ට්‍රැවල් කරන්න බැරි වෙන එක කොවිඩ් - 19 නිසා අපේ ජීවිතේ වෙනස් වුණ දේවල්වලින් එකක්. අඩුම ගාණේ අවුරුද්දකට දෙතුන් පාරක්වත් ට්‍රිප් එකක් යන්න පුරුදු වෙලා හිටපු අයට මේ දවස්වල හිර කූඩුවක ඉන්නවා වගේ දැනෙනවා ඇති. ඇයි ඉතින් මේ අවුරුද්ද පටන් අරං දැන් මාස හතකුත් ගෙවිලා. තාම හරියකට එළියට පහළියට බහින්න පුළුවන්කමක් නෑනේ.
ඒත් දන්නවද, ඉඳල හිටලා හරි ට්‍රිප් එකක් යන එක ජීවිතේට කොච්චර හොඳ දේවල් එකතු කරනවද කියල?
අපි ඉතින් කොයි වෙලෙත් බිසී නේ. ‘වෙලාවක් නෑ අනේ’ ගාගත්ත ගමන්මයි. රාජකාරිවලට මුල් තැන දීල ඉන්න අපි, ‘නිවාඩුවක් ලැබුණොත්’ කොහෙහරි යන්න මිසක්, ‘නිවාඩුවක් අරං’ කොහෙහරි යන්න පෙළඹෙනවා අඩුයි. ඒත් ඉඳල හිටලාවත් කාර්යාලයෙන් සහ වැඩ රාජකාරිවලින් මිදිලා නිවාඩුවක් අරන් ට්‍රිප් එකක් යන්න පුරුදු වුණොත් දෛනික ආතතියෙන් මිදිලා මනස රිෆ්රෙෂ් කරගන්න පුළුවන්.
ට්‍රිප් එකකදි මුහුණ දෙන්න වෙන්නේ වෙනදා මුහුණ දෙන සුපුරුදු අට පහ දින චර්යාවේ අත්දැකීම් ගොන්නට නෙවෙයි. යන්න කලින් කොච්චර ප්ලෑන් ගහලා ගියත් ට්‍රිප් එකක් කියන්නේ අභියෝගයක්. ප්ලෑන් එක ඒ විදිහට ම හරි යන්න වගේ ම සැලසුම් වෙනස් වෙලා ප්ලෑන් එක වරදින්නත් ඉඩ තියනවා. තනියම ගියත්, ලොකු පිරිසක් එක්ක ගියත්, ඒ අභියෝගයට මුහුණ දෙන්න බලාගෙනයි අපි යන්නේ. හැම ට්‍රිප් එකක් ම ගිහින් ආවට පස්සේ තේරෙයි දැන් ඉන්නේ යනකොට හිටපු කෙනා නෙවෙයි කියලා. ඒ කියන්නේ ට්‍රිප් එකකින් අපිට අපි ගැන ආත්ම විශ්වාසය ගොඩනැඟෙනවා.
එදිනෙදා ජීවිතේ බර බිමින් තියලා, ගතහිත සැහැල්ලු කරගන්න එන චාන්ස් එකක් නෙ ට්‍රිප් එකක් කියන්නෙ. ඉතින් පුළුවන් තරං විනෝද වෙන්න. ට්‍රිප් එකක් ගිහිනුත් වෙනදා වගේ බොහොම සීරියස් පිට ඉන්න ඕනේ නෑ. හැබැයි අනික් අතට ඔයාගේ විනෝදෙ අනික් අයට කරදරයක් වෙන සීමාවට යන එකත් හොඳ නෑ.
කාටවත් හොරකම් කරන්න බැරි, ජීවිත කාලයක් අපි ළඟ ඉතුරු වෙන එක ම දේ මතකයන්. ට්‍රිප් එකක් කියන්නේ ලස්සන මතකයන් ගොඩක් ජීවිතේට එකතු කරගන්න ලැබෙන මහඟු අවස්ථාවක්.
කොච්චර පොතේපතේ දැනුම තිබුණත් අපි ජීවිතේ ගැන ඉගෙනගන්නේ අපි ලබන අත්දැකීම්වලින්. ජීවිතේ කියන්නෙ ම එක එක ජාතියේ අත්දැකීම් එකතු කරන එකට නේ. ඉතින් විවිධ අත්දැකීම් ලබන්න පුළුවන් වෙන්නේ එක ම දින චර්යාවකට අනුගත වෙලා හිටියම නෙවෙයි. විවිධ තැන්වල ඇවිද්දම. විවිධ අය හමු වුණාම. විවිධ දේට මුහුණ දෙන්න වුණාම. අපි ජීවිතේ ගැන ප්‍රායෝගිකව ඉගෙනගන්නේ එහෙමයි. ට්‍රිප් එකක් කියන්නේ ප්‍රායෝගිකත්වය ගැන අධ්‍යාපනය ලබා දෙන තෝතැන්නක්.
දිනපතා රාජකාරිවලින් එල්ල වෙන පීඩනය නිසා මිනිස්සුන්ට මානසික ආතතිය, විශාදය වගේ මානසික රෝග වගේ ම, හෘද රෝග, අධි රුධිර පීඩනය වගේ කායික රෝගත් හැදෙන්න තියන ප්‍රවණතාව වැඩියි. ඉතින් නිවාඩුවක් අරං ජීවිතේට පොඩි වෙනසක් දීම කායික සෞඛ්‍යයටත් රුකුලක් වෙනවා. ට්‍රිප් එකක් ගියාම ඇවිදින්න, දුවන්න, කඳු නඟින්න, පීනන්න එහෙම ලැබෙනවා නේ. දිනපතා ම පරිගණකයක් ඉස්සරහ දවස පුරා වාඩි වෙලා ඉන්න අපේ ශරීරයට මේක හොඳ ව්‍යායාමයක්.
ට්‍රිප් එකක් ප්ලෑන් කිරීම අපේ මනසේ සතුට උත්තේජනය කරන වැඩක් ලු. පර්යේෂණවලින් පෙන්නන විදිහට මේ මානසික සතුට අපේ ශරීරයට බලපාන්න පටන්ගන්නේ ට්‍රිප් එකට සති අටකටත් කලින් ඉඳලයි. මේ කාලය පුරා ම අපේ මනස තුළ මේ බලය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ම ට්‍රිප් එකකින් පස්සේ අපේ වැඩවල කාර්යක්ෂමභාවය ඉහළ යනවා කියලයි පර්යේෂණවලින් හෙළි වෙලා තියෙන්නෙ. ඒ වගේ ම මනස සන්සුන් කරලා මනසේ සාමය ඇති කරන්නත් හේතු වෙනවා ලු.
මේ අවුරුද්දෙ කොළඹින් හොයාගන්න පුළුවන් හොඳම බුෆේ
Post-lockdown high tea seshs in Colombo.
Excellent rice and noodles made from a wok and served in a box, literally.
We tasted every locally brewed and available beer. In the name of science!
A popular Indian restaurant serving mainly North Indian cuisine. The food is very rich, and quite good.
Delete Comment