyangalle, Agalawatta after a 5 KM boat ride, place still under more than 10 feet under water #FloodSL #lka #SriLanka pic.twitter.com/L6kmp8JI9J
— Azzam Ameen (@AzzamAmeen) May 28, 2017
ඔයත් මේ වෙලාවේ සහන කටයුතුවලට උදව් කරන්න කැමති නම් මේ තියෙන්නෙ ඒකට දායක වෙන්න පුළුවන් විදි කීපයක්. තව ඔයාලා දන්න මේ වගේ වැඩසටහන් තියෙනව නම් ඒවත් අපට කියන්න.
සහන කටයුතු මෙහෙයවන්න එක මධ්‍යස්ථායක් හදාගන්න අපට තවම බැරිවුණ නිසා තවමත් පොඩි පොඩි කණ්ඩායම් හරහා තමයි ගොඩක් වැඩ සිද්ධ වෙන්නේ. ඉතිං මේ කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙලා ආධාර අවශ්‍ය තැන් සහ ආධාර දෙන්න බලන් ඉන්න අයව හොයාගන්න එක පහසුකරන සේවා කීපයක් දැන් පටන්අරන් තියෙනවා. reliefsupports.org, disasterhelpsl.com, whitecode.lk/floodsl වගේ ම මේ ගූගල් මැප් එකෙනුත් අලුත්ම ආධඛාර තත්ත්වය දැනගන්න පුළුවන්
රතුකුරුසය මේ වගේ ව්‍යාවසන සම්බන්ධ ව ගොඩක් අත්දැකීම් තියෙන සංවිධානයක්. පුහුණු කාර්ය මණ්ඩලයක් වගේ ම හොඳ ආපදා සැලැස්මකුත් එයාලට තියෙනවා.
සර්වෝදයත් ආධාර එකතු කිරීම හා කෑම බෙදාහැරීම් කරනවා. ද්‍රව්‍යමය ආධාර දෙනව නම් 0114365114 හෝ dmu@sarvodaya.org හරහා එයාලව සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න.
රවුන්ඩ් ටේබර් ශ්‍රී ලංකා සංවිධායනය මුල් අදියරේ දි කෑම සහ වෛද්‍ය පහසුකම් දෙන්න වගේ ම දෙවෙනි අදියරේ දි කැඩුණු ගෙවල් හදලදෙන්නත් කටයුතු කරනවා.
takas.lk එකෙත් විශේෂ ගංවතුර ආධාර පැක් එකක් අරන් ඒක කෙලින්ම ආධාර අවශ්‍ය පැතිවලට යවන්නත් පුළුවන්.
kapruka.lk හරහාත් මුදල් හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න පුළුවන්.
කයින්ඩ්නස් කලෙක්ටිව් එක තවත් සංවිධාන හා ආයතන ගණනාවක් එක්ක එකතුවෙලා හදාගෙන තියෙන යුනයිටඩ් චැරිටීස් එකේ එකතුකිරීමේ මධ්‍යස්ථාන කීපයක් තියෙනවා. වියලි ආහාර ද්‍රව්‍ය සහ වෙනත් අත්‍යවශ්‍ය දේවල් එයාලට ගෙනිහින් බාරදෙන්න පුළුවන්.
මයි ක්ලීන් ශ්‍රී ලංකා සංවිධානයත් ආධාර එකතුකරනවා. 0776479181ට කතාකරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.
තාක්ෂණය පාවිචි කරල විපතට පත්වුණු අයට උදව් කරන වැඩසටහන් තව ගොඩක් තියෙනවා. ඒ ගැන වැඩි විස්තර readme.lk එකෙන් බලාගන්න පුළුවන්.
සහන කණ්ඩායම් එක්ක වැඩකරන්න ඔයත් කැමති නම් DisasterReliefLka ෆේස්බුක් ගෲප් එකෙන් උදව් අවශ්‍ය තැන් මොනවද කියල බලාගන්න පුළුවන්.
ගංවතුරට අහුවුණු සත්තුන්ව බේරගන්න තැමකි අයට Rescuing Animals in Disasters - Sri Lanka එකත් එක්ක එකතුවෙන්න පුළුවන්.
The 2021 edition of buffets in Colombo.
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Day outing packages available in and around Colombo.
The Kingsbury buffet is pretty good. It's the best in terms of salads and veg, highly competitive in seafood, and good for everything else. It's Rs. 3,500…
Delete Comment