Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

වර්කිං ෆ්‍රොම් හෝම් නිසා නොදැනීම සිද්ධ වෙන, වළක්වා ගත යුතු ආහාර පුරුදු

බඩගිනි වෙලාවට විතරක් කන්න.

Posted by

මේ දවස්වල හුඟක් ඔෆිස් ආපහු වර්කිං ෆ්‍රොම් හෝම් වලට යොමු වෙලා. ඒ, කොරෝනා පැතිරීම වළක්වා ගන්න ගත්ත වැදගත් ම පියවරක්. මේ නිසා බොහෝ දෙනෙක් මේ දවස්වල ගෙදර. ගෙදර ඉන්නකොට අපි වෙනදා පුරුදු වෙලා ඉන්න දින චර්යාව වෙනස් වෙනවා නේ. වැඩට යද්දි පාරේ රස්තියාදු වෙන කාලය එහෙම ඉතුරු වෙන නිසා ගෙදර ඉද්දි අපිට ගෙදර වැඩයි රාජකාරි වැඩයි දෙක ම කරගන්න කාලය ඉතිරි වෙනවා. ඒත් මේ ගෙදර ඉඳිල්ලෙන් සිද්ධ වෙන්න පුළුවන් නරක දේවලුත් තියනවා. එකක් තමයි ඕවර් ඊටිං හෙවත් ප්‍රමාණයට වඩා ආහාර ගැනීම.

මේක බොහෝ වෙලාවට අපි දැනුවත්ව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ගෙදර වැඩ කරන ගමන්, ඔෆිස් වැඩ කරන ගමන්, ඒ විතරක් නෙවෙයි, නිකං ගේ ඇතුළේ එහෙට මෙහෙට යන එන ගමන් වුණත් මොනාහරි හප හප ඉන්න හුඟක් අය පුරුදු වෙලා ඉන්නවා. මුකුත් වැඩක් නැතුව කම්මැලි හිතුණමත් අපි ගිහින් ෆ්‍රිජ් එක ඇරලා බලනව නේ. ඉතින් මේ ඕනවට වඩා කෑම කන එක සිරුරට අහිතකර වෙන්නෙ, ගෙදර ඇතුළට ම වෙලා ඉන්නකොට ඇඟට කිසිම ව්‍යායාමයක්වත් සිද්ධ වෙන්නෙ නැති හින්ද. ජිම් නොගියත් ගෙදර ඉඳන් වර්ක් අවුට් කරන අයට නං ප්‍රශ්නයක් නෑ. ඒත් අනික් අය?

ගෙදර ඉද්දි  දන්නෙම නැතුව සිද්ධ වෙන, මෙන්න මේ නරක ආහාර පුරුදු 5 අවම කරගන්න. නැත්තං ආයෙ සාමාන්‍ය ජීවිතයට හැඩ ගැහෙන්න අමාරු වෙයි. ඇඟේ හැඩයත් කොහේ ගියා ද කියල හොයාගන්න අමාරු වෙයි.

1 සීනි කෑමබීම

බිස්කට්, චොක්ලට්, අයිස්ක්‍රීම්, කේක්, තේ, කෝපි, ෆෘට් ජූස්, සොෆ්ට් ඩ්‍රින්ක්ස්.. ගෙදර ඉද්දි මේවා නැතුවම බෑනේ? මොනවා නැතත් දවසට තේ කෝප්ප ම තුනක් විතර පෙවෙනවා ඇති. ඉතින් මේ හැම එකක ම තියන සීනි කන්දරාව අපේ ඇඟට ඇතුළු වෙන එක ඒ තරං හොඳ තත්ත්වයක් නෙවෙයි. ඉතින් තේ, කෝපි නැතුවම බැරි නං ඒවට දාන සීනි ප්‍රමාණය අඩු කරන්න බලන්න. ෆෘට් ජූස් වුණත් සීනි පොඩ්ඩක්වත් නොදා බොන්න පුළුවන් නං තමයි හොඳ. විශේෂයෙන් වර්කිං ෆ්‍රොම් හෝම් අතරෙ කන්න බිස්කට්, කේක් වගේ පොඩි පොඩි ස්නැක්ස් දවස ගාණේ මේසෙ උඩ තියන් ඉන්නව නං, පරිස්සමෙන්! ඒවා වෙනුවට, කපපු පලතුරු කෑලි, තම්බපු එළවළු එහෙම ආදේශ කරගන්න පුළුවන් නං මරු.

