ලොව පුරා සිදු වුණු කොරෝනා ව්‍යාප්තියත් එක්ක රටවල් අතර සංචාරය පහුගිය දවස්වල ඇනහිටියා. හැබැයි දැන් තත්ත්වය තරමක් දුරට සමනය වෙලා නිසා රටවල් අතර සංචාරක නීති තරමක් දුරට ලිහිල් වෙලා. 2020 අගෝස්තු 01 දා ඉඳන් නැවතත් සියලු රටවල සංචාරකයන් සඳහා ලංකාවේ දොර ඇරෙනවා.
ඒ නිසා ඔබ විදේශගත ශ්‍රී ලාංකිකයෙක් නම්, ඉදිරියේදී ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වීම වැදගත් කියල අපි හිතුවා. මේ, ඒ වෙනුවෙන් පුංචි මඟ පෙන්වීමක්.
2020 අගෝස්තු 01 දා සිට විවෘතයි.
කොයි කාලේ වුණත් සංචාරකයන්ට වලංගු වීසා බලපත්‍රයක් නැතුව රටකට ඇතුළු වෙන්න බෑ කියල ඔබ දන්නව නේ. වීසා එක නිකුත් කරන්නේ දවස් 30කට. රටට පැමිණීමෙන් පස්සෙ කාලය මාස 6ක් දක්වා දීර්ඝ කරගන්න පුළුවන්. (ඔන්ලයින් වීසා - https://eta.gov.lk/slvisa/)
දීර්ඝකාලීනව රැඳී ඉන්න බලාපොරොත්තු වෙන සංචාරකයන් සම්බන්ධව තවම සලකා බලමිනුයි තියෙන්නෙ. පස් අවුරුදු වීසා බලපත්‍රලාභීන්ට උපරිම මාස 6ක කාලසීමාවක් රට තුළ රැඳී සිටීමට ඒ අනුව අවසර ලැබෙනු ඇති. වීසා ගාස්තු: ඇමරිකන් ඩොලර් 100
ලංකාවට පැමිණීමට ගුවන් යානයට පිවිසීමට පෙර පැය 72ක් ඇතුළත කරන ලද PCR පරීක්ෂණයකින් ඔබට රෝග ලක්ෂණ වැළඳී නැති බව තහවුරු වී තිබිය යුතුයි.
මේ වෙද්දි ගුවන්තොටුපළ ආශ්‍රිත ව සහ එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉතා ම දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් සහ පියවර අනුගමනය කරලයි තියෙන්නේ. ඔබ මෙරටට පැමිණීමේ දී රෝග ලක්ෂණ පළ කළොත් හැර ඔබව නිරෝධායනය සඳහා යොමු කෙරෙන්නෙ නෑ. ගුවන්තොටුපළේ දී ඔබව නොමිලේ PCR පරීක්ෂණයකට භාජනය කෙරෙනවා. පරීක්ෂණ ප්‍රතිඵල පැය 24ක් තුළ ලබාගන්න පුළුවන්. අගෝස්තු මාසය වෙද්දි පැය 4-6 ඇතුළත ප්‍රතිඵල ලැබෙන්න සැලැස්වීම සඳහා මේ වන විට කටයුතු සකස් කරගෙන යනවා.
ප්‍රතිඵල එන තෙක් එක් රැයක් සඳහා රැඳී සිටීමට කොළඹ හෝ මීගමුවේ පිහිටි සහතික ලත් තරු 4 හෝ තරු 5 හෝටලයක් තෝරාගැනීමට ඔබව යොමු කෙරෙනු ඇති. දින 4-5 කට පසුව ඔබේ සහතික ලත් නවාතැන සමග ඒකාබද්ධව ජංගම ඒකකයක් විසින් වැඩිදුර පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇති.
ඔබ ලංකාවට එන්න කලින් ගුවන්තොටුපළේ ඉඳන් නවාතැනට යන විදිහ සැලසුම් කරලා තියෙන්න ඕනේ. මේකට පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න එපා.
2020 අගෝස්තු මාසේ 01 වෙනිදා ඉඳන් ලංකාවේ සියලු සංචාරක ස්ථාන දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර යටතේ විවෘත වෙනවා.
අවම වශයෙන් රාත්‍රී 5ක් ඔබ ලංකාවේ නවාතැන් ගත යුතුයි. ස්වාධීන වෘත්තික විගණනයන් විසින් තහවුරු කරන ලද සහතික ලත් නවාතැන් සපයන්නන් ශ්‍රී ලංකා ටුවරිසම් වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්. වීසා අයදුම් කරද්දි ඔබ විසින් වෙන් කරන ලද නවාතැන් සපයන්නා / හෝටලය පිළිබඳ විස්තර එහි ඇතුළත් කළ යුතුයි.
දින 10කට වඩා ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙන සංචාරකයන් එම කාලය තුළ තුන්වැනි පරීක්ෂණයකටත් භාජනය විය යුතුයි. යම් හෙයකින් PCR පරීක්ෂණයෙන් ඔබට කොරෝනා රෝග ලක්ෂණ පහළ වී ඇති බවට අනාවරණය වුණොත් අදාළ නිරෝධායන මධ්‍යස්ථානයක් වන හෝටලයකට හෝ රෝහලකට ඔබව යොමු කෙරෙනු ඇති.
නිරෝධායනය දින 14 - 21 අතර කාලයක් ගනු ඇති.
16 places for your next coffee date.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
A list of 15 places for your next day outing.
Where, how, and why to find love in the paradise island.
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Delete Comment