Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

ලන්ඩනය දුමෙන් වැසුනේ මෙහෙමයි

ලෝකේ බිහිවෙච්ච දවසේ ඉඳලා ස්වාභාවික විපත් ඇතිවුනත්…

Posted by

columbia.edu

ලෝකේ බිහිවෙච්ච දවසේ ඉඳන් ආපදා ව්‍යසන ඇතිවෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයිනේ. ගිනිකඳු පිපිරීම්, නාය යාම්, සුනාමි, ගංවතුර, ලිස්ට් එක දිගට කියාගෙන යන්න පුළුවන්. මේවා ඉතින් ස්වභාවධර්මයාම ඇතිකරන ස්වාභාවික ආපදා.

කොහොම වුණත් ස්වාභාවිකව වෙන ආපදා ප්‍රමාණය මදි නිසා අලුතෙන් ආපදා නිර්මාණය කරගන්න වැඩේට මිනිස්සු අතගහලා තියෙනවා. ඔව් සමහර දේශපාලඥයෝ ස්වාභාවික එකක් කියලා කිව්වට මීතොටමුල්ලේ වෙච්ච සිද්ධියත් ඒ විදියේ එකක් තමයි.

මුලින්ම මේ විදියේ මෑන්මේඩ් ඩිසාස්ටර් එකක් ගැන ඒ කියන්නේ ඉල්ලන්කෑමක් ගැන වාර්තා වෙන්නේ එංගලන්තෙන්.

මොකක්ද වුණේ?

දෙසැම්බර් 5 වෙනිදා ඉඳලා දෙසැම්බර් 9 වෙනිදා වෙනකම් පැවැති ඝන, තෙල් ගතියෙන් පිරුණ මේ දුමාරයට ගොදුරුවෙලා මියගිය ගණන 12,000ක් ඒ වගේම මේ හේතුවෙන් රෝගවලට ගොදුරු වෙච්ච ප්‍රමාණය ලක්ෂ 2කට අධිකයි. මේ දුමාරය නිසා ලන්ඩන් නගරයේ සම්පූර්ණ ජන ජීවිතයම අඩාල වුණා. බස් ධාවනය නවත්තන්න වුණේ පිහදලා අයින් කරන්න බැරි සීතලට කැටි ගැහිච්ච තෙල් අංශු බස්වල වීදුරුවල තාර වගේ බැඳීම නිසා.  ඒ වගේම දකින් පුළුවන් දුර ප්‍රමාණය යාර කිහිපයකට සීමා වුණා.

ලන්ඩන්වල නැගෙනහිර අන්තයේ සිටපු පිරිස්වලට තමුන්ගේම දෙපා පෙනෙන්නේ නැති තරමට මේ කියන දුම ඝන එකක් වුණා.

දුමාරය ගෘහස්ථ ස්ථානවලටත් ඇතුළුවෙන්න පටන් ගැනීමත් සමඟ චිත්‍රපට ශාලා වහලාදාන්න සිදුවුණා. Sadler’s Wells තියටර් එකේ ප්‍රදර්ශනය කරපු La Traviata කියන ඔපෙරාව නවත්තන්ට සිදු වුණා.

සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යවශ්‍ය අංග වූ ටැක්සි, බස්, ගුවන් ගමන් මේ සියල්ල නවතාදමන්නට  බලධාරීන්ට සිදුවුණා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ යන්තමින් හෝ ක්‍රියාත්මක වූයේ දුම්රිය පමණයි. නමුත් පැවැති අධික දුමාරය නිසා  දුම්රිය එන බව දැකීමට හැකියාව තිබුණේ නැහැ. එම නිසා ඒ බව දැනගැනීමට රේල් පීලිවල කුඩා පුපුරන ද්‍රව්‍ය සවිකරලා තියන්න දුම්රිය සේවකයන්ට සිදුවුණා.

dailymail.co.uk

කොහොම වුණත් මේ කියන දුම පැතිරිලා තිබුණේ පොළව මට්ටමේ ලන්ඩන්වල නැගෙනහිර කෙළවරේ පිහිටලා තිබුණ වරායේ දොඹකර ක්‍රියාකරවන්නන් ප්‍රකාශකරලා තිබුණ විදියට ඔවුන්ගේ දොඹකර තිබුණ අඩි 50ක් වගේ ඉහළ සීමාවේ මේ දුමාරය තිබුණේ නැහැ.

