Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

දිව පිනවන යාපනේ රස විඳගන්න.. වැල්ලවත්තට එන්න

යාපනේ කෑම ඒ රහටම කොළඹින්!

Posted by

යාපනේ කියන්නෙ ඒ ප්‍රදේශයට ම ආවේණික වුණ ආහාර සංස්කෘතියක් තියන පැත්තක් නෙ. යාපනේ වැඩි ම භූමි ප්‍රමාණයක් තියෙන්නෙ මුහුදෙන් වට වෙලා. ඉතින් අලුත් ම අලුත් මාළු, මුහුදු ආහාර, ඒ ඇරුණම මස් වර්ග සහ යාපනේට ම ආවේණික කුළුබඩු.. මේ සියල්ල එකතු වෙලා යාපනේ කෑම සරුසාර කරනවා. ඒ වගේ ම ඔවුන් කෑම පිළිගන්වන්නෙ කෙසෙල් කොළයක් උඩට බෙදලා, දිව විතරක් නෙමේ ඇහැත් පිනවන විදිහට..

මේ යාපනේට ම අනන්‍ය වුණු ආහාර රටාව ලංකාවෙ වෙන කොහෙන්වත් අත්විඳින්න පුළුවන් එකක් නෙමේ. ඒක අත්දකින්න යාපනේට ම යන්න ඕන.

එහෙම හිතන් හිටියට, යාපනේ කෑම ඒ විදිහට ම ඒ රහට ම කොළඹින් කන්න පුළුවන් තැනක් තියනවා!

‘යාල් ඊට් හවුස්’. අසූව දශකය තරම් අතීතයක ඉඳන් පැවත එන, යාපනේ රහ කොළඹින් විඳගන්න අවස්ථාව සලසන සුප්‍රසිද්ධ තැනක්. වැල්ලවත්ත ස්ටේෂන් රෝඩ් එකේ මුල්ලක තියන මේ රෙස්ටොරන්ට් එක, යාපනේ රහට කැමති අය අනිවාර්යයෙන් ගිහින් බලන්න ඕන තැනක්.

යාල් ඊට් හවුස් එකෙන් ගන්න ඕන ම කෑම වේලක් බෙදන්නෙ කෙසෙල් කොළයක් උඩට. ඒ එක්ක ම තව අඩුමකුඩුම මහ ගොඩක් මේසෙට එනවා. හොඳට තැම්බුණු කීරි සම්බා නැත්තං යාපනේ රතු බත් එක්ක එළවළු, රසම්, පපඩම්, බැදපු මාළු සහ ඔබ කැමති මස් හෝ මාළු වර්ගයක්.

මේ ඔක්කොම රස එකතු වෙලා කටට සැර, ඒ තරමට ම රස, අංග සම්පූර්ණ කෑම වේලක අත්දැකීමක් අපිට ලබා දෙනවා. විශේෂයෙන් මෙතන මස් සහ මාළු ව්‍යංජන හායිහූයි ගෑවෙන තරමට සැරයි. හැබැයි එළවළුවලින් එන එක එක ජාතියේ රස එක්ක ඒ සැර ගාණට බැලන්ස් වෙනවා.

කරි ගැන කිව්වොත් කිරට හදපු පරිප්පු, උකුවට හදපු වම්බටු ව්‍යංජනයක්, ලූනු තෙල් දැමුමක්, අල තෙල් දැමුමක් එහෙම මේගොල්ලො ළඟ තියනවා. රසම් හොදි ටිකකුත් මේ අතරින් පතර එකතු වුණාම කෑමවල ගම්මිරිස්, සුදු ලූනු, දුරු තුනපහ එක්ක කැටි වුණු ස්ට්‍රෝං ෆ්ලේවර් එක තව වැඩි වෙනවා.

ඊළඟට අපි හැරෙමු මස් මාළු වර්ග දිහාට. බ්‍රොයිලර් චිකන්, කරි චිකන්, මට්න්, මාළු, ඉස්සො, දැල්ලො, කකුළුවො.. මේ ඕන එකක් යාල් ඊට් හවුස් එකේ තියනවා.

ඔය ඔක්කොම අතරින් වැඩිපුර ම කැපිල පේන්නේ කකුළු කරිය. යාපනේට ම විශේෂ කුළුබඩුවල රස සුවඳ දැවටුණු, කටට සැර ක්‍රැබ් කරියක්. මේ කරියට පාවිච්චි කරන කකුළුවො ප්‍රමාණයෙන් ලොකුයි. ඒ වගේ ම හොඳට කටු ටික සුද්ද කරලා බැලුවම ඇතුළේ මස් පිරිලා.

යාල් ඊට් හවුස් එකේ ඩිනර් මෙනු එකත් සිත් ඇදගන්නාසුලුයි! රොටි කොත්තු, ඉඳිආප්ප වගේ ජාති එක්ක සාම්ප්‍රදායික පිට්ටු බම්බුවෙ හදන පොල් පිට්ටුත් මෙතන තියනවා. මේවත් එක්ක කන්න කිරි හොදි, පොල් සම්බෝල, පරිප්පු හොදි, නැත්තං සැර එළවළු මික්ස් කරියක් වගේ ඕන ජාතියක් ගන්නත් පුළුවනි.

මෑතකදී යාල් ඊට් හවුස් එක එයාලගෙ රෙස්ටොරන්ට් එකට අලුත් පෙනුමක් දීල නවීකරණය කළා. ඒ නිසා දැන් 40ක විතර පිරිසකට එක පාර වාඩි වෙලා ආහාර ගන්න පහසුකම තියනවා. තැන හොඳ පිරිසිදුවට පිළිවෙළට නඩත්තු කරන්නත් ඒගොල්ලො කටයුතු කරනවා. ඒ නිසා ම පවුල් පිටින් ගිහින් වුණත් කන්න බොන්න පුළුවන්.

ඉතින් ඔබත් කොළඹ අවට ඉන්නව නං, යාපනේ රහට දිව පිනවගන්න කැමති නං, ගිහින් බලන්න. මේගොල්ලො පික්මී ෆුඩ් සහ ඌබර් ඊට්ස් හරහාත් ඩිලිවර් කරනවා. ඒ ඇරෙන්න ටේක් අවේ ඕඩර්ස් එහෙමත් බාරගන්නවා. වැඩි විස්තර දැනගන්න 0112593905 අංකය අමතන්න.

Leave a comment