මේ දවස්වල බලන බලන අත වෙඩිං. කොරෝනා කාලේ වෙඩිං ගන්න බැරි වෙච්ච අය ද කොහෙද මේ ටිකේ හෝ ගාල කසාද බඳිනවා. එහෙම නැත්තං මේ දවස්වල වෙඩිං ගත්තම ආරාධනා කරන්න ඕන අඩු සෙනඟකට හින්දා වියදං අඩු කරගන්න හිතාගෙන කට්ටිය කසාද බඳින්න හදිස්සි වෙලා ද මන්දා. කොහොම හරි විවාහ මංගලෝත්සව නං හැම තැන ම.
ඔයාගෙත් යාළුවො බඳිනව නං, ඔයා තාම තනිකඩයි නං, ඔයා ඇත්තෙ සෑහෙන අවුලක. අන්න එහෙම අයගෙ හිත සතුටු වෙන කතාවක් මේක. මේ පහළින් තියෙන්නෙ තනිකඩ ජීවිතේක වාසි. වැඩේ කියන්නෙ මේව ඇත්ත කියල දන්නව වුණත් කවුරුත් ප්‍රසිද්ධියේ කියන්න පෙළඹෙන්නෙ නෑ. කියවල බලන්නකෝ. ජීවිතේ සතුටින් ඉන්න කසාදයක් බඳින්න ම ඕන නෑ කියල අවබෝධ වෙයි.
අපි මේ කියන්නේ බඳින්න එපා කියල හෙම නෙමෙයි. ඒක එක එක්කෙනාගෙ කැමැත්ත නේ. ඒත් ඉතින් තමන්ගෙ කැමැත්තෙන් තොරව එක එක අයගෙ කීමට සහ හැමෝම බඳින නිසා කසාද බඳිනවට වඩා තනියම ඉන්න එක හොඳයි කියල ඔයා තේරුම් ගන්න ඕනේ. එහෙම කිව්වම, බඳින්නෙ නැතුව කොහොමද, වයසට ගියාම තනි වෙයි කියල නෑයොයි වේයොයි කියයි. ඒත් සහකරුවෙක් හෝ සහකාරියක් කියන්නෙ අනාගතේ වෙනුවෙන් දාන ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් නෙමේ නේ. ඒ හින්දා අනාගතේදි පාවිච්චි කරන්න බලාගෙන තව කෙනෙක්ව ආයෝජනය කරන එක හොඳ වැඩක් නෙමේ.
සහකරුවෙක් හෝ සහකාරියක් එක්ක ජීවත් වෙන අයට වඩා තනිකඩයන්ගේ කාලය හුඟක් ඉතිරි වෙනවා. මොකද විවාහ වෙලා වුණත් නැතත්, සහකරුවෙක් සහකාරියක් ඉන්නකොට කාලය කළමනාකරණය කරගන්න වෙන්නෙ එයාගෙ කාලසටහනත් සැලකිල්ලට අරං නේ. තව කෙනෙක් එක්ක ජීවත් වෙද්දි එයාගෙ අවශ්‍යතා සහ වුවමනා ගැන නොසලකා ඉන්න බෑ. ඒ නිසා තනිකඩයන්ට දවසේ කාලසටහන විතරක් නෙවෙයි මුළු මාසෙ ම කරන්නෙ මොනවද කියලත් තමන්ට ම කල් ඇතුව ප්ලෑන් කරන්න පුළුවන්.
මේ ගැන නං අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනෙ. දෙන්නම මුදල් උපයනවා නම් වියදම දෙකට බෙදිලා ගියාට මොකද තනියම ජීවත් වෙන අයගෙ වියදම ඊට වඩා හුඟක් අඩුයි. ඉතින් තනියම ඉන්නකොට ඔයා උපයන මුදල් ඔක්කොම ඔයාගෙ. තමන් කැමති ඕන ම දේකට ඕන විදිහකට වියදම් කරන්නයි තියෙන්නෙ. අනික ඉතින් කපල් එකක් වුණාම වෙඩිං එකටයි වාහන ගන්නයි ගෙවල් හදන්නයි හතර අතේ ණය වෙන්න එපැයි. තනිකඩයන්ට ඔය මොන හිසරදයක්වත් නෑ!