කොහොමද ඇති වුණේ?

rexfeatures.com

මේ සිදුවීම සිදුවුණ දෙසැම්බර් මාසේ පැවතුණේ අධික ශීත කාලගුණයක්. මේ අධික සීතලෙන් මිදෙන්න ලන්ඩන් නගර වැසියෝ තමුන්ගේ නිවාසවල තිබුණ පෝරණු වැඩිපුර ක්‍රියාකරවන්න පටන්ගත්තා. මේ පෝරණුවලට යොදාගත්තේ ගල් අඟුරු. මේ විදියට ගෘහස්ථ භාවිතයට ගත්ත ගල් අඟුරු බොහොම බාල මට්ටමේ ඒවා. ඒකට හේතුව යුද්ධයෙන් පස්සේ කාලසීමාව වෙච්ච නිසා තිබුණ ආර්ථික ගැටලුවලින් මිදෙන්න හොඳ කොලිටි ගල් අඟුරු අපනයනය කරන්න සිදුවීම. ඒ වගේම මේ කාලසීමාව වෙද්දී ලන්ඩන් නගරයට අවශ්‍ය සම්පූර්ණ බලශක්තියම වගේ නිපදවුණේ ලන්ඩන් නගරයේ තිබුණ ගල් අඟුරු බලාගාරවලින්.

මේ අවස්ථාවේදී ලන්ඩන් නගරය අවට තිබුණේ සුළඟින් තොර නිස්කලංක කාලගුණයක්. ඒ හේතුව නිසා ගල් අඟුරු සහ ඩීසල් දහනය නිසා නගරය ඇතුළේ නිෂ්පාදනය වෙච්ච වායූන් මොකුත් නගරයෙන් එළියට ගියේ නැහැ. ඒ වගේම මේ වෙලාවේ උණුසුම් වායු තට්ටුවක් ලන්ඩන් නගරයට ඉහළින් ස්ථාවරවෙන්නේ මේ විනාශකාරී දුම් තට්ටුව කොහාටවත් නොයන විදියට. හරියටම වතුර උඩින් තෙල් තට්ටුවක් වැටෙනවා වගේ.

මේ කාලයේදී ලන්ඩන් නගරය කියන්නේ පරිසර දූෂණයේ මහගෙදර කිව්වොත් තමයි හරි. ලන්ඩන් නගරය දිනකට කාබන්ඩයොක්සයිඩ් ටොන් 2,000ක්, හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය ටොන් 140ක්, ෆ්ලෝරීන් සංඝටක ටොන් 14 වගේම කාබන් අංශු සහිත දුම් ටොන් 1,000ක් දිනකට බැහැර කළා. මේ ඔක්කොටම අමතරව ගල් අඟුරු දහනයෙන් නිපදවෙච්ච සල්ෆර් ඩයොක්සයිඩ් වායුගෝලයේ පැවැතිච්ච තෙතමනයත් එක්ක එකතුවෙලා හැදිච්ච සල්ෆියුරික් අම්ල ප්‍රමාණය ටොන් 800ක්.

මේ ඔක්කොම දවස් 4ක් පුරාවට අධික ජනාකීර්ණ නගරයක් ඇතුළේ හිරවුණාම ඇතිවෙන සංසිද්ධිය අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මිනිසුන් පමණක් නෙමෙයි අනෙකුත් සතුන් දහස් ගණනක් මෙම ව්‍යසනය නිසා මිය ගියා.

10වන දින කාලගුණය වෙනස්වීමත් එක්ක නගරය ගුලට සිසිල් සුළං ගලාගෙන එන්න පටන් ගත්තා ඒ වගේම ඇදහැළුණු වර්ෂාවෙන් ලන්ඩන් නගරය වැහිලා තිබුණු තාර වැනි මඩ තට්ටුව ක්‍රමයෙන් හේදිලා යන්න පටන්ගත්තා. ඒත් මේ සියල්ල සිදුවෙනකොට මිනිස් ජීවිත 12,000ක් ලන්ඩන් දුමාරය විසින් බිලි අරගෙන ඉවරයි.

gettyimages.com

Leave a comment