Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

කිරි ඉතිරෙන මිල්ක්ෂේක්.. ගෙදරදිම හදමු

විනාඩි පහෙන් හදාගන්න

Posted by

ගිනි රස්නෙ කූල් වෙලා යන්න බොමු ද මිල්ක්ෂේක් එකක්?

නිකං බීමක් වගේ නෙවෙයි, මිල්ක්ෂේක්වලින් හොඳ හැටියට බඩත් පිරෙනව නේ. ඒ හින්දා මිල්ක්ෂේක් එකකින් වේලක් වුණත් පිරිමහගන්න පුළුවන්. නිකං කිරිවත් කිරි තේවත් බොන්න කැමති නැති අය පවා මිල්ක්ෂේක් කිව්වොත් නං අතාරින්නෙ නෑ.

හදන විදිහ

මිල්ක්ෂේක් දොළදුකක් ආපු වෙලාවක ඒවා හොයාගෙන කඩවල් ගාණේ යන්න ඕන නෑ. මොකද මේවා ගෙදර ම හදාගන්න හරි ම ලේසියි. කිරි සහ අයිස්ක්‍රීම් එක්ක තව මොනාහරි ගෙදර හොයාගන්න තියන එක ජාතියක් දාල බ්ලෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. අමුතුවෙන් කියල ඔයාට ඕන වෙන්නේ බ්ලෙන්ඩර් එකක් විතරයි. බ්ලෙන්ඩර් එක ඉතින් සාමාන්‍යයෙන් ගෙදර තියන බඩුවක් නේ.

කොහොම වුණත් බ්ලෙන්ඩර් එකක් නැතත් මිල්ක්ෂේක් හදාගන්න පුළුවනි. කරන්න තියෙන්නේ කිරියි අයිස්ක්‍රීමුයි ලොකු බෝල් එකකට දාල රබර් ස්පැට්‍යුලා එකකින් හොඳට කලවම් කරගන්න එක. කිරි ටික හොඳට කලවම් වුණාට පස්සේ වීදුරුවකට දාල පිළිගන්වන්න.

මික්ස් කරන්නෙ මොනවද?

මේක හරි ම ඉන්ටරස්ටිං. මොකද ඔයා කැමති රසකින් ඕන ම දෙයක් කිරි සහ අයිස්ක්‍රීම්වලට මික්ස් කරලා මිල්ක්ෂේක් හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කෙසෙල් ගෙඩියක්, ස්ට්‍රෝබෙරි ගෙඩි කීපයක් වගේ ඕන ම පලතුරක් පාවිච්චි කරන්න පුළුවන්. තව කෝපි, කොකෝවා පවුඩර්, ඔරියෝ බිස්කට්, පීනට් බටර්, කුකීස්, බ්‍රවුනීස්, චොක්ලට් සිරප්, චොක්ලට් චිප්ස්, කැරමල්, නටෙලා, මාෂ්මෙලෝස්, රට ඉඳි, ඔලිව් ඔයිල් වගේ දේවල් වුණත්. මිල්ක්ෂේක් එක තවත් රස වෙන්න කුරුඳු පොත්තක්, වැනිලා ටිකක් වගේ රසකාරක ජාතියක් යොදාගන්නත් ඔයාට පුළුවන්.

මෝල්ට් පානයක්

මීට අමතරව මෝල්ට් මිල්ක්ෂේක් කියල ජාතියක් හදන්න පුළුවන් කියල දැනගෙන හිටියද? ඔයාගේ මිල්ක්ෂේක් එක රස වගේ ම ගුණත් පිරුණ මෝල්ට් පානයක් බවට පත් කරගන්න කරන්න ඕනේ අර කියපු අයිස්ක්‍රීම් සහ කිරිවලට මෝල්ට් කිරිපිටි මේස හැඳි දෙකක්  එකතු කරන එක විතරයි.

වැනිලා මිල්ක්ෂේක්

බේසික් ම මිල්ක්ෂේක් එකක් වෙන වැනිලා මිල්ක්ෂේක් හදන විදිහ කියන්නයි දැන් අපි හදන්නේ. මේකට අවශ්‍ය වෙනවා වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 4ක් (කෝප්ප එකහමාරක් පමණ), කිරි කෝප්ප කාලක් සහ වැනිලා තේ හැන්දක්. සරසගන්න අවශ්‍ය නම්, විප්ඩ් ක්‍රීම්, ස්ප්‍රින්කල්ස් සහ චෙරි ගෙඩියක් අවශ්‍යයි.

කිරි, වැනිලා සහ අයිස්ක්‍රීම් බ්ලෙන්ඩර් එකට දාල හොඳින් මික්ස් කරගන්න. පදමට මිශ්‍ර වුණාම වීදුරුවකට වත් කරන්න. උඩ කොටස විප්ඩ් ක්‍රීම්වලින් සරසලා ස්ප්‍රින්කල්ස් ඉහින්න. ඊට උඩින් චෙරි ගෙඩිය තියලා පිළිගන්වන්න.

පේනව නෙ කොච්චර ලේසි ද කියල? විනාඩි පහෙන් හදාගන්න පුළුවනි. ඉතින් ඕගොල්ලො නිර්මාණශීලීව හිතලා, කවුරුත් හදල නැති විදිහේ අලුත් රසක මිල්ක්ෂේක් හදන්න. හදල ඒ ගැන අපිටත් කියන්න..

Leave a comment