Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

දෙන්නා හැම වෙලේ ම රණ්ඩු ද? අඬදබර අඩු කරගන්න පුංචි උපදෙස් ටිකක්

පොඩි අතපසු වීම්වලට ලොකු රණ්ඩු!

Posted by

ඕනම සම්බන්ධතාවක දී පොඩි පොඩි හිත් අමනාපකම්, නොහොඳ නෝක්කාඩු ඇති වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න බැරි තරමට දෙන්නා අතරෙ හැමදාම රණ්ඩු සරුවල් ඇති වෙනවා නම් ඒක දිගින් දිගටම පවත්වාගන්න හොඳ තත්ත්වයක් නෙමෙයි. හොඳ සම්බන්ධතාවකට අත්‍යවශ්‍ය වෙන්නෙ දෙන්නා අතරෙ හොඳ සන්නිවේදනයක් තිබීම. ඒකට අනෙකාව තේරුම් ගන්න එක අත්‍යවශ්‍යයි. ඉතින් ඔය අඬදබර ඇති වෙන එක අඩු කරගන්න, මෙන්න මේ ක්‍රම කීපය අනුගමනය කරලා බලන්නකෝ.

1 ඔයාගෙ හැඟීම් තේරුම් ගන්න

ඔයා ඉන්නෙ කේන්ති ගිහිල්ලා නම්, ඒකට ඇත්ත හේතුව මොකද්ද කියල තේරුම් ගන්න. සමහර විට ඔයා අනෙක් කෙනා පිටින් යවන්නේ එයාට අදාළ ම නැති දෙයක් වෙන්න පුළුවන්. ඔයාට කේන්ති ගිය හේතුව එයා ද වෙන දෙයක් ද කියල රණ්ඩු වෙන්න කලින් හිතල බලන්න.

2 එක පාරට නිගමනවලට එළඹෙන්න එපා

අනෙක් කෙනාගේ තර්කය වැරදියි කියලා එක පාරට රණ්ඩු කරන්න යන්න එපා. එයාගෙ පැත්තෙන් එයා කියන්නෙ මොකද්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. ඒකට එයාට ඇහුම්කන් දෙන්න ඕනේ. ප්‍රශ්නේ විසඳගන්න නං ප්‍රශ්නේ මොකද්ද කියල දෙන්නටම අවබෝධයක් තියෙන්න ඕනේ නේ.

3 චෝදනා

අනෙකාගේ අතින් වරදක් හෝ අතපසු වීමක් වෙලා තියනවා නම් එක පාරට කඩාගෙන පනින්නෙ නැතුව ඒක හොඳින් කියන්න ඔයාට පුළුවන්. පොඩි පොඩි අතපසු වීම්වලට ලොකු රණ්ඩු ඇති කරගන්න එක, අනවශ්‍ය ගැටලු නිර්මාණය කරගැනීමක්. එක පාරට චෝදනා ගෝනියක් එයා ළඟ හලන්න එපා. එයත් මනුස්සයෙක් කියන එක හිතේ තියාගන්න ඕනේ. මේ වගේ වෙලාවට ඉවසීම තමයි වැදගත් ම. 

4 තමන්ගෙ මතය අනෙකා පිට පටවන්න එපා

කිසියම් දෙයක් ගැන අනෙකා හිතන්නෙ මොකද්ද කියල අහන්නෙ නැතුව තමන්ගෙ මතය ම ක්‍රියාවට නංවන අයට තියෙන්නෙ නාසිස්මය ගති පැවතුම්. මේක ඕන ම විදිහක සම්බන්ධතාවක දි නරක ප්‍රතිඵල ගෙන එන තත්ත්වයක්. තීරණයක් ගන්න කලින් ඔයාගෙ මතය කියනවා වගේ ම එයාගේ අදහසුත් විමසන්න. සම්බන්ධතාව ඇතුළේ එයාටත් පිළිගැනීමක්, ගෞරවයක් තියන බව පෙන්නන්න.

5 උපදෙස් සහ විනිශ්චයන්

හැම දේ ම දන්නෙ ඔයා විතරයි කියල හිතාගෙන, හැම එකට ම එයාට ඇඩ්වයිස් කරන්න යන්න එපා. ඒ වගේ ම එයා කරන හැම දෙයක් ම ජජ් කරන්නත් එපා. ඔයා එයාගෙ සහකරුවා හෝ සහකාරිය මිසක් බොස්වත්, ගුරුවරයාවත් නෙවෙයි නෙ. නිතර නිතර අනෙකාගෙ තීරණවලට ඇඟිලි ගහන එක, බලපෑම් කරන එක, නිරෝගි සම්බන්ධයක ලක්ෂණයක් නෙවෙයි.

6 එක ම දේ නැවත නැවත කියවන්න එපා

අනෙක් කෙනාට අමානුෂික විදිහට බනින්න, දොස් පවරන්න, හිරිහැර කරන්න එපා. එයා කරපු වැරැද්ද නැවත නැවත මතක් කර කර දෝෂාරෝපණය කරන එක එයාට වගේ ම ඔයාටත් මානසික පීඩාවක්. මිනිස්සු කොයි කවුරුත් අතින් වැරදි වෙන එක තමයි ලෝකේ හැටි. ඒ නිසා අද එයා අතින් වුණ වැරැද්ද හෙට ඔයා අතින් වෙන්නත් ඉඩ තියනවා. මෙහෙම අවස්ථාවල සෙල්ෆ් කන්ට්‍රෝල් හෙවත් තමන්ව පාලනය කරගන්න එක හුඟක් වැදගත්.

Leave a comment