Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 22 Apr 2021 Artwork for Coffee post sidebar 1-1959 new

පරිසර දිනය සමරන්න.. ගල්කිස්සට ආ මිලියන ගණනක වැල්ලවත්තේ කුණු!

කෙසේ හෝ මෙවැනි කාරණාවලින් සහ ඒවාට…

Posted by

ලෝක පරිසර දිනය!

දන්න නොදන්න සියළු දෙනාම පාහේ ගහකොළ, සතාසීපාවා, පරිසර පද්ධතීන් ගැන හරි හරියට කතා කරන දවස. ඒත්.. ඒ කතා කරන කරුණු කාරණා ප්‍රායෝගිකකරණයට යොමුවද්දි?

අපි කවුරුත් හොඳහැටි දන්නව සුළු ලාභ ප්‍රයෝජන තකා දේශපාලුවන්ට කඩේ යන ජනතාවක් සිටින රටක.. මොනයම් අයුරකින් හෝ, විශේෂයෙන්ම පරිසර සංරක්ෂණ ක්‍රියාවලියක් වැන්නක් අවම වශයෙන් 50%කට වැඩි ප්‍රතිශතයකින්වත් සාර්ථක කරන ගැනීම ඉතාමත්ම අසීරු බව. ඒ වගේම ඊට හේතු කාරණා කතා කිරීමත් කිසිසේත්ම පලක් නැතිබව.

ඉදින් අපි යොමුවෙමු කෙටියෙන් කතාබහ කිරීමට, අතිශය කාලෝචිත මාතෘකා දෙකකට.

ගල්කිස්සට දැමූ වැලි සහ ගල්කිස්සට ආ කුණු!

defence.lk

මින් පළමුකොට ගතහොත් රු. මිලියන 100කට එපිට වියදමක් දරමින් සිදුකොට, මුලුමනින්ම අසාර්ථක කල ගල්කිස්ස වෙරළ සංරක්ෂණ ක්‍රියාවලිය. මෙහි දේශපාලනික පසුබිම කුමක් වුවත් විද්‍යාත්මක සහ පාරිසරික පසුබිම් අතින් බැලූකල වෙරළ සංරක්ෂණ අධිකාරිය විසින් සමාජගත කරන ලද දත්ත වලට අනුව මෙම ව්‍යාපෘතිය සිදුකල ක්‍රමවේදය නම් ‘සෑන්ඩ් එන්ජින්’ යන්නය. සැබවින්ම සෑන්ඩ් එන්ජින් යනු කුමක්ද?

මීට වසර 10කට පමණ පෙර යුරෝපීයයන් විසින් ඔවුනගේ කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් මත සිදුවන වෙරළ ඛාදනයන් අවම කිරීමට අත්හදා බැලූ දිගුකාලීන ව්‍යාපෘතියක්. එමෙන්ම ඔවුන් පවසන පරිදි මෙම ක්‍රමය යටතේ අවම ප්‍රථිඵල ලබාගැනීමට අවුරුදු 5ක පමණ කාලයක් ගතවනු ඇත. එහිදී සිදු කරනුයේ වසර ගණනක සුළඟ සහ රළපහර වෙනස්වීමේ දත්තයනට අනුව වෙරළ ඛාදනය විශ්ලේෂණයකොට, ඛාදනයවන වෙරළ තීරයෙහි පළල, ගණනය කරනලද ප්‍රමාණයකට මුහුද දෙසට වැලි වැටි නංවා, පුරවා ආරක්ෂා කිරිමයි. එමෙන්ම, එම වැලි වැටි නැංවීම සිදුකල යුත්තේ කුමන කාලයන්හිදීද යන්න, නැංවිය යුතු වැලිවැටි වල පරිමාවන්, කාළගුණික විපර්යාසයන් හමුවේ එම වැලිවැටි ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් ඇතුළු බොහෝ දෑ ව්‍යාපෘතිය ආරම්භ කිරිමට ප්‍රථම දත්ත විශ්ලේෂණයන්ගෙන් ගණනය කොට තිබිය යුතුය.

ප්‍රශ්නය නම් මෙයයි. සැබවින්ම වෙරළ සංරක්ෂණ අධිකාරිය එම අධ්‍යයනයන් සහ ගණනය කිරීම් සිදු කලාද? සිදුකලා නම් නිවැරදි කාල වකවානුව සොයාබැලීමකින් තොරව මෙම ව්‍යාපෘතිය දියත් කලේ මන්ද?

පරිසරයට ලැදි ඔබ, ඔබෙන් විමසා පසුව හැකිනම් බලධාරීන්ගෙන්ද විමසන්න?

ඛාදනය වූ වැලි වෙනුවට තැන්පත් වූ කුණු…

වසරක් පාසා සිදුවන මෙම කුණු ගොඩගැසීමේ ක්‍රියාවලිය ගල්කිස්සේ පමණක් නොව වාරකන් කාලයන්හිදී සමුද්‍ර දූෂණය බහුල ඔ්නෑම මුහුදු තීරයක සිදුවන්නක්. නමුත්.. ඔබ අප හොඳින් දන්නා කරුණ, ලංකාවේ අපවිත්‍රම මුහුදු තීරයක්වන බටහිර මුහුදු තීරයෙහි, මුහුදු පත්ලෙහි තැන්පත්ව ඇති කුණු අති විශාල ප්‍රමාණයක් එක්වරම ගල්කිස්ස වෙරළ තීරයට ගොඩගැසුනේ ඇයි?

තවමත් නිවැරදි විශ්ලේෂණයක් මේ සම්භන්ධව නොමැති වුවද, බොහෝ පරිසර සහ සමුද්‍රවේදීන්ගේ මතය වනුයේ පහුගිය දිනයන්හිදී ඛාදනයව ගොස් මුහුදු පත්ලෙහි තැන්පත් වෙමින් ගොඩනැගෙන වැලිපර හමුවේ වෙනස්වන යටි දියවැල්වල බලපෑමෙන්, මුහුදු පත්ලෙහි ඇති කුණු තොග ගණන් දියවැල් ඔස්සේම මුහුදු මතුපිටටත්, ඉන් වෙරළ දක්වාත් ගසාගෙන එන බවය.

කෙසේ හෝ මෙවැනි කාරණාවලින් සහ ඒවාට බළධාරීන් ලබාදෙන වගකීම් විරහිත පිළිතුරු හමුවේ පරිසරයට ලබැඳි සබැඳි ඔබ අපි කාටත් ගතහැකි පැහැදිළි පණිවුඩ රාශියකි.

ඉදින් තවදුරටත්, අවම වශයෙන් අප රටෙහි පාරිසරික කාරණාවන්වත් දේශපාලනීකරණය කිරීමෙන් වලක්වා ගන්න, සියළු දෙනාම එක්ව කටයුතු කළයුතුම නොවේද?

Leave a comment