ඌව කුඩාඔය, බලහරුව මහ කැළේ.. දවස් ගාණක් තිස්සෙ පුංචි පුංචි කඳුගැට, වැව් ආරු ටිකක රවුම් ගහලා..
අන්තිම දවස.
“ම්.. මාමා මොකෝ කරන්නෙ? දැන් අපි හෙට දිහාවට යන්නත් ඉන්න එකේ.. නරකද මාමලඑයහ පොඩ්ඩක් කැරකිලා රෑට සප්පායමක්වත් වුනොත්”
“පුතා.. පංකාදු අදහස ඒකනං ඈ.. මොකෝ කියන්නෙ එහෙනං. ආයෙ කල්යල් නොබලා දැන්ම අදිමුද? එතකොට එහේ වැව පැත්තෙත් රවුමක් ගහල හැන්දෑවට ගැලපුනහැකි”
“මොනවද කතා මාමා. යං යං!”
කියලා ඔන්න මාමාගෙම වීල් එකේ යාළුවයි, මායි ලට්ට ලොට්ට සේරමත් දාගෙන හම්බෙගමුව පාර දිගේ..
ඇවිල්ල හිටං හැරෙව්වා මොකක්දෝ අතුරු පස් පාරකට. එතන ඉඳන්.. වෙල් යායයි, ඇල අමුණුයි.. අතරින් පතර කැළෑ රොදයි.. නිමක් නෑ. ඊටත් වැඩේ වුනේ ඒ ගිහින් මාමලගෙ කුඹුරු යායට කිට්ටු කලානෙ.. යායම ටැක්ටර් දාලා හානවා. ඒ වැඩ බලන්නත් එක්ක වෙන්න ඔ්න මාමා ඒ පැත්තට ගියේ. හැබැයි යායෙ සයිස් එක හිතා ගන්න, ඔ්විටට ගියහැකි බන්ට් එක දිගේ වීල් එකෙන්ම..
ඒ ගිහිල්ලත් හිටං ඔන්න ඇල පාරෙන්ම අතපයත් හෝදගෙන.. අපි දෙන්නා හරි බරි ගැහුනෙ කලින්දා අරගෙන තිබ්බ බීර ටික ඉවරයක් කරලා දාන්න කියලා. ඒත් කොහෙද.. මෙන්න මාමා හැරෙන තැපෑලෙන්..
“පුතා ඔ්ක ඔතන කඩන්ට එපා. යං යාය කෙළවරට. ආයෙ එතන එපිට වැව ඔ්ං.. වෙලේ ගෙට ගොඩවෙලා, උයල තියෙන දේකුත් ඔතාගෙන.. යංකො වැව් බන්ටට”
“හෑ.. මාමා එච්චර ටොප් පොට් එකක් තියෙනවද මේ හරියෙ? එහෙනං ඉතින් ආයෙ මොනවද යං යං. පොඩ්ඩක් නාගන්නත් බැරියැ, නේ..”
කොහොමහරි ඒ පටන් ගත්ත ගමන කෙළවර වුනේ වෙලේ ගෙදර කියන තැනින්. හැබැයී.. කෙළවර වුනා කිව්වට ඇත්තටම ගමන පටන් ගත්තෙ එතනින්. මොකද අපි යනකොට එහේ නැන්දලා දෙන්නෙක් ඇඹුලට, බත හදලා ඉවරයි. සුද්ද කරනවා වෙල් මාලු වගයක්..
“ආහ්, ලොකූ.. මොනෑයි බං කන්න තියෙන්නෙ”
“අප්පචියෝ අයියා. ඔය එනගමන්ය..?
කන්න.. බත් නම් හරි. හැබැයි මාලු තව වෙලා යනවා. උදේ හදාපු කුට්ටො ඇති ඔ්ං ඇතිලියෙ. මොකෝ කරන්නෙ. රත් කරල දෙන්නය..?
