Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

කොච්චර උත්සාහ කළත් බර අඩු වෙන්නෙ නැද්ද? හේතු මේවා විය හැකියි!

බර අඩු කරගන්න බැරි හේතුව!

Posted by

සිරුරේ අධික බර.. හුඟ දෙනෙක්ව මානසික පීඩනයට පත් කරන ප්‍රශ්නයක්. ඒ නිසා ම බර අඩු කරගන්න ඕන ම කෙනෙක් නොකරන දෙයක් නෑ. සමහරු ඒ වැඩේ සාර්ථක කරගත්තට මොකද, තවත් සමහරු කොච්චර උත්සාහ කළත් ලේසියෙන් බර අඩු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. මේකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද? හේතුව අඳුනගත්තොත් අපිට පුළුවන් ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න.

කොච්චර ට්‍රයි කළත් බර අඩු වෙන්නෙ නැත්තං ඔයාගෙ බර අඩු කරගැනීමේ ක්‍රියාවලියේ කොහෙහරි වරදක් තියනවා. මේ තියෙන්නේ ඒ විදිහට වැරදෙන්න පුළුවන් තැන් කීපයක්. බලන්නකො ඔයාටත් බර අඩු කරගන්න බැරි හේතුව මෙතන තියනව ද කියලා.

1 කන දේවල් ගැන සිහියෙන් නෙවෙයි ද?

බර අඩු කරගන්න නම් ගන්න ඕන මූලික ම පියවරක් වෙන්නෙ කෑම පාලනය කියල කොයි කවුරුත් හොඳින් දන්නව නේ. හැබැයි ඉතින් කෑම පාලනය කියන එක නිවැරදි අවබෝධයෙන් යුතුව කරන්න ඕන දෙයක්. හිතුණ හිතුණ විදිහට කෑම නොකා හිටියොත් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හිඟ වෙලා වෙන වෙන අසනීප හැදෙන්න පුළුවන්.

නිවැරදිව කෑම පාලනය කරන කෙනෙක් නම්, තමන් සිරුරට ඇතුළු කරගන්න කෑම ගැන සහ එහි ප්‍රමාණය ගැන සටහනක් ළඟ තියාගන්න එක වටිනවා. එහෙම නැති වුණොත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් කැලරි ඇඟට ඇතුළු වීම, අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන් සිරුරට ඇතුළු නොවීම වගේ ගැටලු උද්ගත වෙන්න පුළුවන්.

තව දෙයක්.. ඩයට් කරන එක ගැන ඕනවට වැඩිය ෆෝකස් කරන්න යන්න එපා. ඒ වෙනුවට සෞඛ්‍ය සම්පන්න ශරීරයක් හිමි කරගැනීම ගැන ෆෝකස් කරන්න. ‘මං ඩයට් කරනවා’ කියන එක අනවශ්‍ය විදිහේ බරක්, පීඩනයක් කරගත්තොත් කවදාවත් බර අඩු කරගන්න බැරුව යයි. ඒ නිසා ඩයට් කරන එක ගැන නෙවෙයි, නිරෝගී සිරුරක් ලබාගැනීම ගැන හිතන්න.

2 නිවැරදිව ව්‍යායාම කරන්නෙ නැද්ද?

කෑම පාලනය කරල විතරක් බර අඩු කරන්න ද හිතන් ඉන්නෙ? ඒක නම් හරි යන වැඩක් නෙවෙයි. තරබාරු බව අවම කරගන්න ව්‍යායාම අනිවාර්යයි. ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම වගේ ව්‍යායාමවලින් සිරුරේ අධික මේදය දහනය කරගන්න පුළුවන්. කැමති නම් යෝගා ව්‍යායාමවල යෙදෙන්නත් පසුබට වෙන්න එපා.

3 සීනි පාලනයක් නැද්ද?

බර අඩු නොවෙන තවත් ප්‍රධාන ම හේතුවක් සීනි. ඔයා දැනුවත්ව සීනි ඇඟට ඇතුළු කරගත්තේ නැතත්, නොදැනුවත්ව ඇඟට සීනි ඇතුළු වෙන්න පුළුවන්. මේක වැඩිපුර ම වෙන්නේ බීම වර්ග හරහා. සිසිල් බීම, සෝඩා වර්ග වගේ ම පලතුරු යුෂවලින් වුණත් සිරුරට සීනි ඇතුළු වෙලා මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මොකද සීරෝ ෂුගර්/ ලෝ ෂුගර් කියල ලේබල් එකේ ගහල තියන බීම වර්ගවල පවා යම් තරමක් සීනි අඩංගු වෙලා තියන නිසා.

4 සුව නින්දක් ලබන්නෙ නැද්ද?

නිරෝගී සිරුරකට නින්ද හරි ම වැදගත්. සුව නින්දක් ලැබීම කායික සෞඛ්‍යය විතරක් නෙවෙයි මානසික සෞඛ්‍යයත් යහපත්ව තියාගන්න බලපානවා. අඩු නින්දක් ලැබීමෙන් සිරුර අධිකව තරබාරු බවට පත් වීමේ අවදානමක් තියන බව විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වෙලා තියනවා. වැඩිහිටියන්ටත් වඩා මේ අවදානම දරුවන්ට තදින් ම බලපාන බවයි ඒවායින් හෙළි වෙන්නේ.

5 වතුර බොන්න අමතක වෙලා ද?

අධික වැඩ රාජකාරිවල නිරත වෙනකොට අපිට නිතර ම අතපහු වෙනවා වතුර බොන්න. හැබැයි මේක අමතක නොකළ යුතු පුරුද්දක්. බර අඩු කරගන්න එක ඇරුණම වතුර බොන එකෙන් අත් වෙන තවත් ගොඩක් ප්‍රයෝජන තියනවා. විශේෂයෙන් කෑම වේලකට පැය බාගෙකට කලින් වතුර වීදුරුවක් බොන්න පුරුදු වුණොත්, අපි ඇඟට ඇතුළු කරගන්න කැලරි දහනය වීමේ ප්‍රමාණය වැඩි කරගන්න හැකියාව තියනවා.

6 ඇල්කොහොල් පාවිච්චිය අධිකයි ද?

බියර්, වයින්, කොක්ටේල් ජාති වගේ ඇල්කොහොල් වර්ගවලින් සිරුරට එකතු වෙන සීනි සහ කැලරි ප්‍රමාණය අධිකයි. ඒ නිසා ඔයත් නිතර නිතර බොන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නං කොච්චර ඩයට් කරත් වැඩක් නැති වෙයි. ඉතින් බර අඩු කරගන්න ඕනෑකමින් ඉන්නවා නං මත්පැන් පාවිච්චිය මධ්‍යස්ථව තියාගන්න අමතක කරන්න එපා.

Leave a comment