Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

යකින්ණි ගලේ මුදුන් උලේ... කූඩාරම් නැති, කඳවුරු බැඳි සීත රැය! 1 කොටස

කිලෝමීටර 3 පනිද්දි... සැපට ආපු ගමන ඉවරයි.…

Posted by

‘ශ්‍රී ලංකන් මෙරු’ නැත්නම් නකල්ස් යකින්ණිගල...

මීට අවුරුදු 8කට විතර කලින් ජීවිතේ පළවෙනි පාරට, පිටවල පැත්තෙන් නකල්ස් ගියපු වෙලාවෙ... පිටවල පතනෙ ඉඳගෙන මායි මගේ යාළුවො 3දෙනයි කතාවුණේ එදා රැය මානිගලේ ගත කරන්න. හැබැයි ඒ කතාව අතරේ... මානිගලට ටිකක් දකුණු පැත්තට වෙන්න ඈතින් උඩට මතුවෙච්ච උල් ගල් 2ක... මගේ ඇහැට විතරක් නෙවෙයි ගතටත්, හිතටත් පුදුම වදයක් දුන්නෙ.

“මොකක්ද දන්නෑ ඒ කඳු දෙක. ගමට ගියපු ගමන් අනිවා අහලා දැනගන්න ඕන” තනියම කල්පනාව දාපු මම පිටවලින්, රත්නින්ද පාරෙ ඇටන්වලට කිට්ටු වෙනකම්ම ඒක දිහා බලාගෙනයි බයිසිකලේ පිටිපස්සෙ ගියේ.

ගිහින් ඉතින් ගමට ගොඩබැස්සට පස්සෙ, ඉස් ඉස්සෙල්ලාම කියලා මුණගැහිච්ච මාමාගෙන් විස්තරේ අහලා දැනගත්තා. ඒත්... කතාවෙ අවසානය, මට ඕනම දේ එළියට ආවෙ නෑ.

“මාමා එතකොට ඕකට නැග්ගහැකිද? යනවනම් කොයි පැත්තෙන්ද යන්නෙ?” 3 පාරක් ඇහුවා යාළු. ඕං ඒ පාර තමයි කිව්වෙ...

“පුතා... දැන් ආපු වෙලාවෙ ඉඳන් ඕක ගැන අහන නිසයි කියන්නෙ. ඕකට යන්න බැරි නෑ. හැබැයි වැඩේ ටිකක් අමාරුයි. නගින එකටත් වඩා ඔය පැත්ත හරි නෑ. සුදුගලින් එපිට ලයින්වල උනුයි, අපේ ගම්වල උනුයි දෙගොල්ලොම දඩයටම හුරුවෙලා තියෙන්නෙ ඔය ඉමේ... මදු, තුවක්කු බැඳපුවා විතරක් නෙවෙයි, මුවාවෙලා බලා ඉඳලා තියන්න තරම් කෙරුමක්කාරයො තමයි ඔකේ බැහැගෙන ඉන්නෙ. ඔය උලට එපිට පැත්තම, උංගෙ වහම්. ගල් ලෙන් ටිකක් තියෙනවා කැලේ ඇතුළට ඇතුළට වෙන්න, ඒවා අයිතිකරගෙන තමා ඕකුන් ඉන්නෙ. වැඩිය ඕන නෑ, දන්නෙ නැති මූණක් දැක්කා නම් ඇති, ගත්තා තිබ්බා.

“හප්පා... එහෙමද මාමා? ඒත් හැබැයි යන්න ආසයි. අපිට බෑද මෙපිටින් නගින්න?”

“බැරි නම් නැතුව ඇති. හැබැයි පාරවල් පාදන්න ඕන. ඊටත් ගල දිගේ කඹ දාලා නැග්ගත් බහින්න බෑ නෙවැ. අන්න එතකොට ආයෙ, අපිට එපිට පාරට හැරෙන්න වෙනවා.

ඒක පස්සෙ කතා කරමුකො පුතා. ඔයාලා එහෙනම් ගලට ගොහින් එන්න. ඕං ඔතනින් උඩට හොඳේ”

හැන්දෑවෙ මන්දාරමත් එක්කම මානිගලේ කඳවුරු බිම් ලෑස්ති කරගත්ත අපේ රෑ මැදක් වෙනකම්ම කතාව වුණේ යකින්ණිගල.