“එහෙමද? එහෙනං ඒක රත් කරාංකො. කරලා කෙහෙල් කොලේට ඔතාං ගෙනියන්න. මේ පුතාලා දෙන්නා එක්ක මං යනව ඉවුරෙ වාඩියට. උඹට.. කෑම ලෑස්තිවුනාම දෙකක් එව්වහැකිය පොඩ්ඩයෙ අතේ හරි ඒ පැත්තට?”
කතාබහ එතනින් අහවර වෙලා මාමා විට හපේ විසි කරලා, කහට කෝප්පෙ අතට ගත්තට මට හරි කුතුහලයක් තිබ්බෙ මොනවද කුට්ටො කියලා බලන්න. ඉතින් ගත් අඩියටම නැන්දාගෙ පස්සෙන් මම කුස්සියට. නැන්දත් කිසි කතාබහක් නෑ.. ගත්තා තඩි ඇතිලිය. තිබ්බ ලිප උඩින්.
“ම්.. මොනවද නැන්දා ඒ?” මම බැරිම තැන!
“ආහ්.. පුතා.. වෙල් කකුළුවො ඔ්ං. හාන්ට පටන් ගත්තෙ ඊයෙ පෙරේදා නෙවැ. ඉතින් අපේ ලොක්කයි, කට්ටිය කකුළුවො, මාළු.. උර පිරෙන්ට ගේන්නෙ. මට නං මේ පිලි එච්චර හරියන්නෙ නෑ. ඒත් උංම සුද්ද කරලා දෙන නිසා ඉතිං මම ලිප තියනවා.”
“ඒ කියන්නෙ නැන්දා මේ කක්කුට්ටොද?”
“ඔ් පුතා.. කක්කුට්ටො තමා. මේක අල්ලලා උං හොඳ වතුරෙ දාලා තියනව දවසක් විතර. ඊට පස්සෙ පොල්කට්ටෙන් තලලා, උඩ කට්ට අයින් කරලා බඩේ සුද්ද කලා, ඇතිලියට දැම්මා. ඇතිලිට දැම්මට පස්සෙ රම්පෙ, කරපිංච, කහ, ගොරකා, සියඹලා, ගම්මිරිස්, දෙහි දාලා පත්තෙන් කලවම් කරලා වරු බාගයක් විතර තියෙන්න ඇරලයි තුනපහ, මිරිස් ටික දාලා ලිප තියන්නෙ. මොකද නැත්නම් මුංගෙ පොඩි තිත්තක් අල්ලනෝලුනෙ.”
“ආ.. එහෙමද නැන්දා. මේකෙ එතකොට කන්නෙ? මස් නෑනෙ”
“අනේද කියන්නෙ.. හැබැයි ඔ්කෙ හොද්ද පංකාදුයි පුතා රොටි, පිට්ටු කන්න. ඉන්ටකො මං ඔතලා දෙන්න”
කියලා ඔතලා දීපු කෙහෙල් කොලේ දිග ඇරුනෙ වැව් බන්ට් එකේදි. ඒකේ.. කක්කුට්ටො කරිය ඇරුනාම රොටි දෙකකුත් තිබ්බා. වැඩේ වුනේ ඒ රොටි ටික කෑලි කෑලි කඩලා හොඳහැටි කරියත් එක්ක අතගාලා ගත්තාමනෙ..
අන්තිමට තිබ්බ බියර් 4යි, තව බෝතලයක් එහෙම පිටින්මයි ඔ්ං..!
We love mojitos, and we love Coronas. So, we thought to bring the best of both worlds together with a refreshing Corona ...
Nelum Kole is a rice-and-curry kade in Boralesgamuwa that provides a convenient and cost-effective lunch spread.
Where, how, and why to find love in the paradise island.
මස්, චීස් පිරෙන්න දාපු රස වෑහෙන බර්ගරයක් රස බලන්න…
The best dinner and drinks spots in Colombo for candlelit romancing.
Delete Comment