කොච්චර රහ ජාති රහ බලන්න ලැබුණත්, ලංකාවෙ අපිට බත් නොකෑවොත් නින්ද යන්නෙ නෑ කියල දන්නව නෙ? ඉතිං මේ ඇඳිරි නීති කාලෙ නං හැමෝම වගේ ගෙවල්වල නිසා කට්ටියට තුන් වේලට ම ඇති තරං බත් කන්න හම්බෙනව ඇති. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ, මේ ටිකේ ම කන්න ලැබුණේ එක ම ජාති නේද? ඇඳිරි නීතිය නිසා එළිපහළියට බහින්නත් අමාරු නිසා, එක එක ජාතියෙ කරීස් ගෙදර හදන්න මේ දවස්වල ටිකක් අමාරුයි. ඒ නිසා, පොඩි වෙනසකට වගේ කඩේ බත් එකක රහ බලන්න ලැබුණොත් කොහොම ද! මේ කියන්න යන්නෙ ඒකට ක්‍රමේ..
ඔයා ඉන්නෙ කොළඹ අවට නං, මේ පහළ ලිස්ට් එකේ තියන කෑම කඩවලින් ලෑස්ති වෙලා ඉන්නව, ඇඳිරි නීතිය අතරෙ වුණත් ඔයා ඉන්න තැනට ම රයිස් ඇන්ඩ් කරි ඩිලිවර් කරන්න..
*ඇඳිරි නීතිය අතරෙ කෑම ඩිලිවර් කරන රෙස්ටොරන්ට්වල සම්පූර්ණ ලැයිස්තුව බලන්න, මෙතන ක්ලික් කරන්න.
කාල බලන් එකේ රයිස් ඇන්ඩ් කරි ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනේ. එයාලගෙ කෑමවල රස ගුණ ගැන අපි හැමෝම දන්නවා. දේශීය කෑම වේලක යහගුණ එක්ක එන මේ අයගේ බත් පැකට් එකේ එළවළු හතරක් එක්ක මස්/ මාළුවලින් අපි කැමති දෙයක් අඩංගු වෙනවා.ඒගොල්ලන්ගේ පෝක් කරිය ගැනත් විශේෂයෙන් මතක් කරන්න ඕන. මේ අයගෙ කෑම ලබාගන්න පුළුවන් දවල් කෑම විදිහට විතරයි. වැඩි විස්තර දැනගන්න කාල බලන් එකේ ෆේස්බුක් පිටුවට ඇහැ ගහගෙන ඉන්න. එදිනෙදාට උයන එළවළු වර්ග ගැන එහෙම එයාල ඒකෙ විස්තර පළ කරනවා. මිල ගණන් පහත පරිදියි.
කොළඹ තියන පරණ ම කේටරිං සර්විස් එකක් වෙන ගෝල් කෙටරර්ස් දැන් රයිස් ඇන්ඩ් කරි ඩිලිවර් කරන්න ලෑස්තියි. හැබැයි මේ අය තනි පුද්ගලයෙකුට විතරක් කෑම ඩිලිවර් කරන්නෙ නෑ. මෙතනින් ගෙන්නගන්නවා නං පවුලේ හැමෝට ම කන්න පුළුවන් තරමේ ලොකු කෑම වේලක් තමයි ලබාගන්න පුළුවන්. මේ කෑම වේලට බත්, චිකන් හෝ වෙනත් මස් වර්ගයක් සහ එළවළු වර්ග හතරක් ඇතුළත්. සම්පූර්ණ කෑම වේල 6 දෙනෙකුට ප්‍රමාණවත්. ලන්ච්, ඩිනර් දෙක ම මෙයාලගෙන් ලබාගන්න පුළුවන්. මිල ගණන් පහත පරිදියි.
COi by Vichalya එකට ම අයිති ක්ලවුඩ් කිචන් එකක් වෙන මේක, 10 දෙනෙක් දක්වා පිරිසට බෙදාහදාගෙන කන්න පුළුවන් කෑම වේල් කීපයක මෙනු එකක් හඳුන්වලදීල තියනවා. ඒගොල්ලන්ගේ රයිස් ඇන්ඩ් කරිවලට අමතරව බීෆ් කරියත් සුපිරි බව මතක් කරන්න ඕන. මිල ගණන් පහත පරිදියි.
කරිමච් එකේ දවල් කෑම රු. 250 සිට ඉහළට ලබාගන්න පුළුවන්. මෙයාලගෙ ඉස්සො කරිය එහෙම පංකාදු නිසා පුළුවන් නං ට්‍රයි කරල බලන්න.
මෙතනින් ලැබෙන බත් එකේ ඔබ කැමති මස් හෝ මාළු වර්ගයක්, එළවළු දෙකක්, සලාදයක්, චට්නි/ අච්චාරු සහ පපඩම් ඇතුළත් වෙනවා.
රේණුකා හොටෙල් එකේ පැල්මයිරා එකෙන් ලන්ච් වගේ ම ඩිනර් එහෙමත් ඩිලිවර් කරන්න ලෑස්තියි. හැබැයි මෙයාල ඩිලිවර් කරන්නේ බත් පැකට් විදිහට නෙමෙයි. ඒ වෙනුවට ඔයා කැමති විදිහට බත්, කරීස්, මස්මාළු වර්ග එහෙම වෙන වෙන ම ගන්න පුළුවන්. මෙයාලගෙ ජැෆ්නා ස්ටයිල් කරීස් එහෙමත් ට්‍රයි කරන්න අමතක කරන්න එපා.
මුළු පවුලට ම හරි යන්න කහ බත් සවානක් ගෙන්නමු ද? මෙතන තමයි හොඳ ම තැන. මෙයාලගෙ ඇඹුල් තියල් වගේ ම, මීගමු ස්ටයිල් ඉස්සො කරිය එහෙමත් නියමයි.
High tea round-up of 2021.
Post-lockdown high tea seshs in Colombo.
The 2021 edition of buffets in Colombo.
නූතන සමාජයට හැඩගැහෙන්න පුළුවන්කම තිබුණත්, ඒ වෙනුවට තමන්ගේ…
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
Delete Comment