අරක මේක කරන්න එපා කියන අය තනිකඩයන්ට නෑනෙ. ඉතින් තමන් කැමති ඕන දෙයක් ඕන වෙලාවක කරතහැකි. හිතෙන ඕන වෙලාවක මල්ලකට ඇඳුම් ටිකක් ඔබාගෙන ට්‍රිප් එකක් යන්න වුණත්, කැමති කෙනෙක් එක්ක ලන්ච් එකට ඩිනර් එකට එළියට යන්න වුණත්, හිතෙන ඕන ම විලාසිතාවක් කරන්න වුණත් තනිකඩයන්ට පුළුවන්. මොකෝ ඒකෙන් අපහසුතාවට පත් වෙන්නවත් හිත රිද්දගන්නවත් කෙනෙක් නෑනෙ.
ඔයාගෙ ජීවිතේ ගැන ඔයාට ම තීරණ ගන්න පුළුවන් වීමත් තනියම ඉන්න අය ලබන විශේෂ වාසියක්. පෙම්වතෙක් පෙම්වතියක් ඉන්නව නං ඔයාගෙ අනාගතේ වෙනුවෙන් ගන්න තීරණවලදි එයා ගැනත් හිතන්න ඕන නෙ. අනාගතේ ප්ලෑන් කරද්දි එයාවත් ඒකට ඇතුළත් කරගන්න වෙනවා. උදාහරණයක් විදිහට ඔයාට වෙන රටක සෙට්ල් වෙන්න ඕන නම් ඔයාගෙ ඕනෑකමට විතරක් ඒක කරන්න බෑ සහකරුවෙක් ඉන්නව නං. එයාවත් හවුල් කරගන්න වෙනවා. ඒ වගේ ම ඔයාගෙ සහකරුවා හෝ සහකාරිය වෙන රටක ඉගෙනගන්න හෝ රස්සාවකට යනවා නං ඔයා කැමති වුණත් නැතත් ඔයාට යන්න ම වෙනවා. ඉතින් ඔහොම කලබැගෑනි නෑ තනිකඩ ජීවිතේ. ඔයාට ඕන නං ගියා. නැත්තං මෙහෙ හිටියා. තීරණේ ඔයා අතේ. ඉතින් තනිකඩ වුණාම හරි තීරණ වගේ ම වැරදි තීරණ ගන්නත් බය වෙන්න ඕන නෑ!
ප්‍රේම කරද්දි වුණත් විවාහ වෙලා වුණත් සහකරුවා සහකාරිය ගැන වගකීමක් තියනවා. සම්බන්ධතාවක් කියන්නෙ ම වගකීමක්. බෑ කියල හිතුණ පලියට ඒකෙන් මිදෙන්න බෑනෙ. ඉතින් ඔය කමිට් වෙන්න බැරි ස්වභාවයන් සහිත පෞරුෂ තියන අය එහෙම වඩා කැමතියි තනිකඩව ඉන්න. මොකද වගකීම් අඩුයි නේ. ඉතින් තමන්ගෙ දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට ඇරුණම වෙන කෙනෙක් එක්ක බැඳීමක් නැති එකත් මානසික නිදහස පැත්තෙන් බැලුවම හොඳ වාසියක්.
පර්යේෂණවලින් තහවුරු වෙලා තියන විදිහට, සහකරුවෙක් සහකාරියක් ඉන්න අයට වඩා තනිකඩ පුද්ගලයො තමන්ගෙ නෑදෑ යාළු හිතමිත්‍රාදීන් එක්ක හුඟක් හොඳ සම්බන්ධතා පවත්වනවා ලු. මොකද ඒගොල්ලන්ට ඒකට කාලයත් තියනවා, සල්ලිත් තියනවා, නිදහසත් තියනවා නේ. ඒ විදිහට හුඟක් වටපිට අය ආශ්‍රය කරලා සමාජශීලීව ඉන්න ලැබීමෙන් තනිකඩයන්ගේ මානසික සුවයත් වැඩි වෙනවා ලු.
A 100%, home-grown brunch spot in Borella, serving up some fantastic Continental and Lankan treats.
There's a new 1979 in Dehiwala now, with BYOB and Sri Lankanised Chinese food.
We tasted every locally brewed and available beer. In the name of science!
Countries that let you in without a fuss with your Lankan passport
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Delete Comment
titteringscuba
Lack of time to write another written work, and especially if you still have an assignment for a term paper, then you can use a site https://grademiners.com/ that will write for you various written works that you need