Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

PickMe Food සමග අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්නගන්න

ඇඳිරි නීතිය අතරේ ඔබට අවශ්‍ය දේ ළඟටම…

Posted by

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක, COVID-19 වෛරස ව්‍යාප්තිය සිදු වීමේ දැඩි අවදානම් කලාප ලෙස නම් කෙරුණ බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ නිසා ම ඒ දිස්ත්‍රික්කවලට පනවල තියන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි. මේ බව දැනුම් දුන්නේ ඊයේ දිනයේ ඉවත් කර තිබූ ඇඳිරි නීතිය නැවත පැනවීමට පැය කීපයකට මත්තෙන්. මේ හේතුවෙන් ඇතැම් අයට තමන්ගෙ ගෙදරට අවශ්‍ය බඩු භාණ්ඩ හරිහැටි මිල දී ගැනීමට කල් වේලා මදි වෙන්න ඇති.

ඔබ ජීවත් වෙන්නෙ කොළඹ අවට නම්, ගෙදර අත්‍යවශ්‍ය භාණ්ඩ මදිපාඩුවක් තියනවා නම්, කලබල වෙන්න එපා. දැන් ඒ ප්‍රශ්නෙ විසඳන්න PickMe Food ලෑස්තියි.

PickMe Food දැනට මාස කීපයක ඉඳල ම ගෙදරට අවශ්‍ය භාණ්ඩ ගෙදරට ම ඩිලිවර් කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. මේ වෙලාවේ ඔවුන් ඒ සඳහා අත්වැල් බැඳගන්නේ සතොස එක්ක. ඇඳිරි නීතිය අතරේ වුණත් ඔබේ නිවසට අවශ්‍ය වියළි ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේ ඔබ ළඟට ම ගෙන්නගන්න මේ ක්‍රමයෙන් ඔබට පුළුවන්. මේ සේවාව දැනට වොක්ෂෝල් වීදියේ ඉඳන් කිලෝමීටර 6ක සීමාව තුළ ක්‍රියාත්මකයි.

ඕඩර් කරන ක්‍රමය

ඕඩර් කරන විදිහ සරලයි. මුලින් ම ඔබේ ෆෝන් එකේ PickMe ඇප් එක ඕපන් කරන්න. ඒකෙ PickMe Food කොටසට යන්න.

Groceries යටතේ තියන ‘සතොස’ තෝරන්න.

මේ මොහොත වන විට ඔබට ලබාගත හැකි ග්‍රොසරි පැක් වර්ග 6ක් එහි සඳහන් කර තියනවා. මෙයින් ඔබේ අවශ්‍යතා අනුව ඔබට හරි යන පැක් එක තෝරන්න.

පැක් එකට අඩංගු වෙන දේවලුත් ඔබට ම තෝරගන්න පුළුවන්.

තෝරල ඉවර වුණාට පස්සේ, Add To Cart යන්න සිලෙක්ට් කරලා ඕඩර් එක ලබාදෙන්න. ඔබට කෑෂ් හෝ කාඩ් ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකට ගෙවීම සිදු කළ හැකියි.

පැය 24ක් තුළ ඔබේ නිවසට ම ඔවුන් බඩු මල්ල ගෙනැවිත් දෙනවා.

මීට අමතරව, මේ ක්‍රමයට ම ඔබට PickMe Food හරහා ගෙදරට අවශ්‍ය ගෑස් සිලින්ඩර් ගෙන්නගන්නත් පුළුවන්.

ඔබේ ෆෝන් එකට PickMe ඇප් එක තාමත් දාගෙන නැත්නම්, ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.

See 2 Comments