“යන්නම ඕන ඈ...හ්. ඉඳාල්ලකො මං හෙට උදේට මාමාට ටෝක් කරනවා. කරලා ඊලඟ ටුවර් එකේ ඒක දාගමු”

කිව්වට දෙවනි, තුන්වෙනි නකල්ස් ගමන් ටිකේ නම් අපි ඒ ගමන යැවුණෙ නෑ. හැබැයි වාසිය ආවා. මාමා යකින්ණිගලේ යන්න ගමේ දඩයමයොත් එක්ක කතා කරලා, පගාව දීලා අපිට පැත්ත හැදුවා. ඒ නිසාමයි පස්සෙ අවුරුද්දෙ ජුනි අල්ලලා... 8 දෙනෙක්ගෙ බැටැලියන් එකක් ගමනට පිටත් වුණේ. අපී... පළවෙනි දවසෙ ලොකු කාලයක් ඉතුරු කරගෙන ගියේ නෑ. මොකද ප්ලෑන් එක තිබුණෙ එදා රෑ මාමලගෙ ගෙදර ඉඳලා පහුවෙනිදා පිටත් වෙන්නනෙ. ඉතින් අපි එදා ගමට යද්දි රෑ 7යි. ගිහිල්ලා හිටං කාලා බීලා, බඩු මුට්ටුත් ලෑස්ති කරගෙන පහුවෙනිදා පාන්දරින්ම... ගම ඇරෙන්න කලින්ම ඔන්න පටන් ගැන්ම!

මාමා තමයි මූලිකයා. ඊට පස්සෙ අපේ පිහි කරුවෙක්. තුන්වෙනියට හෙවිපැක් ස්පෙෂලිස්ට්. හතර ෆොටෝග්‍රැෆර්... ඔහොම ඔහොම ඉතින් දන්නෙ නැද්ද. හැබැයි වැඩේ වුණේ කිලෝමීටර 3 පනිද්දි... සැපට ආපු ගමන ඉවරයි. ලන්දත් පාස්, පයිනස් කෑල්ලත් පාස්, දැන් බටගාල්. ඒවත් අර කොළපාට හීනි බට. බූවා විතරක් නෙවෙයි. බටකොළවලටත් කැපෙනවා ආයෙ බ්ලේඩ් තල වගේ.

කරන්නෙ දෙයක් නෑනෙ. ආවෙ ආසාවත් එක්කනෙ. නායකයා විදියට මම තීරණය ගත්තා. තව පිහිකරුවෙක් වැඩි කරලා, ඔන්න ගේමට බැස්සා.

බැස්සා බැස්සමයි...

‘අනේ’ කියවෙන්න! මාමා කලින්දා කියපු කතාව තප්පරේට ඔලුවට ආවෙ... අහස පුරාම මෙන්න එක කළුවළාවයි. මචං අපි ටිකක් ඉක්මන් කරලා බඩවැටියක්වත් අල්ලලා නතරවෙමු. රේන්කෝට් දාගන්න වෙනවා.

“හහ්... පුතා මං කිව්වෙ ඕං. මේක නං මහ අද්භූත තැනක් අප්පා. ඔයාගෙ ඔය පිට් එකට ආවා මිසක් මං ඒකයි කිව්වෙ මේකෙ ගමන මහා...”

කියලා විනාඩි 15ක විතර වගේ තමයි චාන්ස් එක තිබුණෙ. කොහොමහරි අපි ඒ ටිකට බටගාලෙන් මතුවුණා උල් ගල පාමුලට. මතුවුණා... රේන් කෝට් ටික අතට ගත්තා විතරයි, පටන්ගත්තෙ අඳුර එක්ක... ගල දිගේ එන්න ගත්ත වතුර පාර ආමි බූට් ඇතුළටත් දාන ගානයි...

“ඒහ් මොකෝ බං කරන්නෙ. දැං ගල දිගේ ඇදිල්ලක්නෙ තියෙන්නෙ. ගියෑකි වෙයිද?”

“ඇයි බැරි. අපි වැඩේ පටන් ගමු”....

II කොටස ලඟදීම....

Leave a comment