Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

හොඳම මාළු රසම විදියට ගොඩාක් කල්.. දකුණෙ ‘ජාඩි’! අපේ කෑම ඉතිහාසය II

පළවෙනිම තට්ටුව ලුණු, ගොරකා මිශ්‍රණය අතුරලා…

Posted by

ක්‍රි.ව. 1500 පෘතුගීසීන් ලංකාවට එන්න කලින් ඉඳන්ම දකුණ, විශේෂයෙන්ම ගාල්ල අවට ප්‍රදේශ අපේම ක්‍රමයකට ජාඩි හදන්න ලොකු ප්‍රසිද්ධියක් උසුලලා තියෙනවා. ඒත් පෘතුගීසි ආගමනයෙන් පස්සෙ ඒ ජාඩි හැදිල්ලට පෘතුගීසි ක්‍රම, අඩු ලුහුඬුකම් ටිකකුත් එකතු වෙලා.. ටිකෙන් ටික රත්ගම, දොඩන්දූවට එනවා ජාඩි කර්මාන්තයේ යළි පිබිදීම. ඉතින්.. එදා ඉඳන් අද වෙනකම්ම, අපේ රටේ ජාඩි හැදිල්ලට වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නෙ දොඩන්දූව. ඒ විතරක්මත් නෙවෙයි කාලයත් එක්ක දොඩන්දූව සහ අවට ප්‍රදේශ තරු පන්තියෙ කරවල නිශ්පාදනයටත් නම් දරනවා. 

ජාඩි කියන්නෙ තනි ලුණු සහිත කෑමක්. හැබැයි අදටත් ගාල්ල, වෙරළබඩ උදවියට ජාඩි නැතුව බතක් කියන්නෙ නම්..?

ඇත්තටම ජාඩි හදන්න එයාලා හැම මාළු ජාතියක්ම ගන්නෙත් නෑ. කුම්බලාවා, හුරුල්ලා, අලගුඩුවා, බල, කෙලවල්ලා වගේ මාළු තමයි වැඩි හරියක්ම. අරගෙන මුලින්ම මාළු හීනි පෙති කපනවා. කපලා මුහුදු වතුරෙන්ම හෝදලා වතුර ඇරෙන්න තියලා.. ගොරකා සහ ලුණුකැට 1:1, 1:1.5, 1:2 වගේ අනුපාත වලට (මාළු වර්ගය අනුව) මැටි මුට්ටියක හරි ලී බූලියක හරි තට්ටු තට්ටු අතුරන එක තමයි කරන්නෙ. හැබැයි ඒකෙදි පළවෙනිම තට්ටුව ලුණු, ගොරකා මිශ්‍රණය අතුරලා ඊට උඩින් දෙහිකොළ තට්ටුවකුත් අතුරනවා. අතුරලා තමයි මාලු පෙති තියන්න ගන්නෙ. කොහොමහරි ඔය විදියට භාජනයෙන් බාගයක් වගේ පිරෙන්න විතරයි මේ තට්ටු තියන්නෙත්. එතනදී.. තට්ටුවල ප්‍රමාණ අනුව ජාඩියෙ රස වෙනස් කරන විදියත් මේ ජාඩි කුක්ලා හොඳහැටි දන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ තට්ටු ඇතිරිල්ල ඉවර වුනාට පස්සෙ කෙහෙල් කොල හරි පුවක් කොලපු හරි තියලා ඒ භාජන සම්පූර්ණයෙන්ම සීල් වෙන විදියට වහලා ගැට ගහන්නත් ඔ්න. නැත්නම් අනිවාර්යයෙන්ම පණුවෙ හැදෙනවලු.

ගැට ගහලා.. සමහර උදවිය ඒවා වැල්ලෙ වළලලා තියෙනවලු. තවත් සමහරු අඳුරු කාමර, නැත්නම් දුම්මැස්සෙ එහෙමත් තියෙනවලු. ඉතින්.. ඒ තියන තැන් අනුව ජාඩියෙ රසත් වෙනස් වෙනවලු. කෙසේ වෙතත් මේ විදියට හදන ජාඩි මාලු අවුරුද්දකට එහා පැත්තෙ අනිවා තියාගන්න නම් පුලුවන්ලු.

මේ ජාඩි කෑමට ගන්නෙ දකුණෙ මාළු අඩු වාරකන් කාලයට වුනාට හදන්න ගන්නෙ නම් හොඳටම මාලු තියෙන ඔක්තෝම්බර්- මැයි අතර කාලෙට. ඒ විතරක් නෙවෙයි අතීතයේ ඉඳන්ම, මේ දකුණෙ ජාඩි වලට ලොකු අන්තර්ජාතික ඉල්ලීමකුත් තිබිලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දීය වෙළෙන්දො එයාලගෙ බඩු බාහිරාදිය, අපේ ජාඩිවලට මාරු කරලා අරගෙන යන තරම්ම ව්‍යාපාරයක්. 

ජාඩි කියන්නෙ අඩු වියදම් මාළු කල්තබා ගැනීමේ ක්‍රමයක්. ඒක අපේ රටේ සාම්ප්‍රදායික ධීවර නිෂ්පාදනයක් වගේම ගොරකා, ලුණු සහ දෙහි භාවිතා කරලා pH අගයන් නඩත්තු කරමින්, පැරැන්නන් ආහාර කල් තබාගත් තාක්ෂණය කියාපාන ප්‍රබල සාක්ෂියකුත් වෙනවා.

Leave a comment