Artwork for pat pat lk temp top banner 1
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

දකුණෙ සැරටත්, ජැෆ්නා රහටත්.. රු. 500ට අඩුවෙන් ටොප් රයිස් ඇන්ඩ් කරියක්!

අපේ ආදිවාසී සංස්කෘතිය ඉස්මතු වෙන විදියට…

Posted by

වැඩේ වුනේ ඇත්තටම ජැෆ්නා රහට රයිස් ඇන්ඩ් කරි හොයන්න ගිහිල්ලා තමයි. හැබැයී.. පාඩු නෑ. මොකද අවසානයෙ, ජැෆ්නා ස්ටයිල් වගේම දකුණෙ රහට පංකාදු රයිස් ඇන්ඩ් කරි ටිකක් රස බලන්නත් මරු ප්ලේස් ටිකක් සෙට්වුනානෙ.

1. Yalaththa

නුවර පාරෙ, කඩවතට පේන දුරින්..

ගැමි විදියට හදපු හරි ලස්සන රෙස්ටුරන්ට් එකක්. කොටින්ම කිව්වොත් මැටි, කොට බිත්ති.. දෙපිල් වහල, ඒකත් ඉලුක් හෙවිලි කරලා. හතර වටේම ඇන්ටික් ශ්‍රී ලංකන් බඩු බාහිරාදිය, ඡායාරූප වලින් පුරවලා.. ඒ විතරක් නම් බැරියැ, අපේ ආදිවාසී සංස්කෘතිය ඉස්මතු වෙන විදියට මැටි බිත්තිවල චිත්‍රත් ඇඳලා. ආයෙ ඉතින්..

ඒ වගේම තමයි එයාලගෙ කෑමත්. ෆුල් ගමේ ටයිප්. ම්.. පෝර්ක් කරියක් එහෙම තියෙනවා.. රතු බතයි, පොල් සම්බෝලයයි එක්ක ගලප ගත්තාම ගමකට කතහැකි. ඊටත්, ඒකටම කියාපු ටොප් පරිප්පුවකුත් තියෙනව. ඔය විදියට ඉතින් එළවළු, මාලු ජාති නම් 8, 10කින්ම 4ක් තෝරගන්න පුලුවන්. කොහොම වුනත් ඔ්න එකක් ගන්න බය නෑ, මොකද හොඳහැටි මිරිස්, තුනපහ, කිරි දාලා හදපුවා. ඒ විදියට හිතේ හැටියට කාලා.. අන්තිමට හකුරු කෑල්ලක් එක්ක පොල් කට්ටෙ, කහට කෝප්පයක් රස බලද්දි කොහොමද?

මතක තියාගන්න මේ සියල්ලම රු. 300-400 අතර හොඳේ.

2. Mayura Hotel

පටන් ගනිද්දිම කියන්න එපැයි. මෙතන පංකාදු පහට ජැෆ්නා ස්ටයිල් රයිස් ඇන්ඩ් කරියක් රස බලන්න ලැබුනට ගාණ ටිකක් වැඩියි. හිතන්නකො ක්‍රැබ් එකක් රු. 750ක් කිව්වාම? ම්.. මට්න්, කරි චිකන් එහෙම රු. 500-600 අතරෙ. හැබැයි ඉතින් මෙහෙමයි.. ඔ්න තරම් අඩුපාඩු ඉල්ලගෙන කන්න පුලුවන්, සත පහක්වත් වැඩිපුර ගන්නෙ නෑ. එළවලු ජාතිත් 4ක් එනවා. ඒකයි රසම්, මෝරු.. අනික බෙදෙන්නෙත් කෙහෙල් කොලේට..!

3. Mr. Gamarala

ඇඹුල්දෙනිය හංදියෙ තියෙන ‘ගමරාල’ගෙත් කෑම හැම එකක්ම වගේ හොඳයි. විශේෂයෙන්ම එයාලගෙ රයිස් ඇන්ඩ් කරි, කහබත් එහෙම. කිව්වට විශ්වාස කරන්න ඇති පදමට මිරිස් තුනපහ, ඉඟූරු සුදුලූණු දාලා හදන බ්ලැක් පෝර්ක් කරියක් තියෙනවා.. ඒකයි එළවළු ජාති 4යි, බැදපු මිරිස් පපඩම් එක්ක බතක්.. රු. 350යි. නැත්නම් චිකන්, මාළු ඇඹුල් තියල්.. ආයෙ ටොප්ම දකුණෙ රහට හොඳද. රු. 250-300න් වගේ යන්නෙ. ඔක්කොමත් හරි මේ ප්ලේස් එක හදල තියෙන්නෙත් මැටි ලුක් එක එන්න බිත්ති තියලා, පොල් අතු හෙවිලි කරපු වහලක් එක්ක..

4. Gedara

පන්නිපිටිය, හයිලෙවල් පාරෙ තියෙන මේ ප්ලේස් එකේ.. රයිස් ඇන්ඩ් කරී ටිකක් කොළඹ රහට. හැබැයි ජාති සියල්ල ගමෙන්. වැඩිය ඔ්න නෑ ගම් කුකුල් මස් එක්ක බත් ගන්න පුලුවන්, එළවලු ජාති 4යි, බැදපු මිරිස්, පපඩම්..

වැඩේ කියන්නෙ ගාණ රු. 550ක්නෙ?

ඒ හැරුනාම පංකාදු ඇඹුල් තියල් එකක් එහෙම තියෙනවා කෙලවල්ලන් දාලා හදපු. ඒකත් රු. 400ක්..

හ්ම්.. ඔ්ක තමයි කේස් එක!

5. Yarl Eat House

වැල්ලවත්තෙ මේ ප්ලේස් එක.. කොළඹට කිට්ටුවෙන්, අතේ තියෙන ගාණට ටොප් ජැෆ්නා ස්ටයිල් රයිස් ඇන්ඩ් කරියක් රස බලන්න කියාපුම. මෙයාලගෙත් කෙහෙලේ කොලේට බෙදෙන තඩි බතක්.. නාඩු හාල් හැබැයි. ක්‍රැබ්, මට්න්, කරි චිකන්, බාබත්, ෆ්‍රයිඩ් ෆිෂ්, කට්ල්ෆිෂ්, ප්‍රෝන්ස්.. ඔ්න ජාතියකින් ගන්න පුලුවන්. ඒ හැරුනාම එළවළුත් 4ක් එනවා. ඒවයි රසම්, මෝරු, බැදපු මිරිස්, පපඩම්, කරවල.. ඔක්කොමත් එක්ක ආ.. රු. 300 ඉඳන් රු. 600 වෙනකම් තමයි ගණන් යන්නෙ!

Leave a comment