2 කෑම වෙලාව

වර්කිං ෆ්‍රොම් හෝම් වලදි ඔෆිස් එකේ වැඩ කරන පැය ගණන ම ගෙදරදිත් ඒ වෙනුවෙන් වැය කරන්න පුළුවන් නං හොඳයි. ඔෆිස් එකේ වැඩ කරන්නෙ උදේ 9 - හවස 5 නම්, ගෙදරදිත් ඒ කාලය ම වැඩ කරන්න යොදාගන්න. පරක්කු වෙලා නැගිටලා වැඩ කරන්න ගියොත් කෑම වේල් අතපහු වෙන්න ඉඩ තියනවා. ඒ වගේ ම වැඩ හිර වෙලා වෙලාවට භාර දෙන්නත් බැරුව යයි. ඉතින් කායිකව වගේ ම මානසිකවත් ලෙඩ නොවී ඉන්න, ගෙදරදිත් වෙලාවට කෑම කන්න.

3 වේල් අතරෙ කෑම

ඔෆිස් එකේදි නං ලන්ච් ටයිම් එකේදි කෑවම ආයෙ තේ එකක් බොන්නෙ ටී ටයිම් එකට නේ. ඒත් ගෙදරදි එහෙම සීමා නැති නිසා දවල් කෑමයි තේ වෙලාවයි අතරෙ තවත් මොනාහරි බඩට වැටෙන්න ඉඩ තියනවා. ප්‍රධාන ආහාර වේල් අතරෙ තව පොඩි පොඩි කෑම ජාති කැවෙන එක ගෙදර ඉද්දි නිතර සිද්ධ වෙන දෙයක්. විශේෂයෙන් ඔෆිස් වැඩ කරකර ඉඳලා, දැන් පොඩි බ්‍රේක් එකක් ගන්නවා කියල නැගිටලා එන හැම සැරේකම මොනාහරි කන්න යන්න එපා. බඩගිනි වෙලාවට විතරක් කන්න. කොරෝනා ඉවර වෙලා ආයෙත් එළියට යන කාලෙට සෞඛ්‍ය සම්පන්නව මුහුණ දෙන්න නම් ගෙදරට වෙලා ඉන්න මේ කාලෙත් ශරීර සෞඛ්‍යය ගැන හිතන්න ඕනේ. ඒ නිසා මේ වේල් අතරෙ අමතර කෑම කන එකත් සීමා කරන්න පුළුවන් නං හුඟක් හොඳයි.

4 පැණි බීම වෙනුවට වතුර!

අර කලින් කියපු තේ, කෝපි, ෆෘට් ජූස්, සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ දේවල් වෙනුවට ගන්න පුළුවන් හොඳ ම ආදේශකය තමයි වතුර. හැකි හැම විට ම පුළුවන් තරම් වතුර බොන්න. අපි කොහේ හිටියත් වතුර බොන්න අමතක වෙන එක පුරුද්දට ගිය දෙයක්. ඒත් වතුර බොන්න තිබහ හැදෙනකන් ම ඉන්න එපා. කොහොමටත් වතුර බීම ශරීර සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යන්න හුඟක් වැදගත්. ඉතින් පිපාසයක් දැනුණත් නොදැනුණත්, වැඩ කරන මේසේ උඩ වතුර බෝතලයක් තියාගෙන හැම වෙලේ ම වතුර බොන්න.

Leave a comment