හෙල්මලුවක ලියදි නෙපෙනෙන්න තරම් අනෝරාව කියන්නෙ?
හිතාගන්න පුලුවන්නෙ, නේ..
ඉතින් ඒ අනෝරාව පායනකම් ගෙයින් එළියට බැහැගන්න බැරුව මායි යාළුවයි විතරක් නෙවෙයි සෙනේ මාමාත් අන්ත අසරණ වෙලා. ඊටත් හැන්දෑවෙ එනවැයි කිව්ව රා බෝතල් 2ක. හනෙ හප්පේ.. මතක් වෙද්දිත් නිකම් පපුව හෝස් ගාලා යනවා.
එහෙම ඉඳලා ඉඳලා බැරිම තැන තමයි රේන්කෝට්, ටෝච් අරගෙන අපි එළි බැස්සෙ.. රා වාඩිය පැත්තට යන්න.
කොහොම කොහොමින් හරි එහෙම ගාට ගාට ගිය ගමනෙ යාන්තම් කැළෑ අඩි පාරෙන් එපිටට ගොඩවුනා. ගොඩවෙලා වික්ටෝරියා වේල්ල වගේ වතුර දාන නියරවල් ටිකෙනුත් නොවැටී බේරිලා.. සැඳෑ වැහි අඳුරෙම අපි ඔ්ං.. වාඩියට!
“මාමා.. හප්පොච්චියෝ වාඩි ගන්ට වාඩි ගන්ට. මට ඒ ගන්ට බෑ මාමා. මේං බඩු.
අනේ මළයා, මම හැබැයි කීයට හරි ගේනවමයි කියලා අයින් කරලමයි තිබ්බෙ.”
“ආ.. ඒකට අවුලක් නෑ අයියා. අපිත් දන්න නිසාමයි ආවෙ මේ පැත්තට.
ම්.. ඒක නෙවෙයි ඔය මොනවැයි හදන්නෙ?” ලිප්බොක්කෙ පැත්තක පැතලි කළුගලක් උඩ තුනීවෙන රොටි.. පොල්රොටි ගතියක් පේන්න නොතිබුන නිසයි ඇහුවෙ.
“ආ.. මළයා මං මේ ගෙදරට යන ගමන සුවර් නැති නිසා කන්ට කියලා කී රොටියක් පුච්චන්න ඔ්ං.. හැබැයී මළයලට තියෙනව ඊට වැඩි හොඳ කෑමක්” බණ්ඩා අයියා එයාගෙ රෙදි මල්ලට අත දාලා ගත්ත ෂොපින් කවරෙ අපිටම දික්කලේ..?
ඇරල බැලුවට පස්සෙ සප්‍රයිස් එකක්වත්ද?
‘ම්.. කැන්ද කොළ ගොඩක්, මැදින් මොකක්දෝ සුදුපාට රොටියක් වගේ’ “සෙනේ මාමා! මොනවැයි අප්පා මේ. ඇලෙනවත් වගේනෙ”
“පුතා.. ඔ්ක නාහෙට ලං කරලා බලන්නකො. ඔය කිරි ආප්ප. කොහොමද සුවඳ?”
“ෂැහ්.. නොම්මර එකයිනෙ මාමා. තනිකර පොල්කිරි සුවඳයි. ඒ මැදින් එනසාල්, කරාබු සුවඳකුත් එන්නෙ. ඒවත් දාලාද..?”
“ආ.. ඔ් මළයා එනසාල් ටිකක්, කරාබු නැට්ටක් එක්ක තලලා දාලා ඇත්තෙ. හැරත් ඔ්ක තනිකරම ගමේ හාල්පිටි ඈ.. ඔ්ක ඔහොම කන්න නෙවෙයි. ඉන්නකො මම භාණ්ඩයක් දෙන්න”
කී රොටිය පිච්චෙන්න දාලා අයියා ගියා වාඩියෙ පිල පැත්තට. ගිහින් මෙන්න එනවා කාලෙ බෝතලයකුත් අරගෙන.
“මල්ලි ඔය ආප්පයක් කැන්ද කොලෙත් එක්කම දිග ඇරලා ගන්ටකො” කියලා දැම්මා..
බැලින්නම් මී පැණි!
“අයියා මී පැණි? නෑ නෑ මළයා. මේ කනෙයි පැණි. මහවැස්සට කලින් කැලේ ගියපු දවස් ටිකේම මරු කනෙයි වද 7, 8ක්ම අහුවුනා. ඉතින් නිකම් ඉන්න එකේනෙ කියලා ගෙනැල්ල මං මිරිකුවා ඔ්ං..
ආහ්.. ඒක නෙවෙයි. ඔ්කෙන් කටක් කන්ට කලින් හොඳ එකක් පුරවලා හලා ගන්න. ආයෙ බයිට් මුකුත් ඔ්න නෑ. පැණි උඩින් මෙන්න මේ ලූණු ලියපු ටිකක් දාගන්ටකො.”
කෑවැයින් කෑවෙ නෑ මෙහෙම කෑමක් කියලා.. මාමා දාලා දුන්නු වීදුරු දෙකත් ගැම්මට දෙකට හලාගෙන අපි එක කටට.. ආප්පයආප්පයෙන් බාගයක් බඩට..
හප්පා.. කිව්වට විශ්වාස කරන්න.. තරු පන්තියෙ හෝටලයකින් බ්‍රැන්ඩි කේක් එකක් කෑවා වගේ. පිටි රසක් නම් දැනෙන්නෙම නැති ගානයි. හැබැයි පොල් කිරි රසයි කනමී පැණිවල ලා පැණි රසයි, ඒ යටින් එන තිත්ත ගතියයි එක්ක..
අර ලූණු කෑලි ටිකත් මාරම ගැම්මක් දෙන්නෙ ආ.. වැඩේ කියන්නෙ ඒ රසත් එක්ක ආප්පෙ කටට දෙකට ඉවරයි. ඊටත් මල්ලෙ බැලින්නම් ඉතුරු තව දෙකයි!
හැබැයි අඩුවක් නොදැනෙන්ට මේං ඒක ඉවර වෙලා දෙවනි වීදුරු වටේ යනකොට කී රොටි, කොච්චි ලූණු සම්බෝලයි කනෙයි පැණියි ආයෙත්..
අන්තිමට.. වැස්ස පෑයුවෙත් නෑ. යාගන්න තියා පාන් කියාගන්නත් බෑ. අපිත් වාඩියෙම බෝඩිම්.. හ්ම්..!
We love mojitos, and we love Coronas. So, we thought to bring the best of both worlds together with a refreshing Corona ...
Post-lockdown high tea seshs in Colombo.
We tasted every locally brewed and available beer. In the name of science!
The Kingsbury buffet is pretty good. It's the best in terms of salads and veg, highly competitive in seafood, and good for everything else. It's Rs. 3,500…
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment