සිංහල දෙමළ අලුත් අවුරුද්ද ළඟ ම එනවා. ඒත් කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා මේ පාර අපිට සුපුරුදු විදිහට අවුරුදු සමරන්න බැරි වෙන හැඩක් තමයි පේන්න තියෙන්නෙ. වෙනදා මේ කාලෙ වෙනකොට පැතිරෙන උත්සවශ්‍රීය මෙදා පාර දකින්නවත් නෑ.
කොහොම වුණත් ලොකුවට සමරන්න බැරි වුණත් පුංචියට පුළුවන් විදිහට පවුලේ උදවිය එක්ක ගෙදර ඉඳන් ම කිරිබතක් හදල අවුරුදු සැමරුවට වරදක් නෑනේ. ඔය කිරිබත මේසෙට ආවම මදි පාඩුවට අවුරුදු කැවිල්ලක් දෙකක් එහෙමත් තිබ්බ නං තමයි හොඳ කියලත් හැමෝට ම හිතෙන බවට සැකයක් නෑ.
ඒත් ඉතිං වෙනද වගේ අලුත් අවුරුද්දට ගෙදර හදන කැවිලි කන්න මේ අවුරුද්දෙ අවස්ථාව ලැබෙන්නෙ නැත්තෙ කැවිලි හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න එළියට පහළියට නිතර යන්න එන්න බැරිකම හින්දයි. ඉතිං අපි කල්පනා කළා ඔබේ ගෙදරට ම කැවිලි ගෙනත් දෙන්න සූදානම් වෙලා ඉන්න පිරිසක් ගැන තොරතුරු කියන්න.
කියවල බලන්නකෝ. මේ අයට ඔබේ ඇණවුම ලබා දුන්නොත් මෙදා සැරේ අවුරුදු කෑම මේසෙ කැවිලි අඩුව සම්පූර්ණ කරගන්න පුළුවන් වේවි.
අප්‍රේල් 7 - 8 දිනවල පෙ.ව. 11 සිට ප.ව. 6 දක්වා ඇණවුම් භාර ගන්නවා.
අප්‍රේල් 11 -12 දිනවල මධ්‍යහ්න 12 සිට ප.ව. 6 දක්වා කැවිලි ගෙදරට ම ගෙනත් දෙනවා.
ඩිලිවරි ගාස්තු: රු. 300
ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: බත්තරමුල්ල, රාජගිරිය, නාවල, නුගේගොඩ, නාරාහේන්පිට, කොස්වත්ත සහ කෝට්ටේ.
දුරකතන: 0768041212
කැවුම් 10
මුං කැවුම් 10
කොකිස් 10
අතිරස 6
නාරං කැවුම් 6
වැලිතලප 6
උඳු වළලු 6
ආස්මි 4
පොල් ටොෆි 10
කිරි ටොෆි 10
සහිත කැවිලි පෙට්ටිය: රු. 2300
ඇණවුම අප්‍රේල් 10 දාට පෙර ලබා දිය යුතුයි.
අප්‍රේල් 11, 12, 13 දිනවල කැවිලි ගෙදරට ම ගෙනත් දෙනවා.
ඩිලිවරි ගාස්තු: රු. 250
ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ නගරය අවට පමණයි
දුරකතන: 0776860019 (වට්සැප්)
කැවිලි වර්ග: කොණ්ඩ කැවුම්, කොකිස්, මුං කැවුම්, වැලිතලප, අතිරස
ඇණවුම අප්‍රේල් 10 දාට පෙර ලබා දිය යුතුයි.
අප්‍රේල් 12 කැවිලි ගෙදරට ම ගෙනත් දෙනවා.
ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ නගරය අවට පමණයි
දුරකතන: 0777664865
www.lilys.lk වෙබ්අඩවිය ඔස්සේ ඇණවුම් භාර ගන්නවා.
ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 01-15, රාජගිරිය, නාවල, බත්තරමුල්ල, දෙහිවල, රත්මලාන, ගල්කිස්ස, නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, කොට්ටාව සහ අතුරුගිරිය
කොණ්ඩ කැවුම් 5
මුං කැවුම් 5
කොකිස් 5
ආස්මි 2
පැණි වළලු 4
අතිරස 5
සහිත කැවිලි පෙට්ටිය: රු. 2000
ඒ හැර බූන්දි, දොදොල්, අග්ගලා, තලබෝල, පුහුල් දෝසි, වැලිතලප සහ මස්කට් වැනි ජාතිත් මේ අය ළඟ තියනවා.
ඇණවුම අප්‍රේල් 10 දාට පෙර ලබා දිය යුතුයි.
ඩිලිවරි ගාස්තු: රු. 250
ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මාලබේ, කඩුවෙල, පිටකෝට්ටේ, කිරිබත්ගොඩ, කැලණිය, රාජගිරිය, නාවල, පැලවත්ත, බත්තරමුල්ල, කොස්වත්ත.
දුරකතන: 0777523317/ 0713570641 (වට්සැප්)
Dolce Italia's Skelton Road outlet is a beautiful house-turned-restaurant with a warm ambience and some stellar dessert options. Their pizza is alright,…
A restaurant serving authentic Turkish and German food.
A home baker with great brownies offered at wallet-friendly prices.
Arguably the best grill in CMB.
Dolce Italia's Skelton Road outlet is a beautiful house-turned-restaurant with a warm ambience and some stellar dessert options. Their pizza is alright,…
Delete Comment