මේ දවස්වල දවල්ට ගිනි රස්නෙයි. ඇයි දවල්ට විතරක්? රෑටත් රස්නෙ අඩුවක් නෑ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලංකාවේ ගොඩක් පැතිවලට “අධික රස්නය පිළිබඳ අනතුරු හැඟවීම්” පවා නිකුත්කරල තියෙනවා.
ඉතිං, ගෙදර ඒසී කරන්නවත්, රස්නෙ කාල ඉවරවෙනකල් නුවරඑළියෙ (නැත්නම් ස්විට්සර්ලන්තෙ වගේ සීතල රටකට) ගිහින් ඉන්න තරම් සල්ලි නැති අපි වගේ අය මේ රස්නෙන් ගැලවෙන්න කොහොමද?
කූල් බියර් එකක් ගැන සිතිවිල්ලකින් පවා මේ වගේ රස්නෙ කාලකෙ හිත කූල් වෙලා ගියත් මේ කියන්නෙ ඒ ගැන නෙවෙයි. රස්නෙත් එක්ක දාඩිය හැටියට සහ වෙනත් විදිවලට ඇඟෙන් පිටවෙන වතුර ප්‍රමාණය වැඩි නිසා මේ දවස්වල වැඩිවැඩියෙන් වතුර බොන්න ඕන. කලින් කීව වගේ බියර්, එහෙම නැත්නම් පලතුරු බීම හෝ සෝඩා බොන්න පෙරේතකම තිබුණත් ඒ හැම දේට ම වඩා නිකං වතුර තමයි ගොඩක්ම හොඳ.
ගෙවල් ඒසී කරන්න අපි හැමෝට සල්ලි නෑනේ. හැබැයි ෂොපින් මෝල්, සුපර් මාකට්, ෆිල්ම් හෝල් සහ ඒසී කරපු රෙස්ටෝරන්ට්වලට ගියොත් ඒසී ෆ්‍රී! දවල් දවසේ ගෙදර නම් ඉන්නෙ, උබර් එකෙන් හරි පික් මී එකෙන් හරි ඒසී කාර් එකක් අරන් යන්න ළගම තියෙන ෂොපින් මෝල් එකට. කාලෙක ඉඳන් ගන්න හිතාගෙන හිටපු බඩු ගන්න (ගන්න සල්ලි නැත්නම් අඩුගානෙ බලන්නවත්) මේක හොඳ කාලයක්. එදිනෙදා ගෙදරට ඕන බඩු ටික ගන්න සුපර් මාර්කට් එකට යන්න වුණත් දවසේ රස්නෙ ම පැය දෙක තුන වෙන්කරගත්තොත් ගිනි රස්නෙට ගෙදරට වෙලා තැම්බිලා මැරෙන්න තියෙන අවදානම අඩුකරගන්න පුළුවන්. ඒ එක්කම මෙච්චර දවස් මිස් වුණු හොඳ ෆිල්ම් එහෙම තියනවනම් බලන්නත් පුළුවන්නෙ.
පොඩි කට්ටිය එහෙම ඉන්නව නම් ප්ලේ ඒරියා එකක් තියෙන කේඑෆ්සී, මැක්ඩොනල්ඩ් වගේ තැනකට එක්ක ගියොත් එයාලට ගිනි රස්නෙන් බේරිලා කූල් එකේ සෙල්ලම් කරන්න පුළුවන්නෙ.
ගෙදර ඒසී නැති වුණාට ෆෑන් එකකුයි අයිස් කැට ටිකකුයි තියනව නම් මේ වගේ ඒසී එකක් ගෙදරදි ම හදාගන්න පුළුවන්.
ලංකාවේ ඉස්සර ඉඳන් තියනවනේ ඇඟට සීතල කෑම, ඌෂ්ණ කෑම කියල. ඒ ඇරුණම සැරට මිරිස්, ලුණු දාපු කෑමවලට වඩා පලතුරු අමු එළවළු වගේ දේවල් වැඩිපුර කන්න පුළුවන් නම් ඒකෙන් ඇඟ කූල් කරගන්න පුළුවන්.
රස්නෙ දවස්වලට තුන් හතර පාර නාන එක ගොඩ දෙනෙක්ගෙ පුරුද්දක්නෙ. ඒත් එහෙම හැමතිස්සෙම නාන්න බැරිනම්, අතපය මූණ හරි නිතර සීතර වතුරෙන් තෙමන එකෙන් සහනයක් ගන්න පුළුවන්. විශේෂයෙන් අපේ ඇඟේ තියෙනවා ශරීර උෂ්ණත්වය වැඩිපුර එළියට එන තැන්. බෙල්ල පිටිපස්ස, නළල, දණහිස් පිටපස්ස, යටිපතුල් වගේ තැන්; ගොඩක් වෙලාවට උණ එහෙම හැදුණම අපි අයිස් තියන්නෙත් මේ තැන්වලට නේ. මෙන්න මේ වගේ තැන් සීතල වතුරෙන් තෙමන එකෙන් මුළු ශරීරයේ ම උෂ්ණත්වය ටිකක් විතර අඩුකරගන්න පුළුවන්.
මේ රස්නෙ කාලෙ අත්දිගට දාලා, ටයිවලින් බෙල්ල හිරකරගෙන ඉන්න බෑනේ. ටිකක් සැහැල්ලු, කපු වගේ රෙදිවලින් මහපු ඇඳුම් තෝරගන්න. ගෙදර ඉද්දි සහ නිදාගද්දි නම් ඉතිං ‘කවුරු බලන්නද, කවුරු දකින්නද’ කියල ඔය මොකක් හරි පොඩි ඇඳුම් කෑල්ලක් තිබ්බම මදෑ!
සීතල පරිසරයක් ගැන තිවෙන කතා කියවන එකෙන් රස්නය ගැන ටිකක් දුරට අමතකකරවන්න පුළුවන් කියල තමයි ඇමරිකාවේ ටෆ්ට් විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාව ගැන මහාචාර්ය වෝල්ටර් බ්‍රවුන් කියන්නෙ. වැස්සෙ හෝ ගලගෙන යන වතුරෙ සද්දෙ, එහෙම නැත්නම් සීතල හිම රටක් ගැන චිත්‍රපටියකින් වුණත් මේ දේ කරන්න පුළුවන්.
කොච්චර ඇල් වතුර බොන්න කීවත් ඉතිං මේ ගිනි අව්වේ අයිස්ක්‍රීමක් දිවගාන්න තියෙන ආසාව පාලනේ කරගන්න එක ලේසි නෑ. ඔන්න ඉතිං එහෙනම් මෙන්න මේ තැන්වලින් අයිස්ක්‍රීමකුත් කාලා බලන්නකෝ.
අපට විතරක් නෙවෙයි; අනිත් සත්තුන්ටත් මේ රස්නෙ දරාගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා ගෙදර ඉන්න බල්ලන්ට පූසන්ට වගේ ම පුළුවන් නම් අහලපහල ඉන්න සත්තුන්ටත් බොන්න වතුර එකක් තියන්න අමතක කරන්න එපා.
මේ අවුරුද්දෙ කොළඹින් හොයාගන්න පුළුවන් හොඳම බුෆේ
Post-lockdown high tea seshs in Colombo.
Excellent rice and noodles made from a wok and served in a box, literally.
We tasted every locally brewed and available beer. In the name of science!
A popular Indian restaurant serving mainly North Indian cuisine. The food is very rich, and quite good.
Delete Comment