Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

ඇඟමැලි කැඩෙන්න, නිදිමත නොවෙන්න.. ගෙදරදිම හදාගන්න පංකාදු හොදි වර්ග 5ක්

ගම්මිරිස්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි, සුදුලූනු මේස හැඳි…

Posted by

1. දිවුල් හොද්ද

අමු දිවුල් මද අරගෙන අතින් හොඳට පොඩි කරලා.. ඒකට කරපිංචා, මිරිස්කුඩු, ලුණු එකකු කරලා තම්බගන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ඔ්න නම් ලොකු හිල් පෙරනයකින් පෙරලා ගන්නත් පුලුවන්, නැත්නම් එහෙම්මම බිව්වා නම් තමයි වටින්නෙ. ආහාර රුචිය වඩවන්න, ඇඟේ උෂ්ණය අඩු කරන්න, ෆැට් බර්න් කරන්න.. නොම්මර එකේ බීමක් තමයි හොඳද.

2. මිරිස් ඇට ආනම

වේළපු මිරිස් ඇට අරගෙන.. ගලේ අඹර ගන්න පේස්ට් එකක් වෙන්න. ඊට පස්සෙ ඒ පේස්ට් එක මැටි ඇතිලියකට දාලා ඒකටම දාන්න ඔ්න පොල්, රතුලූනු, දිවුල් මද. දාලා කරපිංචා, ලුණු ටිකකුත් දාලා ලිපේ තියලා.. දෙපාර නටද්දි බාලා ගන්නයි තියෙන්නෙ. මේක ඇඟේ විෂ නසන්න වගේම, ආහාර රුචිය වඩවන්නත් කියාපු බීමක්.

3. තැම්බුම් හොද්ද

සියඹලා සහ ගොරකා අවශ්‍ය තරමට ගන්න. අරගෙන ගම්මිරිස් ඇට ටිකක්, සූදුරු, මාදූරුත් ටික ටික අරගෙන.. කරපිංචා, උළුහාල්, සුදුලූනු, මුරුංගා පොතු, කරාබුනැටි, කොත්තමල්ලි, කුරුඳු පදමට දාලා මැටි ඇතිලියක වතුරෙන් තම්බගන්න. දියාරු ගතිය ලාවට අඩු වෙද්දිම පෙරලා කරලා අරගෙන බීමට ගන්න පුලුවන්. මේකත් ඇඟේ විස නසන වගේම, ආහාර රුචියත් වඩවන බීමක්.

4. කායම් හොද්ද

ගම්මිරිස්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි, සුදුලූනු මේස හැඳි 2ක ගාණෙ ගන්න. ඒ අතරට පොල් මේස හැන්දයි.. ඉඟුරු, ගොරකා, කරාබු, කුරුඳු, කරපිංචා අවශ්‍ය ප්‍රමාණ වලිනුයි ගන්න. අරගෙන සියල්ල එකට දාලා ලුණු කැටත් එකතු කරලා, වතුර අඬු කෝප්ප 4කින් වගේ මැටි ඇතිලියක හොඳහැටි බාලා, පෙරලා ගන්නයි තියෙන්නෙ. ආයෙ.. ආහාර රුචිය වැඩි කරන්න, දිරවීම වැඩි කරන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරන්න, ෆැට් බර්න් කරන්න, ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න..

වාසි ගොඩයි ‌හොඳද.

5. මෝරු පානය

යොදය අයින් කරපු මුදවපු එලකිරි කෝප්පයක් අරගෙන ඒක වතුර කෝප්ප 2කට කලවම් කරලා.. තව දාන්න ගම්මිරිස්, එනසාල්, කරාබු සහ සීනී රස පදමට. දාලා යාරෙ ඇදෙන්න කලවම් කරගන්න පුලුවන් නම් හොඳයි. නැත්නම් ඉතින් හැන්දෙන් කලවම් කරගත්තත් හරි. ම්.. මේකත් ආහාර රුචිය වඩවන්න, ජීර්ණය පහසු කරවන්න, දියවැඩියාව පාලනය කරන්න වගේ ගොඩක් දේවල් වලට හොඳයි

Leave a comment