Artwork for Kingsbury Feb 2017 New

ඇත්තටම කටුනායක මොකද වෙන්නේ?

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොල අප්‍රේල් 06  වෙනකල් දවල්ට වහනවා. එයාපෝට් භාෂාවෙන් ම කියනව නම් 16.30 ඉඳන් 8.30 වෙනකල් (ජනවාරි  6 වෙනි දා ඉඳන් මාස 3ක්).

ඒ කියන්නෙ මේ කාලය ඇතුලත පිටරට යන/ ගිහින් එන අයට පොඩි කට්ටක් කන්න වෙනවා (පොඩි කීවට පොඩි ම නෑ). පැය 4-5ක් වත් කලින් එයාපෝට් එකට යන්න වෙනවා.

ඇයි මෙහෙම වෙන්නේ

කටුනායක එයාපෝට් එක හැදුවේ 1986 දී. හරි නම් මේක පාවිචි කරන්න පුළුවන් අවුරුදු 20යි. ඒත් දැන් අවුරුදු 30ක් විතර අපි මේක පාවිචි කරලා තියෙන නිසා අලුත්වැඩියා කරන්න ම වෙනවා. දැන් වෙද්දි  ගුවන් යානා ධාවන පථයත් ඉරිතලලා කියලයි කියන්නේ. ඉතිං තවත් මේක මේ විදියට පාවිචි කරන්න බෑ. ඒත් ඉතිං මෙහෙ දවල්ට මේක වහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? ඇයි මත්තල?

මත්තල විතරක් නෙවෙයි, මේකට තව විකල්ප කීපයක් යෝජනා වුණා. ඒත් ඒ එකක්වත් හරියන්නෙ නෑ කියල තමයි අන්තිමේ දී තිරණය වුණේ.

මත්තල: මත්තලට ඇත්තට ම පැයකට හැන්ඩ්ල් කරන්න පුළුවන් ගුවන් යානා 4යි. ඒක හොඳට ම මදි, කටුනායකත් එක්ක බලද්දි.

පරණ ධාවන පථය: කටුනායක පරණ ධාවන පථයක් තිබුණත් ඒකත් හොඳටම අබලන් නිසා ඒක පාවිචි කරන්න විදියක් නෑ.

අලුත් ධාවන පථයක් හදන එක: කල් මදි.

රත්මලාන: ජාත්‍යන්තර ගුවන්තොටුපලක් නොවන නිසා රත්මලානේ අවශ්‍ය පහසුකම් නෑ.

ඉතින් වෙන කරන්න දෙයක් නෑ. කියල තමයි කියන්නෙ.

ඇත්තම කතාව

හොඳකට තියෙන්නෙ මේ පාර නම් සිද්ධවෙන්නෙ මොකක්ද කියන එක ගැන හැමෝට ම දැනගන්න සැහෙන හොඳ විස්තරයක් එයාලා දාලා තියෙනවා. මේකේ කියන විදියට සාමාන්‍යයෙන් දවසකට කටුනායකින් ගුවන් යානා 170ක් විතර සහ මගින් 25,000ක් විතර යනවා එනවා. ලෝකයේ කාර්යබහුල ම එයාපෝට් එකක් විදියට සැලකෙන ඇට්ලැන්ටා ගුව්න තොටුපලත් එක්ක බැලුවොත් මේක 1/10ක් වගේ

දැන් ඉතිං වෙන කුමක් කරන්නද?

ගොඩක් ප්ලේන් කැන්සල් කරලා; අනිත් ඒවා වෙලාව මාරු කරලා. කලින් කීව වගේ මේ දවස් ටිකේ රට යනව නම් පැය 4-5ක් වත් කලින් එයාපෝට් එකට යන්න ඕන. ශ්‍රී ලංකන් එයාලයින් එක නම් විනාඩි 90කට කලින් ආවෙ නැත්නම් චෙකින් කරන්නෙත් නෑ. ඉතිං වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් වෙනකල් මේ කට්ට කන්න ම වෙනවා. ශ්‍රී ලංකන් එකේ අවලංගු කරපු සහ වෙලාව වෙනස්කරපු ප්ලේන් මොනවද කියල මෙතනින් බලාගන්න පුළුවන්.

Leave A Comment