Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

‘රජෙක් වගේ කන්න’ කිව්වට.. මෙන්න ඇත්තටම අපේ රජවරු කෑම කාපු හැටි!

ඒ අතරෙ බත් වර්ග හතක්‌ (සිරෝවල්ලි සම්බා,…

Posted by

රාජ භෝජනයක්‌ කියන්නේ එසේ මෙසේ කෑම වේලක්‌ නෙවේ. රජෙක්‌ වගේ කන්න කිව්වට අපේ ගොඩ දෙනෙක්‌ හිතන් ඉන්නෙ බඩ කට පිරෙන්න තඩි බත් පිඟානක් ඇද බානවා කියන එකටනෙ. ඒත් ඇත්තටම... ඉතිහාසයේ එහෙම කියලා තියෙන්නෙ ඖෂධීය ගුණයෙන් යුත් ශක්‌තිය වඩවන නිරෝගී කෑම වේලක්‌ කනවා කියන එකට. ඒකත් බොහෝ දුරට රජ පරම්පරාවෙ අයට විතරක් උරුම නිසයි, කතාව ඒ විදියට හැදිලා තියෙන්නෙ.

මේ රාජ භෝජන හැදිච්ච විදිය හරිම අපූරුයි. ඒකෙ මාර ම ක්‍රමවේදයක් තිබිලා තියෙනවා. කුස්සිය, ඉවුම් පිහුම් බඩු බාහරිදිය, අරක්කැමියා, සේවකයින්, රස ගුණ බලන්නන් හැම දෙයකටම.

රාජභෝජන සැකසීමට සූසැට (හැට හතර) පිරිසක් ඉඳලා තියෙනවා කියලා තමයි පැරණි පොත පතේ සඳහන් වෙන්නෙ. ඒ අතරිනුත් දොලොස් දෙනෙක් ප්‍රධාන වෙනවා. බෙහෙත්ගෙයි මුහන්දිරම්, බත් වඩන නිලමේ, මුලගිනා, මඩප්පු නිලමේ, මඩප්පු රාළලා, පිහන රාළලා, දෙහි දොඩම් කාරයෝ, පැහිදුම්කාරයෝ, තටුකොළ පහින්දම්කරුවෝ වගේ. ඒ විතරක් නෙවෙයි, වේල් තුන උයන්න අවම කණ්ඩායම් දෙකක් විතරත් ඉඳලා තියෙනවා.

එයාලා උදෑසන ආහාරය සකසන්න පටන් ගන්නෙ, රජතුමා අවදි වෙලා කට හෝදලා පඩික්කමට ගහන කෙල, වැසිකිලියට ගිය පසු මළ, මුත්‍ර බෙහෙත්ගෙයි මුහන්දිරම් පරීක්ෂා කරලා... රජුගේ මානසික සහ ශාරීරික තත්ත්වය ගැන නිගමනයකට ඇවිල්ලා, අවශ්‍ය අණ මුළුතැන්ගෙයට ලබා දුන්නට පස්සෙ. ඒ අණට අනුව මුළුතැන්ගෙයි වැඩ බලලා තියෙන්නෙ බත්වඩන නිලමේ. ඒ විදියට රජ්ජුරුවන්ගෙ දවල් ආහාරය, රාත්‍රී ආහාරය සකසන්න පටන් අරගෙන තියෙන්නෙත් රජතුමා මළපහ කරාට පස්සෙ.

බත්වඩන නිලමේ, මුළුතැන්ගෙයි ප්‍රධානියා... බෙහෙත්ගෙයි මුහන්දිරම්ගේ පණිවුඩයට අනුව රජුට සුදුසු ආහාරත්, නුසුදුසු ආහාරත් දෙකම සකසනවලු. ඒ අතරෙ බත් වර්ග හතක්‌ (සිරෝවල්ලි සම්බා, බාස්‌මතී, සුවඳැල් වගේ), මස්‌ මාළු වර්ග තිහක්‌ සහ කොළ එළවළු වර්ග තිහක්‌, කැවිලි වර්ග පනස්‌ පහක්‌, ගිතෙල් වෙඬරු හෝ කිරි ආශ්‍රිත ආහාර, ඖෂධීය ශාක වර්ග ඇසුරින් සකසන ලෙය්‍ය වර්ග, හීනටි හාල් අතුරුපස, කිරි පැණි, බුලත් විට පවා ඇතුළත් වෙලා තියෙනවා.

ඒ වගේම බත් වඩන නිලමේගේ ආහාර වට්‌ටෝරුව හැදිලා තියෙන්‌නෙ මඩප්පු නිලමේ කියන කෙනාගෙ අධීක්‌ෂණය යටතේ, මඩප්පු රාළලාගේ කැපවීමෙන්. එහෙම හැදෙන කෑම ආරක්‌ෂා කරලා තියෙන්නෙ පිහන රාළලා. එතකොට... දෙහි දොඩම්, පොල්, තුනපහ, දර, කෙසෙල් කොළ, පැණි හකුරු වගේ අමුද්‍රව්‍යය සියල්ල මාළිගා මුළුතැන්ගෙට සපයන්නත් රාජකාරි මට්ටමෙන් පුද්ගලයින් ඉඳලා තියෙනවා. අරක්‌කැමියා හෙවත් මුලගිනා ලුණු ඇඹුල් බලන්නෙ නැතුව, යස පදමට රස ගළපලා උයන මාළු පිනි හැටද කැවිලි පනස්‌ පහද සෙසු සියලුම ආහාරද රස බලන්නෙ ‘අගුබලන්නා’. ඔහු එහෙම කෑම කාලා පැයක් ගියාට පස්සෙ බෙහෙත්ගෙයි මුහන්දිරම් ඔහුව පරීක්‌ෂා කරලා වෙනසක් නැත්නම් තමයි රජුට කෑමට ආරාධනා කරලා තියෙන්නෙ.

රජු කෑම කාලා තියෙන්නෙ ශාලාවක නෙවෙයි. මාළිගාවෙම හිස්‌ මුල්ලක කාටත් පේන්නෙ නැතිවෙන්න. බුමුතුරුණු එළලා ඒ උඩ එරමිණිය ගොතාගෙන, ඔඩොක්‌කුවෙ රන් සළුවකුත් එලාගෙන... දිය වඩන නිලමේ තමයි රන්තලියකට වතුර දාලා රජතුමාගෙ අත් හෝදවලා තියෙන්නෙ. ඊටපස්සෙ බත්වඩන නිලමේ ඇවිල්ලා රන්තැටියකට බත් හැන්දක්‌ සහ එක ව්‍යංජනය ගානෙ සැරින් සැරේට බෙදනවලු. ඒ ව්‍යංජන අතරේ තිරිවානා හොද්ද විශේෂ වෙලා තියෙනවා මොකද ඒක වාජීකරණය සඳහා වරා පොතු සහ තිරිවානා ගල් දාලා හදපු හොද්දක් නිසා. බත්, ව්‍යංජන කාලා ඇතැයි කියල හිතුණට පස්සෙ රජතුමා කැවිලිද, පස්සෙ කිරි ආහාර, හීනටිහාල් අතුරුපස, කිරි පැණිද රස බලලා තියෙනවා. සියල්ලටම පස්සෙ තමයි රාජකීය වෛද්‍යවරයා නැත්නම් බෙහෙත්ගෙයි මුහන්දිරම් සැකසූ ලෙය්‍ය වර්ග කෑමට අරගෙන තියෙන්නෙ.

Leave a comment



Latest